Vaginal Dryness නොහොත් යෝනිය ආශ්‍රිත වියලි බව

Menopause වලින් පසු vaginal dryness ඇති වීම ඕනෑම කාන්තාවකට පොදුවූ ගැටළුවක්. කෙසේ නමුත් ප්‍රමාණවත් තරම් vaginal lubrication නොමැති වීම ඕනෑම වයසකදී ඇති වෙන්න පුළුවන්.

Symptoms

Vaginal dryness පහත සදහන් ලක්ෂණ වලින් සමන්විත වෙනවා.

  • කැසීම - Itching or stinging around the vaginal opening and the lower part of the vagina
  • දැවිල්ල - Burning
  • තුවාල වීම - Soreness
  • Intercourse එකක් අතර තුරේදී bleed වීම හෝ pain එකක් දැනීම
  • හදිසියේම හෝ නිරන්තරයෙන් මුත්‍රා කිරීමේ අවශ්‍යතාවය
  • මුත්‍රා ආසාදන ඇති වීම

Doctor කෙනෙක් හමු වීමට නොගියත් vaginal dryness කියන්නේ බොහොමයක් කාන්තාවන් අතර සුලබව පවතින ගැටළුවක්. මේ හේතුව නිසා ඔබට enjoyable sex life එකක් ගත කිරීමට අවස්ථාවක් නොලැබිය හැකියි. එම නිසා හොදම දේ තමයි මේ සඳහා doctor කෙනෙක්ගෙන් උපදෙස් ලබා ගැනීම.

Causes

Vaginal dryness සඳහා හේතු වන කරුණු කීපයක් පහතින් දැක්වෙනවා.

Estrogen මට්ටම අඩු වීම

Vaginal dryness වලට ප්‍රධානම හේතුව තමයි estrogen මට්ටම අඩු වීම. Estrogen කියන කාන්තා හෝමෝනය vaginal lubricant මට්ටම maintain කරලා vaginal tissues නිරෝගිව තියන්න උදවු කරනවා. ඒත් එක්කම vaginal tissues වල තියන ආම්ලික ගතිය සහ ඇදෙන සුළු ගතියත් ආරක්ෂා කරනවා. මෙමගින් vaginal and urinary infections වලට එරෙහිව ස්වභාවික ආරක්ෂාවක් නිර්මාණය කරනවා. නමුත් estrogen මට්ටම අඩු වෙනවත් එක්කම මෙම ආරක්ෂාවත් අඩු වෙලා ආසාදන ඇති වීමට ඇති ඉඩ කඩ වැඩි වෙනවා. Estrogen මට්ටම විවිධ හේතු මත අඩු විය හැකියි.

  • Menopause / Perimenopause
  • Child birth
  • Breast feeding
  • සැත්කමක් මගින් ඩිම්බ කෝෂ ඉවත් කර තිබීම
  • Immune disorders
  • Cigarette smoking

Medications

ඔබ යම්කිසි දෙයක් සඳහා බෙහෙත් පාවිච්චි කරනවානම් එම බෙහෙත් මගින් ඔබගේ ශරීරයේ යම් යම් කොටස් වල moisture ගතිය අඩු කරන්න පුළුවන්. මේ හේතුවෙන් vagina එකෙත් moisture ගතිය අඩු වෙන්න පුලුවන්. Brest cancer වලට use කරන anti-estrogen medication වලින් vaginal dryness ඇති වෙන්න පුළුවන්.

Tests and Diagnosis

Pelvic Exam

මේ ක්‍රමයේදී normally වෙන්නේ ඔබගේ බාහිර ලින්ගේන්ද්‍රය (Genitalia), යෝනිය (Vagina) සහ ගැබ් ගෙල (Cervix) ප්‍රදේශය පරීක්ෂා කර බලනවා. මෙසේ කරන්නේ doctor විසින් gloved finger එකක් ඔබගේ vagina එක තුලින් ඇතුල් කිරීම මගින්.

Pap Test

Cervical cells පරීක්ෂා කිරීම තුලින් තමයි මෙය සිදු කරන්නේ.

Urine Test

මුත්‍රා ආශ්‍රිත ආසාදනයක් ඇත්නම් මුත්‍ර සාම්පලයක් පරීක්ෂා කිරීම තුලින් මෙය සිදු කරනු ලබනවා.

Treatments and Drugs

Vaginal estrogen cream

මෙම cream එක රෑට නිදා ගන්න විට vagina එකේ apply කරන්න ඕනේ. ඔබේ doctor ඔබට උපදෙස් දෙයි කොතරම් වාර ගණනක් හා කොතරම් ප්‍රමාණයක් අලේප කල යුතුද යන්න.

Vaginal estrogen ring

මෙහිදී doctor විසින් vagina එකේ upper part එකට soft flexible ring එකක් ඇතුල් කරනවා. මේ ring එකෙන් constant estrogen dose එකක් release වෙනවා.

Contact DailyLife.lk

or drop an E-Mail to