Menopause නොහොත් ආර්තවාභාවය

Menopause කියන්නේ මොකක්ද?

Menopause කියන්නේ කාන්තාවකට එයාගේ අන්තිම periods හැදෙන කාලය. මෙය සිදු වන්නේ ඩිම්බ කෝෂ මගින් ඩිම්බ නිකුත් කරන එක නතර උනහම. සමහර කාන්තාවන්ට මෙය එක පාරට සිදු වෙනවා. නමුත් සමහර කාන්තාවන්ට මේක සිදු වන්නේ gradual process එකක් විදිහට.

ඔබ pregnant වෙලත් නැතුව වෙනත් කිසියම් ලෙඩ රෝගයකුත් නැතුව අවුරුද්දක පමණ කාලයක් periods හැදෙන්නේ නැතුව තිබුනා නම් ඔබ menopause තත්වයකට ලගා වෙලයි තියෙන්නේ. Normally, කාන්තාවන් වයස අවුරුදු 50 ක් පමණ වන විට menopause තත්වයකට ලගා වෙනවා.

Perimenopause කියන්නේ මොකක්ද?

Menopause තත්වයක් ඇති වෙන්න කලින් කාන්තාවකගේ ශරීරයේ ඇති වන gradual change එක perimenopause එකක් කියලා හදුන්වනවා. Perimenopause එකක් usually ඇති වෙන්නේ වයස අවුරුදු 45 ත් 55 ත් අතර. නමුත්, මෙය වයස අවුරුදු 40 පමණ වන විට උනත් පටන් ගන්න පුළුවන්.

කාන්තාවන් වයසට යනවාත් සමගම ශරීරය මගින් estrogen and progesterone කියන hormone අඩුවෙන් නිපදවන්න පටන් ගන්නවා. Perimenopause එකකදී menstruation පටන් ගන්න කලින් කාන්තාවකගේ hormone level එක කාන්තාව මල්වර කාලයේ (Puberty) තිබුන තත්වයට පත් වෙනවා.

Menopause symptoms කියන්නේ මොනවද?

ඔබ menopause තත්වයකට ලගා වෙනකොට menstrual periods change වෙන්න පටන් ගන්නවා. මේ කාලයේදී periods අතර ඇති කාල පරාසය කෙටි වීමට හෝ දිගු වීමට පුළුවන්. කෙසේ වෙතත් මෙය month to month වෙනස් වෙනවා.

Periods වෙනස් වෙනවත් එක්කම ශරීරයේ නොයෙකුත් අනෙත් වෙනස් කමුත් දක්නට ලැබෙනවා. මේවා මොනවාද කියා හරි හැටි නොදැන සිටීම මගින් සමහර කාන්තාවන් මේ ගැන අනිසි බියක් ඇති කර ගන්නවා. පහත දැක්වෙන්නේ common menopause symptoms වලින් කීපයක්.

  • Sexual desire එකේ වෙනස් වීම්
  • අධික ලෙස දහදිය දැමීම
  • නිරන්තර මුත්‍ර ආසාදන ඇති වීම
  • නිරන්තර මුත්‍ර කිරීමේ අවශ්‍යතාවය (Frequent urination)
  • Hot flashes (Sudden or gradual waves of body heat that last from 30 seconds to 05 minutes)
  • රෑට දහදිය දැමීම (Night sweats)
  • නිදා ගැනීමේ අපහසුතාවය
  • යෝනි ප්‍රදේශයේ වියලි ගතිය (Vaginal dryness / Painful Intercourse)

සමහර කාන්තාවන්ට මේවයින් එකක් හෝ කීපයක් තිබිය හැකි අතරම සමහර කාන්තාවන්ට මෙම ලක්ෂණ වලින් එකක්වත් නොතිබෙන්න පුළුවන්.

Hot flashes & night sweats ඇති වන්නේ ඇයි?

Menopause එකක් අතර තුරේදී ශරීරයේ ඇති hormone level එක change වීම තුලින් තමයි hot flashes & night sweats ඇති වෙන්නේ.

Hot flash එකකදී ඔබගේ ඇගිලි වල සියුම් වේදනාවක් දැනීමක් හෝ heart beat එකේ වැඩි වීමක් වෙන්න පුළුවන්. මේ අතරම skin temperature එක වැඩි වෙන්න පුළුවන්.

Night sweats ඇති වන්නේ කාන්තාවන් නිදා ගෙන ඉන්නා අතර තුරෙමයි. මෙමගින් bed sheets තෙත් වන තරමට ඔබට දහදිය දමන්නට පුළුවන්.

Hot flashes වලින් සහනයක් ලබා ගන්නේ කෙසේද?

  • නිරන්තර ව්‍යායාම වල යෙදීම
  • Hot flash එකක් අතර තුරේදී හෝ නිදා ගැනීමට පෙර ඇල් වතුරෙන් නෑම
  • Stress level එක අඩු කර ගැනීම
  • Alcohol, caffeine, hot drinks & spicy foods ගැනීම අඩු කිරීම
  • නිදා ගන්න විට සිනිදු ඇදුම් ඇදීම

Menopause ලිංගික ජීවිතය සඳහා බලපායිද?

ඔව්. Perimenopause ලක්ෂණ පහල උන පසු කාන්තාවකට sexual desire එක අඩු වෙනවා. නමුත් සමහර කාන්තාවනට menopause symptoms නැවතුනාට පස්සේ නැවත sexual desire පහල වෙනවා. කෙසේ වෙතත් 3/10 ක් කාන්තාවන්ටම menopause symptoms ඉවර උනාට පස්සේ කලින් තිබුනා වගේ sexual desire ඇති වෙන්නේ නෑ. එකට common reason එක තමයි vaginal dryness. Water soluble lubricants use කරලා vaginal dryness එක අඩු කර ගන්න පුළුවන්.

Contact DailyLife.lk

or drop an E-Mail to