පැලුණු දෙපතුලට සහනයක්

දෙපාවල පැලීම් ඇතිවීම අද බොහෝ දෙනෙකුට විශාල ප්‍රශ්නයක් වී පවතිනවා. මෙයට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ දෙපාවල තෙතමනය අඩුකමයි. මෙය ඕනෑම වයසක අයට සිදු විය හැකි දෙයකි. බොහෝ දෙනාට මෙය වේදනාවක් ගෙන දෙන්නක් නොවුවද එය රූපලාවණ්‍ය ප්‍රශ්නයක් වෙනවා. සමහරුන්ට මෙය බොහෝ වේදනාකාරී සෞඛ්‍ය ගැටලුවක් වෙනවා. සෞඛ්‍ය ගැටලුවක් වුවද එය රූපලාවණ්‍ය ගැටලුවක් වුවද මේ සඳහා අවධානය යොමු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. මෙම දෙපාවල ඇති වූ පැලීම් අශෝබන තත්ත්වයක් ගෙන දෙනවා සේම එය ආසාදන ඇතිවීමට ද බලපානවා. එසේම ඔබ ශරීරය පිළිබඳව සැලකිලිමත් නොවන බවටද මෙය සාක්ෂියක් දරනවා.

වියලි හා ඝන සමක් පැවතීමට අමතරව , සම ගැලවී යාම, කැසීම ,සම රත්පැහැ ගැන්වීම මෙමගින් සිදු වෙනවා. නිසි වේලාවට නිසි ආකාර ප්‍රතිකාර ගැනීම තුළින් මෙම පැලීම් තත්ත්වයෙන් මිදීමට හැකියාව තිබෙනවා.

සමේ ඉරි තැලීම් හට ගැනීම සඳහා බොහෝ හේතූන් තිබෙනවා.

  • වියළි වාතය
  • තෙතමනය අඩු කම
  • නුසුදුසු පාද සාත්තුව
  • අධික තරබාරුකම
  • සීතල දේශගුණය
  • සෞඛ්‍යයට අහිතකර ආහාර පාන
  • නුසුදුසු සබන් භාවිතය
  • වයස
  • රළු පොළොවවල් මත වැඩි වේලාවක් සිටගෙන සිටීම
  • ජලයට නිරන්තර නිරාවරණය වීම
  • දෙපා වලට නොගැලපෙන සපත්තු භාවිතය
  • දෙපා වලට නිසි සත්කාරයක් නොමැතිකම
  • දියවැඩියාව , තයිරොයිඩ් , eczema , psoriasis වැනි රෝගී තත්ත්වයන්

ඔබේ සමේ ඇතිවන පැලීම් සුවපත් කිරීමට සහ ඔබේ සෞඛ්‍ය ආරක්ෂා කරගැනීමට ඔබට කළ හැකි පිළියම් කිහිපයක් පහත දැක්වෙනවා.

  • අධික ශීතල හෝ අධික රස්නය වතුරෙන් ස්නානය කිරීමෙන් වැළකී සිටින්න. ඒ වගේම නුසුදුසු සබන් භාවිතයෙන් ද ඈත් වන්න. ඔබ ස්නානය කරන විට මද රස්නය ඇති වතුරෙන් ඔබේ දෙපා හොඳින් සෝදන්න. ස්නානය කිරීමෙන් අනතුරුව ඔබේ දෙපා හොඳින් වියළා ගන්න.
  • නිතරම පාවහන් පැළඳ සිටින්න. දෙපාවල පැලීම් නිසා ඇතිවිය හැකි ආසාදන තත්ත්ව වලින් වැළකී සිටීමට ඔබට මෙය ප්‍රයෝජනවත් වනවා. ඔබේ පාවහන් පවා මෙම තත්ත්වයට ගැටලු දායක වෙනවා නම් නිවැරදි පාවහන් තෝරා ගන්න.
  • නිතරම දෙපාවල තෙතමනය රඳා පවත්වා ගැනීමට ක්‍රියා කරන්න. සාමාන්‍යයෙන් සිරුරේ අනෙක් කොටස් වලට වඩා දෙපාවල වියළි ස්වභාවයක් ගන්නවා. එම නිසා දෙපා වල වියළි බව නැතිකර ගැනීමට නිතරම කටයුතු කරන්න.
  • Moisturizing cream එකක් දෙපාවල ආලේප කරන්න.
  • දිනකට අවශ්‍ය නියමිත ජල ප්‍රමාණය පරිභෝජනය කරන්න.

දෙපා පැලීම් සදහා නිවසේදීම කල හැකි පිළියම්:

එළවළු තෙල්

  • සබන් වතුරෙන් දෙපා පොඟවා pumice stone එකකින් අතුල්ලන්න.
  • නැවතත් දෙපා සෝදා හොඳින් වියළා ගන්න.
  • ඔබේ දෙපා වල එළවළු තෙල් ආලේප කරන්න.
  • පිරිසිදු මේස් දෙකක් රාත්‍රිය මුළුල්ලේ ම පැළඳ සිටින්න.
  • දෙපාවල පැලීම් සුවවන තෙක් දින කිහිපයක් මේ ආකාරයට සිදු කරන්න.

