පලතුරු වල ඇති මේ ගුණ ඔබ දන්නවද?

පලතුරු රස විතරක් නොවෙයි ඒවා ඉහළ පෝෂදායී ගුණයෙන් යුක්තයි. අපි එදිනෙදා කන බොන පලතුරු වල ඇති පෝෂණ ගුණය ගැන අපි අද බලමු.

කොමඩු වල ගුණාත්මක බව

කොමඩු ඉතාමත් ප්‍රබෝධමත් හා පිපාසය සංසිඳුවන පලතුරු වලින් එකක්. කොමඩු ඉතාමත් රසවත් පමණක් නොවෙයි පෝෂ්‍යදායි ගුණයෙන්ද යුක්ත වෙනවා.

  1. කොමඩු ඔබේ ඇස්, සම සහ ශ්ලේෂ්මල පටල වල තෙතමනය පවත්වා ගැනීමට උපකාරී වෙනවා
  2. අපේ සිරුරේ ශක්තිය නිපදවීම සඳහා අවශ්‍ය ය විටමින් B අඩංගු වන්නේත් කොමඩු වල
  3. පිළිකා වළක්වයි
  4. ශරීර ආරක්ෂණ පද්ධතිය වැඩිදියුණු කරන විටමින් C අඩංගුයි
  5. කොමඩු සිරුරේ රුධිර වාහිනී ලිහිල් කිරීමට උපකාරීවන සංයෝගයකි
  6. හෘද සෞඛ්‍ය වැඩි දියුණු කරයි
  7. ශරීරයේ තෙතමනය රඳා පවත්වා ගනී
  8. ආහාර ජීර්ණය වැඩි කිරීමට උපකාරී වේ.

Passionfruit වල ඇති සෞඛ්‍ය වාසි

Passionfruit ඉතාමත් රසවත් නිවර්තන කලාපීය පලතුරක්. එහි කිසිවෙකුට නොදැවෙනි රසය ගැන නොදන්න කෙනෙක් නම් නැත. Passionfruit කියන්නේ බොහෝ පෝෂණ ගුණයෙන් සහ සෞඛ්‍ය ප්‍රතිලාභ රැසකින් සමන්විත පලතුරකි. අපි දැන් බලමු Passionfruit වල සුවදායී සෞඛ්‍ය ප්‍රතිලාභ මොනවාද කියා.

  1. ඔබේ බඩවැලේ සෞඛ්‍ය ප්‍රවර්ධනය කරනවා
  2. ශරීරයේ බර කළමනාකරණයට ද සහාය වෙනවා
  3. සෞඛ්‍ය සම්පන්න කන්තුක වාහිනී පද්ධතියක් ඇති කරනවා
  4. කම්මැලි ගති සහ මානසික පීඩනය නැති කරනවා
  5. Passionfruit වල විටමින් C බහුලව අඩංගු වෙනවා
  6. පිළිකා නාශකයක් ලෙසද කටයුතු කරනවා
  7. ඇස් වල පෙනීම ඇති කරනවා
  8. යකඩ අඩංගු වෙනවා

Mandarin පලතුරෙහි ගුණාත්මක බව

ඔබ මැන්ඩරින් දොඩම් ,Tangarin හා clamantine යන විවිධ නම් වලින් හඳුන්වන මේ සියලුම දේවල් අයත් වන්නේ mandarin පවුලටය. කෙසේ වෙතත් mandarin දොඩම් ඉතාමත් ප්‍රනීත රසයක් ලබා දෙනවා. Mandarin වල සෞඛ්‍ය ප්‍රතිලාබ බොහොමයක් අඩංගු වෙනවා.

  1. LDL කොලස්ට්‍රෝල් මට්ටම අඩු කරනවා
  2. බර අඩු වීම පාලනය කරනවා
  3. ප්‍රතිශක්තිකරණ පද්ධතිය වර්ධනය වෙනවා
  4. රුධිර පීඩනය අඩු කරනවා
  5. සම රැක දෙනවා
  6. අක්මා පිළිකා වළක්වනවා
  7. ඔක්සිහාරක වලින් පොහොසත්
  8. විටමින් C අඩංගු පලතුරකි
  9. තන්තු වලින් පොහොසත් වෙනවා

ලෙමන් වතුර බිව්වම අපට අත්වන වාසි

පුරාතන ඊජිප්තු වන් විශ්වාස කළා ලෙමන් ආහාරයට ගත්විට සහ ලෙමන් වතුර පානය කලවිට වසවිස වලින් ශරීරය අපට ආරක්ෂා කර ගත හැකි යයි කියා. පසුකාලීනව ඒ පිළිබදව කල පරීක්ෂණ වලින් ඒ බව ඔප්පු වී තිබෙනවා. Lemon වල සෞක්‍ය ප්‍රතිලාබ බොහොමයක් අඩංගු වෙනවා. අපි දැන් බලමු ඒවා මොනවද කියලා

  1. ලෙමන් ස්වභාවික ශක්තිජනක පානයකි. එමගින් ශරීරයේ ප්‍රතිශක්තිකරණය වැඩි දියුණු කරනවා
  2. ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩිදියුණු කරනවා
  3. PH අගය පාලනය කරනවා
  4. දත් කැක්කුම නැති කරනවා
  5. උගුරේ ආබාධ සුව කරනවා
  6. බර අඩුකර ගැනීම සඳහා විශිෂ්ට පානයකි
  7. රුධිර පවිත්‍රකාරකයක් ලෙස ක්‍රියා කරනවා

අඹ වල ගුණාත්මක බව

අඹ ඔබේ සෞඛ්‍යයට ඉමහත් ප්‍රයෝජන ලබා දෙන බව ඔබ දැන සිටියාද?

