ඇවිද්ද පය දහස් වටී

ඇවිදින එක අපි එදිනෙදා ජීවිතයේදී කවුරුත් කරන දෙයක්. නමුත්, exercise එකක් විදිහට ඇවිදින එක ගැන අපි අවධානයක් යොමු කරලා තියනවද? ගොඩක් specialists ලා විසින් ඇවිදින එකේ තියන health benefits හින්දාම ඇවිදින එක හොඳ exercise එකක් විදිහට recommend කරලා තියනවා. ඇත්තටම බැලුවහම අපි ගොඩක් දෙනෙක් ගොඩක් වෙලාවට regular exercise කරන්නේ නෑ. මේ physical inactivity එක හින්දා poor health conditions ඇති වෙනවා. Good health condition එකක් තියා ගන්න හොඳම විදිහ තමයි ශාරීරික ව්‍යායාම් (physical activity) වල නිරත වෙන එක. නිතරම ව්‍යායාම් වල නිරත වෙන එකෙන් heart disease, cancer & diabetes වැනි රෝග වලක්වා ගන්න උදව් වෙනවා. Exercise මගින් muscles & bones ශක්තිමත් කරන නිසා osteoporosis & arthritis වැනි රෝග වැළදීමට ඇති ඉඩ කඩ අවම කරනවා.

  • Walking & Heart disease

Heart diseases මේ දවස් වල ගොඩක් අයට ගැටළුවක් වෙලා තියන දෙයක්. Exercise එකක් විදිහට නිතරම ඇවිදීම වල නිරත් වීම තුලින් heart attack ඇති වීම අඩු කර ගැනීමටත්, bypass සැත්කම් වලට ලක්වීමට ඇති ඉඩ කඩත්, second heart attack ඇතිවීමට ඇති ඉඩ කඩත් අවම කරනවා. ඔයාලා exercise වලට කොච්චර අවධානයක් යොමු කරනවද කියන එක මත ඔයාලගේ heart disease risk එක රදා පවතිනවා.

Physical inactivity

Physical inactivity එක coronary heart disease වලට ලොකු අවධානමක්. Exercise නොකර වැඩිපුර ආහාර ගැනීම නිසා අධික බර හා blood cholesterol මට්ටම වැඩි වෙලා heart disease අවධානම වැඩි වෙනවා. Regular aerobic exercise කරන එකත් ඇවිදීම වගේම හොඳ exercise එකක්. Regular aerobic exercise ගොඩක් උදව් වෙනවා heart & blood vessel disease අඩු කර ගන්න.

Cholesterol

ඕනෑම කෙනෙක්ට cell membranes build කරන්නයි health එක පවත්වාගෙන යන්නයි යම් කිසි cholesterol ප්‍රමාණයක් ඕනේ කරනවා. නමුත් මේ cholesterol ඕනෑවට වඩා වැඩි උනොත් එහෙම heart disease & stroke risk එකක් ඇති වෙන්න පුළුවන්. ඔයාලා සිගරට් බොනවානම් හෝ ඔයාලට අධික රුධිර පීඩනය තියනවනම් heart disease risk එක තවත් වැඩියි. ඊට අමතරව කෙනෙකුගේ cholesterol මට්ටම age, sex, heredity & diet කියන දේවල් මතත් රදා පවතිනවා.

  • Walking and High Blood Pressure

Regular walking exercise එක අධික රුධිර පීඩනය අඩු කර ගන්න ඉතාමත් හොඳ විදිහක්. ඔයාලාට අධික රුධිර පීඩනය තියාවනම්, ඔයාලගේ heart එකට වැඩි මහන්සියක් දරන්න සිද්ධ වෙනවා ධමනි (arteries) හරහා ශරීර අවයවයන් වලට ලේ බෙදා හරින්න. එතකොට ඔයාලාගේ heart එක enlarge වෙලා ඔයාලාට heart attack, stroke, kidney failure වගේ ලෙඩ රෝග ඇති වෙන්න තියන අවධානම වැඩි වෙනවා. ඔයාලාත් අධික රුධිර පීඩනය තියන කෙනෙක් නම් ඒ තත්වය පාලනය කරන්න හොඳින් ක්‍රියා කරන්න ඕනේ. සමබල ආහාර වේලක් ගැනීම, බර අඩු කර ගැනීම, නිරන්තර ව්‍යායාම් කිරීම, ලුනු (sodium) භාවිතය අඩු කිරීම ඉන් කීපයක්.

ඇවිදීම වගේ exercise එකක් කරන කොට ඔයාලාගේ සන්යස්ගත පීඩනය (systolic blood pressure) වැඩි වෙලා blood flow එක වැඩි කරනවා. ඒත් එක්කම oxygen availability එකත් වැඩි කරනවා. එවිට ඔයාලාගේ blood vessels හොඳින් සැහැල්ලු වෙලා blood flow එක පහසුවෙන් වීමට ඉඩ සලස්වනවා. මෙම ක්‍රියාවලිය ශරීරයේ රුධිර පීඩනය අඩු කිරීමට හේතු වෙනවා. ව්‍යායාම් කරලා ඉවර උන ගමන්ම රුධිර පීඩනය ව්‍යායාම් කරන්න කලින් තිබ්බ මට්ටමට වඩා අඩු වෙනවා. මෙය ශරීරයට ඉතා හොඳ දෙයක්. නිරන්තර ව්‍යායාම් කරන කොට මේ විදිහට ඔයාලාගේ රුධිර පීඩනය ටිකින් ටික අඩු වෙලා යනවා.

සමහර අය ටික දවසකින් ව්‍යායාම් කරලා දැන් ඇති කියලා හිතලා ව්‍යායාම් කරන එක නවත්වලා දානවා. එතකොට සතියක් ඇතුලත රුදිර පීඩනය ආයෙත් කලින් තිබ්බ මට්ටමටම එනවා. ඒක හින්දා ව්‍යායාම් කරද්දී ටික දවසක් කරලා ටික දවසක් නවත්වලා ඉන්නවනම් කරන exercise එකේ නියම ප්‍රතිපල ලබා ගන්න බැරි වෙනවා. එක හින්දා irregular pattern එකකට ගොඩක් ව්‍යායාම් කරනවට වඩා regular pattern එකකට පොඩි වෙලාවක් ව්‍යායාම් කිරීම තුලින් වැඩි ප්‍රතිපල ලබා ගන්න පුළුවන් වෙනවා.

මෙචචර වෙලා අපි කතා කලේ walking exercise එක කොහොමද heart disease වලට බලපාන්නේ කියලා. ඇවිදින එකෙන් heart disease අඩු කර ගන්න එක විතරක් නෙමේ, තව ගොඩක් ප්‍රතිපල ලබා ගන්න පුළුවන්. ඇවිදීමෙන් ලබා ගන්න පුළුවන් අනිත් ප්‍රතිපල මොනවද කියල අපි ඊලග article එකෙන් කතා කරමු.

Contact DailyLife.lk

or drop an E-Mail to