අධික සීතල වතුර අපේ ශරීර සෞඛ්‍යට අහිතකරද?

රස්නේ දවස් වලට අයිස් වතුර වීදුරුවක් බොන්න තිබ්බනම් කොහොමද? අධික ලෙස දහඩිය දාන දවස් වලට අයිස් වතුර ටිකක් බිව්වහම දිව්‍යලෝකේ ගියා වගේ නේද දැනෙන්නෙ.

අයිස් වතුර බීමට පුරුදු වූ ඔබ සිතනවා ඇති ඕනෑම ආකාරයක ජලය පානය කිරීම ඔබේ සෞඛ්‍යට හොදයි කියලා.එහෙත් සීතල වතුර බිව්වම අපේ ශරීර සෞඛයට වන හානිය ඔයාලා දන්නවනම් වතුර බොන්න ශීතකරණය ළගට යාමට පෙර ඒ ගැන දෙවරක් සිතනවා නොඅනුමානයි.

අපි බලමු සීතල වතුර බිව්වහම අපේ සෞඛ්‍යට වන හානිය මොකක්ද කියලා.

  • සීතල ජලය/cool බීම පානය කලහම ඒක ඔබගේ රුධිර වාහිනී හැකිලීමට හේතුවක් වෙනවා.එය ඔබගේ අහාර ජීර්ණයද සීමා කරනවා.විජලනයටද හේතුවක් වෙනවා.මේ නිසා නිසි පෝෂණ පදාර්ථ ශරීරයට නොලැබී යනවා.මෙය මලබද්ධය ඇති වීමට පවා හේතුවක් වෙනවා.
  • තවද,ආහාර ජීර්ණය කිරීම හා පෝෂ්‍යදායී කොටස් අවශෝෂණය කිරීමට උත්සාහ කරනවා වෙනුවට ශරීරය උත්සාහ කරන්නේ සිරුරේ උෂ්ණත්වය පාලනය කිරීමට.මේ නිසා ඔබේ ශරීරයට අවශ්‍ය පෝශ්‍ය කොටස් නොලැබී යනවා.
  • ආහාර වේලෙන් පසුව සීතල ජලය පානය කල විට සිරුරේ අතිරේක තන්තු නිර්මාණය වීමක් සිදුවෙනවා.මෙහි ප්‍රතිපලයක් ලෙස ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය අඩුවෙනවා.එමනිසා උගුරේ සෙම්ගෙඩි ආදිය හටගැනීමට වැඩි ඉඩක් තියනවා.
  • සීතල ජලය පානය කිරීමෙන් vagus නම් ස්නායුවේ උත්තේජනයක් හටගන්නවා.මෙම ස්නායුව සාමාන්‍ය තත්වයට පත්වී ශරීර උෂ්ණත්වය සාමාන්‍ය තත්වයට පත්වන තෙක් ඔබේ හර්ද ස්පන්දන අනුපාතයද අඩුවෙනවා.
  • සීතල ජලය ශරීර උෂ්ණත්වය අඩු කරනවා.මේ තත්වය නිසා මේදය ඝනීකරණය වීමට ඉඩ තියනවා.මෙමගින් ඔබේ සිරුරේ අතිරේක මේද තැන්පත් වීමක් සිදුවෙනවා.

අයිස් ජලය පානය කිරීමෙන් ඔබගේ ශරීරය කෙටි කාලයකින් ප්‍රබෝධමත් කර උත්තේජනය කරනවා.නමුත් එය දිගුකාලීනව ඔබේ ශරීරයට අහිතකර ලෙස බලපෑ හැකියි.ඉතින් ඔබේ ශරීරයට තාවකාලික සහනයක් ලබා ගැනීමට උත්සාහ කරනවා වෙනුවට කාමර උෂ්ණත්වයේ ඇති ජලය පානය කිරීමට පුරුදු වන්න. ඒ මගින් ඔබේ සෞඛ්‍යය තුල විශාල වර්ධනයක් ඇති කර ගන්න ඔබට පුළුවන්.

Contact DailyLife.lk

or drop an E-Mail to