Menstruation නොහොත් ඔසප් වීම

Menstruation කියන්නේ මොකක්ද?

Menstruation නොහොත් ඔසප් වීම periods හැදීම කියලත් හදුන්වනවා. Menstruation කාන්තාවකගේ ජීවිතයේ නිරෝගී තත්වය විදහා පාන අතර එය කාන්තාවකට ඉතාමත් සාමාන්‍ය දෙයක්. Before or during menstruation සමහර කාන්තාවන් යම්කිසි අපහසුතා තත්වයක් අත් විදිනවා. බොහොමයක් තරුණ කාන්තාවන් වයස අවුරුදු 09ත් - 16 ත් අතර එයාලාගේ first periods පටන් ගන්නවා. වයස අවුරුදු 16 ක් පමණ වෙලත් periods පටන් ගත්තේ නැත්නම් doctor කෙනකේ consult කරන එක තමා කරන්න තියන හොදම දේ.

Menstrual Cycle එක කියන්නේ මොකක්ද?

Menstrual Cycle එක කියන්නේ period එකක first day එකේ ඉදන් next period එකේ first day වෙනකන් තියන time period එක. Normal Menstrual Cycle එකක් 21 days තරම් short වෙන්නත් 35 days තරම් long වෙන්නත් පුළුවන්. ගොඩක් කාන්තාවන්ට menstrual cycle එක 25 – 30 days වගේ වෙනවා. But, මේ දවස් ගාන month එකෙන් month එකට වෙනස් වෙනවා.

Normally, periods 3-7 days විතර තියනවා. මේ දවස් ගාන ටිකක් අඩු වෙන්නත්, වැඩි වෙන්නත් පුළුවන්. Periods ඉවර උනහම hormones මගින් ovaries වල ඇති eggs, mature කරනවා. ඒ අතරම hormones මගින් ගර්භාශයේ (Uterus) ඇති lining (layers) ඝනකම් කරනවා.

Menstrual cycle එක අතර මැදදී එක mature egg එකක් ඩිම්බ කෝෂය (Ovary) ඇත හරිනවා. එය ඩිම්බනීහරණය (Ovulation) ලෙස හදුන්වනවා. සමහර කාන්තාවන්ට ovulate වෙනකොට දැනෙන්නේ නැහැ. But, සමහර කාන්තාවන්ට ovulate වෙනකොට යටි බඩේ pain එකක් එනවා.

ඩිම්බ කෝෂය අත හැරියට පස්සේ egg එක fallopian tube එක දිගේ ගර්භාෂය (Uterus) දිහාට ගමන් කරනවා. Fallopian tube එක දිගේ egg එක ගමන් ගන්නා විට spongy, soft lining uterus එකේ හැදෙන්න පටන් ගන්නවා. මේ lining එකේ තමයි fertilized egg එක attach වෙන්නේ pregnancy එකක් පටන් ගන්න. Pregnancy එකක් සිද්ධ උනේ නැත්නම් lining ටික කැඩිලා blood and tissues ටික ගර්භාශයේ සිට ගැබ් ගෙල (Cervix) හරහා body එකෙන් එලියට යනවා. මේ process එකට තමයි periods කියන්නේ. Average period එකක් අතර තුරේදී තේ හැඳි 04 ක පමණ ප්‍රමාණයක menstrual fluid කාන්තාවකගේ ශරීරයෙන් පිට වෙනවා.

Should I use Pads, Tampons, Menstrual Cups?

ලංකාවේ ගත්තොත් වැඩියෙන්ම use කරන්නේ pads. Tampons & Menstrual Cups වගේ methods උනත් use කරන්න පුලුවන්. තමන්ට හරියන හොදම method එක මොකක්ද කියලා හොයා ගන්න තියන හොඳම විදිහ තමයි different methods try කරලා බලන එක.

Under ware එකට stick කරලා තමයි වැඩි හරියක් pads use කරන්නේ. පැය කීපයකට පසු හෝ pad එක menstrual fluid වලින් පෙගුනට පසු pad එක change කරන්න ඕනේ. රෑට නිදා ගන්නා විට ඝනකම් pad එකක් පැළදිය යුතුයි.

Tampons & Menstrual cups යෝනි මාර්ගයේ (Vagina) තුල fit වෙලා හිටියනවා. ඒවා යෝනි මාර්ගයේ බිත්ති වලට තද වෙලා තමයි හිටින්නේ. Tampon එකක් හෝ menstrual cup එකක් ඇතුල් කිරීම වේදනා සහගත දෙයක් නෙමේ. නමුත් මේ සදහා හොඳ හුරුවක් අවශ්‍ය වෙනවා.

Menstruation අතරතුරේදී cramp එකක් හට ගන්නේ ඇයි?

