උදෑසන දුර්ගන්ධය පලවා හැර නැවුම් හුස්මක් ගනිමු

ඔබ ඔබේ මුඛයෙන් හමන අප්‍රසන්න දුගඳ සමඟ අවදි වූ විට ඔබට හැඟෙන්නේ කුමක්ද? නරක සුවඳකින් අවදිවන්න කවුරුත් කැමැති වන්නේ නෑ. නරක හුස්ම ලෙස හඳුන්වන දුර්ගන්ධ ස්වාසය අපහාස සහ අප්‍රසන්න සමාජ ගැටලුවකි. මෙයට ප්‍රධාන හේතුවක් වන්නේ රාත්‍රී කාලයේදී ඛේට ග්‍රන්ථිවලින් කෙල නිපදවීම අඩු මට්ටමක පැවතීම යි. මෙම හේතුව නිසා බැක්ටීරියා සඳහා සමීප පරිසරයක් නිර්මාණය කරනවා. ඒ සඳහා ඔබේ ආත්ම විශ්වාසය ද බලපෑ හැකිය. මෙවැනි තත්ත්වයක් නිසා ඔබ සමාජ සම්බන්ධතා වළක්වා ගැනීමටත් තනි ව සිටීමටත් උත්සාහ කරනවා විය හැකිය. වාසනාවකට ඔබ සිතනවාට වඩා මෙම තත්ත්වයෙන් මිදීමට ඔබට පුළුවන. එමනිසා ඔබගේ දවස ප්‍රබෝධමත් ආරම්භ කරන්න. ඒ සඳහා ඔබට පහත සඳහන් ස්වභාවික පිළියම් අනුගමනය කළ හැකිය.

කටින් දුර්ගන්ධයක් හමන ඔබ දන්නේ නැහැ තමන්ගෙ කටින් කතා කරන විට දුගදක් හමනවා කියලා. ඒක දැනෙන්නේ ළග සිටින පුද්ගලයාට. ඔබ ඔබේ මුඛය විවෘත කර කතාකරන්න අවස්ථාවන්වලදී ළඟ සිටින පුද්ගලයාගේ හැසිරීම් ඔහුගේ ඉරියව්වල වෙනස්වීම් අනුව අපට තේරුම් ගැනීමට හැකි වෙනවා අපේ මුඛයෙන් දුගදක් හමනවා කියා. නමුත් එය හරියටම තහවුරු කරගැනීම සඳහා ක්‍රියාමාර්ග තිබෙනවා.

  • වඩාත් නිර්දේශිත හා විද්‍යාත්මක ක්‍රමය වන්නේ ඔබේ ආශ්වාස ප්‍රාශ්වාස වාතයේ අඩංගු සල්ෆයිඩ් ප්‍රමාණය නිර්ණය කිරීමයි. සල්ෆයිඩ් ප්‍රමාණය මුඛයේ දුර්ගන්ධයට හේතුවක් වනවා.
  • නිවසේදී එය මැන බැලීමට තවත් එක් ක්‍රමයක් වන්නේ ගෝස් කෑල්ලක් ගෙන එයින් ඔබගේ දිව මත පිස දමන්න. එය කහ වර්ණයත් සමග අප්‍රසන්න දුගදක් එයින් හමනවා නම් ඉන් අදහස් කරන්නේ ඔබේ ශරීරයේ සල්ෆයිඩ් ප්‍රමාණය ඉහළ මට්ටමක පවතින බවයි.
  • ඔබේ අත පිටුපස ඛේටය ටිකක් ගාන්න. විනාඩි දහයක් එසේ තබා එතන නාසයට ළංකර බලන්න. විනාඩි 10කට පසුවත් එතැන කෙල සුවඳ පවතිනවා නම් එයින් අදහස් කරන්නේ එහි sulfur salt තිබෙන බවය.

දුර්ගන්ධයෙන් මිදෙන්නේ කෙසේද?

  • සෞඛ්යමත් මුඛ ආරක්ෂණ ක්‍රමයක් පිළිපදින්න

ඔබේ මුඛය හොඳින් පිරිසුදු කිරීම දුර්ගන්ධය පලවා හැරීමට ඇති පහසුම මගකි. සුදුසු දන්තාලේපයක් ගෙන දිනකට දෙවරක් එනම් උදෑසන හා රාත්‍රී නින්දට යාමට පෙර දත් සහ දිව හොඳින් මදින්න. ඉතිරි වූ ආහාර කැබලි සියල්ලම ඉවත් වීමට සුදුසු Mouth Wash දියරයකින් කට සෝදන්න. Mouth wash දියරය දත් බුරුසුවකට ළඟාවිය නොහැකි ස්ථාන කරා ද ළඟා වී හොඳින් මුඛයේ ඇති ආහාර කැබලි ඉවත් කරන නිසා මෙය ඉතාමත් සාර්ථක ක්‍රමයක්.

  • දන්ත වෛද්‍යවරයකු ගෙන් උපදෙස් ලබාගන්න

හොඳ දන්ත සෞඛ්‍යය පුරුදු පවත්වා ගැනීම සඳහා නිතිපතා දන්ත වෛද්‍යවරයකු හමුවීම ඉතාම වැදගත් වනවා. මෙසේ දුර්ගන්ධය ඉවත් කිරීමට පමණක් නොව ඔබට ඇති අනෙකුත් දන්ත ගැටලු සඳහා පිළියම් සෙවීමටද දන්ත වෛද්‍යවරයකුගේ උපදෙස් ලබා ගැනීම වැදගත් වෙනවා.