හාල් පිටි

  • හාල්පිටි මිටක් ගෙන එයට මී පැණි සහ ඇපල් සයිඩර් විනාකිරි දමා මිශ්‍ර කරන්න.
  • ගණ තලපයක් සෑදෙන තෙක් එය හොඳින් කලවම් කරගන්න.
  • දෙපාවල පැලීම් ටිකක් විශාල ව පවතී නම් එයට ඔලිව් තෙල් හැන්දක් ද යොදා ගන්න
  • මිනිත්තු 10 ඔබේ දෙපා උණුසුම් වතුර භාජනයක දමා ගෙන සිටින්න. ඉන්පසු අප සාදාගත් මිශ්‍රණයෙන් ඔබේ දෙපා scrub කරන්න.
  • ප්‍රතිඵලයක් ලැබෙන තෙක් දින කීපයක් මේ ආකාරයට සිදු කරන්න.

දෙහි

  • මද උණුසුම් වතුරට දෙහි එකතු කර මිනිත්තු 10 - 15 එහි දෙපා දමාගෙන සිටින්න.
  • pumice stone එකකින් ඔබේ දෙපා scrub කරන්න.
  • නැවතත් දෙපා සෝදා හොඳින් වේලා ගන්න.

Scrubbing

  • මඳ උණුසුම් ජලය සමග සබන් දියර මිශ්‍ර කරන්න.
  • මිනිත්තු 20 පමණ ඔබේ දෙපා එහි දමාගෙන සිටින්න.
  • Pumice stone එකකින් ඔබේ දෙපා හොඳින් ස්ක්‍රබ්කර මැරුණු සෛල ඉවත් කරන්න.
  • දෙපා හොඳින් සෝදා තුවායකින් තෙත හින්දවා ගන්න.
  • මොයිස්චරයිසින් ක්‍රීම් එකක් දෙපා වල ආලේප කර පිරිසිදු මේස් පැළඳ සිටින්න.
  • රාත්‍රිය මුළුල්ලේ ම මෙම මේස් ආවරණ පැළඳ සිටින්න.
  • දෙපාවල පැලුනු ස්වභාවය සම්පූර්ණයෙන් සුව වන තෙක් මේ ආකාරයට සිදු කරන්න.

කෝමාරිකා ජෙල්

  • මද උණුසුම් ජලයෙහි මිනිත්තු කීපයක් ඔබේ දෙපා ගිල්වා සිටින්න.
  • තුවායක් ආධාරයෙන් තෙත හිඳවා කෝමාරිකා ජෙල් අදාළ ප්‍රදේශයේ ආලේප කරන්න.
  • රාත්‍රිය මුළුල්ලේ ම මේස් ආවරණ පැළඳ සිටින්න.
  • දින කිහිපයක් මෙය නැවත නැවත සිදු කරන්න.

ඔලිව් තෙල්

  • ඔබේ දෙපා පිරිසුදු කරගන්න.
  • පුළුන් කැබැල්ලක් ආධාරයෙන් ඔලිව් තෙල් ඔබේ දෙපා වල ආලේප කරන්න. රවුම් ආකාරයට මිනිත්තු 10 - 15 ඔබේ දෙපා සම්බාහනය කරන්න.
  • රාත්‍රිය පුරාම මේස් දෙකක් පැළඳ සිටින්න.

Fruit Mask

  • අලිගැටපේර සහ කෙසෙල් හොඳින් මිශ්‍ර කරගන්න
  • මෙම මිශ්‍රණයට පොල් කුඩු ස්වල්පයක් එකතු කරන්න.
  • තලපයක් ආකාරයට සෑදෙන තෙක් හොඳින් මිශ්‍ර කරන්න.
  • මෙම මිශ්‍රණය ඔබේ දෙපා වල ආලේප කරන්න.
  • මිනිත්තු 15 පිරිසිදු ජලයෙන් සෝදා හරින්න.
  • ඔබේ දෙපා යථා තත්ත්වයට පත්වන තෙක් මෙය දිනපතා සිදු කරන්න.

හොදින් මතක තබා ගන්න, මෙම පැලීම් වලට ප්‍රතිකාර කිරීමේදී ඔබේ හිතුමනාපයට ප්‍රතිකාර කිරීමෙන් වැළකී සිටින්න. ඒ සඳහා දෙපා පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකුගෙන් උපදෙස් ලබාගන්න.

ඔබේ ශරීරයේ සෑම කොටසක් සඳහාම විශේෂ අවධානයක් යොමු කරන්න. සෞඛ්‍ය සම්පන්න ශරීරයක් පවත්වා ගැනීම සඳහා ඔබට එය මහත් ප්‍රයෝජනවත් වනවා.

Contact DailyLife.lk

or drop an E-Mail to