Menstruation අතරතුරේදී lining වලට පහසුවෙන් ශරීරයෙන් වෙන් වෙලා එලියට යා හැකි වන ආකාරයට ගර්භාෂය හැකිලීමකට ලක් වෙනවා. මේ නිසා තමයි cramp එකක් ඇති වෙන්නේ. Menstrual cramp බොහෝ විට ඇති වෙන්නේ යටි බඩ ප්‍රදේශයේ වේදනාවක් ඇති වීම මගින්. බොහොමයක් කාන්තාවන් වයසින් වැඩි වනවාත් සමගම මෙම වේදනාවත් අඩු වේගෙන යනවා.

Menstrual cramps වලින් සහනයක් ලබා ගැනීමට කල යුත්තේ මොනවද?

කාන්තාවන්ට menstrual cramps වලින් සහනයක් සලසා ගැනීම සඳහා ක්‍රම කීපයක් භාවිතා කරන්න පුළුවන්.

  • ව්‍යායාම් කිරීම
  • විවේක ගැනීම
  • Hot water වලින් නෑම
  • Heating pad එකක් use කිරීම
  • Pain killers use කිරීම

සමහර අවස්ථා වලදී මෙම cramps එදිනෙදා වැඩ කටයුතු කර ගැනීමට අපහසු වන තරමට වේදනාකාරී වන්නට පුළුවන්.

Premenstrual syndrome (PMS) කියන්නේ මොකක්ද?

Premenstrual syndrome (PMS) කියන්නේ menstruation පටන් ගන්න සතියකට හෝ දෙකකට කලින් ඇති වන physical or emotional changes. බොහොමයක් කාන්තාවන්ට පහත සඳහන් කරුණු වලින් එකක් හෝ ඇති වන්න පුළුවන්.

  • කුරුලෑ ඇති වීම
  • ටිකක් මහත් වීම
  • Breast මෘදු වීම
  • Depression
  • මහන්සියක් දැනීම
  • කෑම ආශාවක් ඇති වීම
  • හිසරදය
  • Joint or muscle pain
  • නිදිමත ගතිය

Period Miss උනොත් හෝ menstrual cycle එක irregular උනොත් මොකද?

කාන්තාවකට period miss උනොත් හෝ late උනොත් සිතට නැගෙන එකම දෙය pregnant වීම සම්බන්දවයි. ඔබ pregnant ද නැද්ද කියා දැන ගැනීමට තිබෙන එකම මාර්ගය pregnancy test එකක් කර ගැනීමයි.

කෙසේ වෙතත් සමහර කාන්තාවන්ට irregular periods ඇති වීම සාමාන්‍ය දෙයක්. සමහර වෙලාවට ඔබට period miss වෙන්න පුළුවන්. ඒ වගේම සමහර වෙලාවට periods කලින් හෝ පරක්කු වෙලා පටන් ගන්න පුළුවන්. කාන්තාවකගේ menstrual cycle එක change වෙන්න විවිධ හේතු බලපානවා. පහත දැක්වෙන්නේ ඒවායින් කරුණු කීපයක්.

  • Birth control
  • Hormone අසමතුලිතතාවය
  • ලෙඩ රෝග සැදීම
  • විවිධ බෙහෙත් වර්ග භාවිතා කිරීම (Medication)
  • ආර්තවාභාවය (Menopause)
  • පමණට වඩා exercise කිරීම
  • Poor nutrition
  • ආතතිය (Stress)
  • Sudden weight gain or loss
  • Travel

Menstrual cycle එක පිලිබදව doctor කෙනෙක් මුණ ගැසිය යුත්තේ කුමන අවස්ථා වලදීද?

කාන්තාවකගේ menstrual cycle එක normalද නැද්ද කියා බොහෝ කාන්තාවන්ට විශ්වාසයක් නැති වන්න පුළුවන්. එවන් අවස්ථාවක හොදම දේ තමයි doctor කෙනෙක් මුණ ගැසෙන එක. පහත සඳහන් අවස්ථා වලදී doctor කෙනෙක් මුණ ගැසීම ඉතා වැදගත්.

  • අසාමාන්‍ය ආකාරයට දිගු කාලයක් bleed වීම සිදු වන විට
  • අසාමාන්‍ය ආකාරයට වැඩි පුර bleed වීම සිදු වන විට
  • අවුරුදු 16 වූ පසුත් periods නොසැදුනු විට
  • Before or during menstruation ඔබට ඉතා තද බල pain එකක් ඇති වේ නම්
  • Periods දෙකක් අතර තුර අසාමාන්‍ය ලේ ගැලීමක් සිදු වන විට
  • Tampons use කරන විට sick වීම
  • Periods නැවතුන විට හෝ හදිසියේම irregular වූ විට

Contact DailyLife.lk

or drop an E-Mail to