  1. පිළිකා වළක්වා ගැනීම සඳහා උපකාරී වනවා
  2. පෙනීම වර්ධනය කරනවා
  3. Copper සංයෝගයෙන් යුක්තයි
  4. ලිංගිකත්වය වැඩි දියුණු කරයි
  5. ආහාර ජීර්ණය වැඩිදියුණු කරනවා
  6. කොලොස්ට්‍රෝල් අඩු කරනවා
  7. මතකය වැඩි දියුණු කරනවා

කෙසෙල් වල ගුණාත්මක බව

කෙසෙල් ඉහල ගුණාත්මක සෞඛ්‍ය වටිනාකමක් ඇති ඉතාමත් රසවත් පලතුරකි. එය පොටෑසියම්, සින්ක්, යකඩ සහ මැග්නීසියම් වැනි ඛනිජ වර්ග සහිතද විටමින් A, B,C සහ E ඇතුළු බොහෝ පෝෂ්‍ය පදාර්ථ අඩංගු පලතුරකි.

  1. මානසික අවපීඩනය අඩු කරනවා
  2. බඩවැල් පද්ධතිය පාලනය කරනවා
  3. රුධිර පීඩනය හා හෘද රෝග අවදානම අඩු කරනවා
  4. අපේ අස්ථි ශක්තිමත් කරනවා
  5. ඔසප් වේදනාව අඩු කරනවා

ගස්ලබු වල ගුණාත්මක බව

ගස්ලබු කෑමට රසවත් පලතුරක් පමණක්ම නොව එහි ඉතා ඉහල ඖෂධීය වටිනාකමකුත් අඩංගු වනවා. විටමින් A, විටමින් C සහ foliate ගස්ලබු වල අන්තර්ගත වෙනවා.

  1. සමට ඉතාමත් සුදුසු වනවා. සමේ පැහැපත්බව රැකගැනීමට රූපලාවණ්‍ය කටයුතුවලදී ද ගස්ලබු යොදා ගැනෙනවා
  2. ප්‍රතිශක්තිකරණය වැඩි දියුණු කරනවා
  3. බර අඩු කර ගැනීමට උදව් වෙනවා
  4. පිලිකා එක්ක සටන් කරනවා
  5. ඔසප් වීම විධිමත් කිරීමට ප්‍රයෝජනවත් වෙනවා

රට ඉඳි වල ගුණාත්මකභාවය

අරාබි අර්ධද්වීපයේ ඉතාමත් ජනප්‍රිය ම පලතුරු වර්ගයකි. මැදපෙරදිග රටවල දක්නට ලැබේ. උෂ්ණ කලාපීය රටවල වැවෙන ගුණාත්මක බවින් ඉහළ පලතුරකි.

  1. කෙඳි වලින් පිරි ඇත
  2. සෞඛ්‍ය සම්පන්න ස්නායු පද්ධතියක් ඇති කිරීමට උපකාරී වේ
  3. දන්ත එනමලය ශක්තිමත් කරයි
  4. බර වැඩි කරගැනීම සඳහා සහාය වෙනවා
  5. කොලස්ට්‍රෝල් මට්ටම පහත හෙළනවා
  6. දෘෂ්ටිය වැඩි කරනවා
  7. ශක්තිය වර්ධනය කරනවා

ඇපල් වල ගුණාත්මක බව

ඇපල් ගෙඩියක් කෑවහම දවසකින් දොස්තර කෙනෙක්ව ඈත් කරන්න පුළුවන් යන කියමන ඈත අතීතයේ සිට පැවත එන්නකි. එහෙත් ඔබ දන්නවාද මෙය කියමන සත්‍ය බව.

  1. අස්ථි ආරක්ෂා කරනවා
  2. පෙනහළු පිළිකා, පියයුරු පිළිකා ,අක්මා පිළිකා වළක්වනවා
  3. කොලස්ට්‍රෝල් මට්ටම පහත හෙළනවා
  4. දියවැඩියාව කළමනාකරණය කරනවා
  5. බර අඩු කරනවා

චෙරි වල ගුණාත්මක බව

හැමෝම දන්නවනේ cherry කියන්නේ කොතරම් රසවත් පලතුරක් ද කියලා. Cherry වලට පුළුවන් ශරීරයේ හටගන්නා වේදනාවන් අඩු කරන්න. ඒ වගේම ඔබ වයසට යාම වළක්වා ගන්නටත් Cherry වලට පුළුවන්. ඔබේ ජීවිතයට තවත් වසර ගණනාවක් එකතු කරන්න පුළුවන් උනොත් කොහොමද? ඒ හැකියාව චෙරි වලට තියෙනවා.

  1. වකුගඩු හා අක්මාවේ සෞඛ්‍ය තත්ත්වය වැඩි දියුණු කරනවා
  2. හෘද සෞක්‍ය වැඩි දියුණු කරනවා
  3. ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරනවා
  4. කොලස්ට්‍රෝල් අඩු කරනවා
  5. ප්‍රතිශක්තිකරණය වැඩි දියුණු කරනවා
  6. තරුණ බව රැක දෙනවා
  7. ආහාර ජීර්ණය පහසු කරනවා

Contact DailyLife.lk

or drop an E-Mail to