කහ ගැන ඔබ නොදත් දේ...

කහ දකුණු ආසියාතික රටවල් වල බහුල වශයෙන් දැකිය හැකි ශාකයක්. ඈත අතීත අපේ මුතුන් මිත්තන් කහ ස්වභාවික සායම් වර්ගයක් හා කුලුබඩුවක් ලෙස භාවිතාකර තිබෙනවා.මෙය බහුලව භාවිතා කරන්නේ ආසියාතික රටවල් වල ඉවුම් පිහුම් කටයුතු සදහාය.එහි ඇති පැහැය සුවද හා රසය නිසාම ඔවුන් තම ව්‍යංජන සදහා යොදා ගන්නවා.

කහ ප්‍රථම වරට ඩයි වර්ගයක් ලෙස භාවිතා කරන ලද අතර පසුව එය වෛද්‍යමය ගුණාංගයන්ගෙන් අනුන නිසා කහ ආයුර්වේද බෙහෙත් සදහා නැතුවම බැරි විය.මෙය බොහෝ වශයෙන් අභ්‍යන්තර ප්‍රතිකාර සදහා භාවිතා කරනවා.

කහ වලින් අපට ඇති ප්‍රයෝජන මොනවද?

  • පිළිකා වලක්වයි

පිළිකා සෛල වර්ධනය හා ව්‍යාප්තිය මැඩලීමට හැකියාවක් කහ සතු බව වර්තමානයේදී සොයාගෙන තියෙනවා.තවද පුරස්ථි ග්‍රන්ථි ආශ්‍රිතව හටගන්නා පිළිකා විශේෂය වර්ධනය වීම මැඩලීමට විශේෂ හැකියාවක් කහ සතුවෙනවා.

  • ආතරයිටිස් පාලනය කරයි

ආතරයිටිස් වර්ග කීපයක් තියෙනවා.මෙය අද බොහොමයක් රටවල් වල සුලභව දැකිය හැකි දෙයක්.මෙම රෝගය සම්පූර්ණයෙන් සුව කිරීම සදහා තවම ප්‍රතිකාරයක් නෑ. දැනට කෙරෙන බටහිර බෙහෙත් වලින් සිදුවන්නේ තාවකාලිකව කැක්කුම අඩු කිරීමත් සන්දි විනාශ වීම වැලක්වීමත් පමණයි. එහෙත් කහ වල ඇති ප්‍රබලතාවය නිසාම ආතරයිටිස් පාලනය කිරීමේ හැකියාව මේ සතුව පවතිනවා.

  • දියවැඩියාව පාලනය කරයි

මිනිසාගේ දියවැඩියා මට්ටම පාලනය කරන්න කහ වලට පුළුවනි.එය ශරීරයේ ඉන්සියුලින් මැඩ පවත්වා ගන්නා අතර ග්ලූකෝස් මට්ටමද පාලනය කරනවා.

  • කොලස්ටරෝල් මට්ටම අඩු කරයි

වර්තමානයේ ලොව පුරා සිටින විශාල පිරිසකට කොලස්ටරෝල් තියෙනවා. අපේ දිනපතා අහාර වේලට කුළුබඩුවක් ලෙස කහ ආහාරයට එකතු කිරීම මගින් කොලස්ටරෝල් මට්ටම පාලනය කල හැකි බව පර්යේෂණ වලින් ඔප්පු වී තියෙනවා.

  • ප්‍රතිශක්තිකරණ පද්ධතිය උත්තේජනය කරයි

කහ තුල lipopolysaccharide අඩංගු වෙනවා. මෙමගින් ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරනවා. මෙහිදී කහ බැක්ටීරියා නාශකයක්, දිලීර නාශකයක්, වෛරස් නාශකයක් ලෙස ක්‍රියා කරනවා.

  • තුවාල සුව කරයි

ස්වභාවික බැක්ටීරියා නාශකයක් ලෙස කහ ක්‍රියා කරනවා.සමේ ඇති වන කුෂ්ට රෝග සහ කැපුම් තුවාල සදහා නිවසේදීම සදා ගත හැකි බෙහෙතක්. අදාල ස්ථානයෙහි කහකුඩු ස්වල්පයක් ආලේප කිරීම පමණයි කල යුත්තේ.

  • ශරීරයේ බර පාලනය කරයි

ඔබත් තරබාරු පුද්ගලයෙක්ද? බර වැඩි කියා පසුතැවෙමින් සිටිනවද? කහ බර අඩු කර ගැනීමට ඔබට උදව් වෙනවා. ඒ සදහා ඔබ කලයුත්තේ එදිනෙදා අහාර වේලට කහ තේ හැන්දක් එක් කිරීම පමණයි.

Contact DailyLife.lk

or drop an E-Mail to