ඖෂධ නොමැතිව ඔබේ කොලෙස්ටරෝල් අඩු කර ගනිමු

අද බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්ණයක්තමයි කොලෙස්ටරෝල්.නවීන තාක්ෂණයේ දියුණුවත් සමගම අපේ ආච්චිලා,සීයලා දෑතින් කරපු වැඩ දැන් කරන්නේ මැෂින් වලින්.ස්වභාවික ආහාර වෙනුවට දැන් ගන්නේ ක්ෂණික ආහාර.ඔය වගේ හේතු තමයි නුතන සමාජයේ මිනිසුන්ට කොලස්ටරෝල් වැඩි වෙන්න හේතුව.කොලස්ටරෝල් හැදුනම ඒකට බෙහෙත් කරනවා වෙනුවට කලයුත්තේ කොලස්ටරෝල් සෑදීම වැලක්වීමට පියවර ගැනීමයි.ඒක නිසා ඖෂධ ලබා ගැනීමකින් තොරව ඔබගේ කොලස්ටරෝල් මට්ටම අඩු කිරීමට ඔබට කල හැකි දේ බලමු.

ඇත්ත වශයෙන්ම ඔබේ සිරුරේ නව ශෛල ගොඩ නාග ගැනීමට,ස්නායු හා ශරීරයේ හෝමෝන නිෂ්පාදනය කිරීමට කොලස්ටරෝල් (මේදය) අවශ්‍ය වෙනවා.නමුත් අවශ්‍ය ප්‍රමාණයට වඩා එය තිබුණහොත් ඔබට හර්ද රෝග හට ගැනීමේ වැඩි ප්‍රවනතාවයක් තියෙනවා.ඔබගේ රුධිරයේ අධික කොලස්ටරෝල් ප්‍රමාණයක් ඇති විට රුධිර වාහිනී ධමනි බිත්ති තුල පටලයක් සේ ඒවා බැදී ධමනි පටු වෙනවා.එය සාමාන්‍ය පරිදි රුධිර ප්‍රවාහනය කිරීමට බාධාවක් වෙනවා.මෙහිදී ඔබේ හදවතට නිසියාකාරව රුධිරය හා ඔක්සිජන් පොම්ප කිරීමක් සිදු නොවෙනවා.එම නිසා ඔබට හර්ද රෝග ඇති වෙනවා.

කොලස්ටරෝල් වර්ග දෙකක් තියෙනවා.එකක් තමයි LDL(Low Density Lipoprotein).ඒක තමයි අපේ ශරීරයට අයහපත්.අනිත් වර්ගය තමයි HDL (High Density Lipoprotein).ඒ වර්ගය නම් අපේ ශරීරයට යහපත් වෙනවා.මෙහිදී හදවත් රෝග සදහා හේතු වන්නේ LDL ය.HDL මගින් රුධිරයේ කොලස්ටරෝල් ඉවත් කිරීමට කටයුතු කරනවා.ඉතින් ඔබ ඔබේ HDL මට්ටම ඉහළ දැමීමට සහ LDL මට්ටම අඩු කිරීමට කටයුතු සිදු කරන්න.

බොහෝ අය තමන්ගේ කොලස්ටරෝල් මට්ටම ඉහළ යනකම්ම දන්නේ නැහැ.ඔබේ කොලස්ටරෝල් මට්ටම ගැන දන ගැනීම සහ එය අඩු කිරීමට අවශ්‍ය දේ සිදුකිරීම ඉතාමත් වැදගත් වෙනවා.අධි කොලස්ටරෝල් මට්ටමට බලපාන බොහෝ සාධක තියෙනවා.එදිනෙදා ආහාර ගැනීමෙන් කොලස්ටරෝල් ප්‍රමාණය අවම කිරීම සදහා එක එක පිළියම් බොහොමයක් නිවෙස් වල අනුගමනය කරනවා.

