ඔබ ජලය පානය කරන විදිහ හරිද?

අපි හැමදාම වතුර බොනවා. ජලය පානය කිරීම අපට මොනතරම් වැදගත්ද කියලා කවදා හෝ ඔබ කල්පනා කර තිබෙනවාද? මිනිස් සිරුරේ 50%-70% ජල ප්‍රමාණයක් අඩංගු වෙනවා. වඩා හොඳ ක්‍රියාකාරීත්වයක් සඳහා නියමිත වේලාවට නියමිත ජල පරිමාවක් අපේ ශරීරය බලාපොරොත්තු වෙනවා. කුමන වේලාවේ කොහොමද ජලය පානය කරන්න ඕනේ කියලා ඔබ දන්නවාද? නිවැරදි වේලාවට නිවැරදි ආකාරයෙන් ජලය පානය කළ හොත් ඔබේ ශරීරයේ කාර්යක්ෂමතාවය වැඩි වී බොහෝ වාසි ඔබට අත් වෙනවා.

  • ඔබ උදෑසන අවදි වූ විට ජලය පානය කරන්න. මුළු රාත්‍රී කාලයේ ම ඔබේ ශරීරය සිරුරේ තිබූ වතුර ප්‍රයෝජනයට ගෙන ඇති නිසා උදේ අවදි වන විට ඔබේ ශරීරයේ ජලය මට්ටම සෑහෙන්න අඩු වෙලා තියෙන්නේ. එම හේතුව නිසා රාත්‍රියේ නින්දට යාමට පෙර හා උදෑසන අවදි වූ විගස ම කිසිදු ආහාරයක් ගැනීමට ප්‍රථම ජලය වීදුරුවක් පානය කරන්න.
  • දිනකට වතුර වීදුරු 08-12ක් පානය කරන්න. කෙසේ වෙතත් ඔබගේ මුත්‍රා වර්ණය පරීක්ෂා කිරීම මෙහිදී වැදගත් වෙනවා. සාමාන්‍යයෙන් සුදු පැහැයට හුරුව මුත්‍රා පිටවෙනවා නම් ඔබ නියමිත ප්‍රමාණයට ජලය පානය කර ඇති බව වැටහෙනවා. එහි වර්ණය කහ පාට නම් ඔබ ප්‍රමාණවත් තරමට ජලය පානය කර නොමැති බවයි ඉන් අදහස් කරන්නේ.
  • දවසකට කුඩා ප්‍රමාණවලින් ජලය පානය කරනවාට වඩා එක් වරකට ජලය වීදුරුවක් පානය කිරීම ඉතාම වැදගත් වෙනවා. මෙය ඔබගේ හෘදයේ ආතතිය අඩු කරනු ලබන අතර එමගින් ඔබේ ශරීරය ජලය අවශෝෂණය කර ගැනීමට වැඩි කාලයක් ලබා ගන්නවා.
  • දවස පුරා ඔබ වරින් වර ජලය පානය කළ යුතු වෙනවා. ජලය පානය කිරීම සඳහා පිපාසයක් දැනෙන තුරුම ඉන්න ඕනේ නෑ.ඔබට පිපාසයක් දැමීමෙන් අදහස් කරන්නේ ඔබ දැනටමත් සාමාන්‍ය ජල අවශ්‍යතාවය ටත් වඩා අඩු මට්ටමක සිටින බවයි.
  • උණුසුම් කාල වලදී වැඩියෙන් ජලය පානය කරන්න. සීතල දේශගුණය තුළ ජීවත් වන මිනිස්සුන්ට වඩා උණුසුම් දේශගුණ තත්වයන් තුළ ජීවත් වන මිනිසුන් වැඩි ජල පරිමාවක් පානය කළ යුතු වනවා.
  • එක හුස්මට විශාල වතුර ප්‍රමාණයක් බොන්න එපා. ඔබ සෑහීමකට පත්වන විට ජලය පානය කිරීම නැවැත්විය යුතුයි.
  • ඔබගේ ව්‍යායාම් කටයුතු වලින් පසුව වැඩි ප්‍රමාණයක් ජලය පානය කරන්න.
  • කාමර උෂ්ණත්වයේ පවතින ජලය පානය කරන්න. අයිස් වතුර බොන්න හුරු වෙන්න එපා. Cool වතුර බිව්වහම වෙනදේ ගැන දැන ගන්න මෙතන click කරන්න.
  • ඔබ අසනීප තත්ත්වයෙන් සිටින විට වෙනදාට වඩා ජලය පානය කරන්න. විවිධ ආසාදනවලින් වැළකී ඉක්මන් සුවය ලබා ගැනීමට එය උපකාරී වෙනවා. ඔබ විජලනයට පත් වුවහොත් ඔබේ ලෙඩේ දරුණු අතට හැරෙනවා.
  • සෑම විටම පෙරන ලද ජලය පානය කරන්න. ජලය තුළ ඇති අපද්‍රව්‍ය හා විෂ ද්‍රව්‍ය ඉවත් කළ හැකි නිවැරදි ජල පෙරණයක් තෝරාගන්න. වෙළඳපලේ ජල පෙරන වර්ග බොහෝ තිබෙනවා. අප ජීවත් වන පරිසරය සැලකිල්ලට ගනිමින් එයට ගැළපෙන ආකාරයේ ජල පෙරණයක් මිලදී ගන්න.
  • ඔබ ගර්භනී කාන්තාවක් නම් එසේත් නොමැතිනම් කිරි දෙන මවක් නම් වැඩිපුර ජලය පානය කරන්න. සාමාන්‍ය ජනතාව පානය කරනවාට වඩා වැඩි ජල ප්‍රමාණයක් ගර්භනී කාන්තාවන්ට හා කිරිදෙන මව්වරුන්ට අවශ්‍ය බව අධ්‍යයනවලින් සනාථ වී තිබෙනවා.
  • ඔබට පිපාසයක් දැනෙන්නේ නැහැ. නමුත් ඔබගේ තොල් වියළිලා. එයින් අදහස් කරන්නේ ඔබේ ශරීරයට ජලය අවශ්‍ය බව. තොල් වියලීම ශරීරයට ජලය අවශ්‍ය කරන බව පෙන්වන සංඥාවකි.
  • ඔබ ආහාර ගත් විගසම ජලය පානය නොකරන්න. මෙය ඔබගේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය ය ශක්තිය විනාශ කරනවා. වාත රෝග සහ ආම්ලික ගැටළු ඇතිකිරීමට හේතුවක් ද වනවා.
  • මලබද්ධය ඇති පුද්ගලයින් වැඩිපුර ජලය පානය කළ යුතු වෙනවා.
  • ආයුර්වේදයේ සඳහන් වන පරිදි හිටගෙන ජලය පානය කරනවාට වඩා සුදුසු වන්නේ හිඳගෙන ජලය පානය කිරීමය.
  • ඔබ ඖෂධ ලබාගන්නා විට ඒවා ජලය සමඟ ලබාගන්න. සිසිල් බීම හෝ යුෂ වර්ග සමග ඖෂධ වර්ග පානය නොකරන්න. ඖෂධ ශරීරය පුරාම ව්‍යාප්ත කිරීමට ජලය උපකාරී වන නිසා සෑම විටම ඖෂධ ලබාගන්නා විට ජලය සමඟ ම ලබා ගන්න.

Contact DailyLife.lk

or drop an E-Mail to