  • ස්වභාවික මුව සෝදන දියර හා මුව නැවුම් කරන දේ භාවිතා කරන්න

දෙහි පොතු, කරාබුනැටි ,මින්ට්කොළ හා කරදමුංගු ස්වභාවික මුව නැවුම් කරන ද්‍රව්‍ය වෙනවා. මෙම දේවල් හැපීම නිසා ඛේට ග්‍රන්ථි ක්‍රියාත්මකවී දුර්ගන්ධය සමග සටන් කරනවා. අනිත් දේ තමයි බේකින් සෝඩා. දුර්ගන්ධය නැති කිරිම සඳහා බේකින් සෝඩා ද ඉතාමත් සුදුසු වනවා .සාමාන්‍යයෙන් අපි දත් මදින ආකාරයට බේකින් සෝඩා කුඩු ටිකක් දත් බුරුසුවකට ගෙන දත් ටික මදින්න. එසේත් නැතිනම් බේකින් සෝඩා ජලය සමග මිශ්‍ර කොට දියරයක් සාදා ඒ දියරෙන් කට සෝදන්න. ඔබගේ දත් බුරුසුව සෑම මාස 3 කට වරක් ම මාරු කරන්න. ඒ වගේ ම ඔබ අසනීප වන සෑම අවස්ථාවකදීම දත් බුරුසුව මාරු කරන්න.

  • රාත්‍රියට ජලය පානය කරන්න

කලින් සඳහන් කළ පරිදි රාත්‍රී කාලයේදී ඛේට ග්‍රන්ථි ක්‍රියාත්මක නොවීම ප්‍රධාන ගැටලුවකි. මෙම ග්‍රන්ථි සාමාන්‍ය ආකාරයෙන් හොඳින් ක්‍රියාත්මක වීම සඳහා ප්‍රමාණවත් ජලය රාත්‍රී කාලයේදී අපේ ශරීරය සතුව තිබිය යුතු වෙනවා. එමනිසා නින්දට යාමට පෙරත් ඔබ නින්දෙන් අවදි වූ මොහොතකදී වුවද ජලය වීදුරුවක් පානය කරන්න.

  • සීනි රහිත චුයින්ගම් එකක් හපන්න

බැක්ටීරියා අඩු කිරීම සඳහා බොහෝ පුද්ගලයින් චුයින්ගම් භාවිතා කරනවා. ඒ විතරක් නොවේ ඔබේ ආහාර වේලෙන් විනාඩි 20කට පසුව චුයින්ගම් සැපීම මගින් ඛේට ග්‍රන්ථි ක්‍රියාත්මකවී ඛේටය ගලාඒමට පටන් ගන්නවා.

  • සෞඛ්‍ය සම්පන්න සමබර ආහාර වේලක් ලබා ගන්න

ඔබ ලබාගන්නා ආහාර දුර්ගන්ධය කෙරෙහි බලපානවා. සුදුලූනු, ලුණු සහ දැවිල්ල ආහාර දුර්ගන්ධය හි සමීප මිතුරන් වෙනවා. මෙසේ සැර සුවද වලින් යුක්ත ආහාර දුර්ගන්ධය කෙරෙහි කෙළින්ම බලපානවා. රාත්‍රී කාලයට එම ආහාර ඔබ ලබාගත හොත් හොඳින් මුඛය පිරිසිදු කිරිමට අමතක නොකරන්න. ධාන්‍ය වර්ග, පලතුරු, තැඹිලි, තද කොළ පැහැති එළවළු, ඇට වර්ග, බීජ, බෝංචි සහ මාළු ආහාරයට එකතු කරගන්න. මෙම ආහාර දුර්ගන්ධය පලවාහැරීමට ඔබට උපකාරී වෙනවා.

  • උදෑසන ආහාර වේල මඟ නොහරින්න

ඛේටය දුර්ගන්ධය නැති කිරීම පිණිස ප්‍රධාන කාර්යයක් ඉටු කරනවා. උදෑසන ආහාර වේල උදෑසනින්ම නැගිට ඉක්මනින්ම ගතහොත් ඛේට ග්‍රන්ථි ක්‍රියාත්මකවී දුර්ගන්ධය සමඟ සටන් කරනවා.

  • මත්පැන් පානය සහ දුම් පානයෙන් ඈත් වන්න

දුම්කොළ ඔබේ ඛේට ග්‍රන්ථි වියලන අතර මුඛයේ උෂ්ණත්වයද ඉහළ නැංවීමට පෙළඹෙනවා. දුම්කොළ සහ මත්පැන් බැක්ටීරියා වර්ධනය කරමින් දුර්ගන්ධය වැඩිකිරීමට ඉඩ සලස්වනවා.

  • ඖෂධ ගැන සැලකිලිමත් වන්න

සමහරවිට දියවැඩියාව, අධි රුධිර පීඩනය ,ආසාත්මිකතාවන් හා මානසික අවපීඩනය සඳහා ලබාදී ඇති ඖෂධ වලින් ඔබේ මුඛය වියළි ගොස් දුර්ගන්ධය හටගන්නවා. එවැනි අවස්ථාවලදී ඒ බව ඔබේ වෛද්‍යවරයා හා පවසන්න. අතිරේක ජලය පානය කිරීම මගින් ද මේ අවස්ථාව මගහරවා ගැනීමට ඔබට පුළුවන් වෙනවා.

Contact DailyLife.lk

or drop an E-Mail to