Heart එකට සුදුසු සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා ගැනීම

ඔබේ ආහාරය ඔබගේ කොලස්ටරෝල් මට්ටම සදහා බොහෝ සේ දායක වෙනවා.කොලස්ටරෝල් සදහා හොද ආහාර හා නරක ආහාර තියෙනවා.මේදය අධික හා කාබෝහයිඩ්රෙට් අධික ආහාර ගැනීමෙන් වැළකී සිටින්න.ෆාම් ඔයිල්,පොල්තෙල්,බිත්තර,රතුමස්,බටර්,යොදය සහිත කිරි,චොක්ලට්,ඩොනට්ස්,චීස්,බැදුම් වර්ග (බයිට් වර්ග),රටකජු වැනි ඇට වර්ග ආහාරයට එක් කර නොගන්න.මාංශ ආහාර නොමැති ආහාර වේලක් ගන්න.විශේෂයෙන් සැමන් එළවලු,සුදුලූනු,ධාන්‍ය වර්ග හා පලතුරු ඔබේ ආහාරයට එක් කර ගන්න.මේද ආහාර පමණක් නොවේ සීනිද කොලස්ටරෝල් මට්ටම ඉහළ නැංවීමට හේතුවක් වෙනවා.එම නිසා ඔබ දිනකට පාවිච්චි කරන සීනි ප්‍රමාණය තේ හැඳි 6-9 කට සීමාකරන්න.

ජීවන රටාව

ඔබේ ජීවන රටාවත් කොලස්ටරෝල් මට්ටම සදහා ඉවහල් වෙනවා.ඔබේ ආතතිය (stress)කොලස්ටරෝල් මත අහිතකර ලෙස බලපානවා.එමනිසා ආතතිය අඩු කර ගැනීමට කිසියම් භාවනා වැඩසටහනක් අනුගමනය කරන්න.

දුම් පානය කරන්නන් සදහා කොලස්ටරෝල් පුදුමයක් නොවේ.සිගරැට්,දුම්පානය ඔබේ HDL මට්ටම අඩු කරනවා.එම නිසා දුම්පානය නතර කරන්න.එමගින් කොලස්ටරෝල් අඩු කිරීම පමණක් නොවේ ඔබේ සෞඛ්‍යය ගැටළු රැසකට ඒක පිලියමක් වෙනවා.

ඔබගේ බර

සෞඛ්‍යය සම්පන්න ජීවිතයක් සදහා සෑම විටම හොද BMI මට්ටමක් පවත්වාගෙන යන්න.සිරුරේ අධික බර කොලස්ටරෝල් ප්‍රමාණය ඉහළ නැංවීමට හේතුවක් වෙනවා.ශාරීරික වයායම් තුලින් හොද සෞඛ්‍යයක් පවත්වා ගැනීමටත් සුදුසු HDL මට්ටමක් ඇතිකිරීමටත් උපකාරී වෙනවා.

ව්‍යායාම්

කොලස්ටරෝල් මට්ටම අඩු කිරීමට පමණක් නොවෙයි ව්‍යායාම් කිරීම ඔබේ සමස්ත සෞඛ්‍යය සදහාම ඉතා යහපත්ය.සෑම දිනකම මිනිත්තු 30 කායික ක්‍රියාකරකම්වල යෙදීමෙන් ඔබේ ශරීරයේ පුදුමාකාර වෙනසක් සිදු වෙනවා.ඇවිදීම,පිහිනීම,නැටීම හා බයිසිකල් පැදීම ඉතා සුදුසුය.

වයස

වයසින් වැඩි වන විට රුධිරයේ කොලස්ටරෝල් වැඩි වන නිසා වයසට යනවිට ඔබ ඉතා පරිස්සම් විය යුතු වෙනවා.කාන්තාවන්ට අර්තවහරණයට පෙර LDL මට්ටම අඩු වන අතර අර්තවහරනයෙන් පසුව LDL මට්ටම වැඩිවෙනවා.එය හෝමෝන වෙනස් වීම් නිසා සිදුවෙනවා.මේ ආදී කරුණු නිසා ඔබ වයසට යන විට නිතිපතා වෛද්‍ය පරීක්ෂණ සිදු කරන්න.

උරුමය (පරම්පරාවෙන් පැවතීම )

අධි රුධිර කොලස්ටරෝල් සදහා තවත් හේතුවක් වන්නේ උරුමය එසේත් නැතිනම් ජාන වලින් පැවතගෙන ඒම.ඔබට තිබෙන්නේ අධි කොලස්ටරෝල් ඇති පවුල් පසුබිමක් නම් ඔබේ පවුලේ වැඩි දෙනෙකුට හදවත් රෝග තිබේනම් ඒ සදහා ඔබ පුර්වොපයන්/පෙර සුදානමක් ගැනීම වඩාත් සුදුසුය.

Contact DailyLife.lk

or drop an E-Mail to