කොත්තමල්ලි : ඔබේ මුළුතැන්ගෙයි දැකිය හැකි ආශ්චර්යමත් ඖෂධය

කොත්තමල්ලි ඔබේ මුළුතැන්ගෙයින් සොයාගත හැකි ආශ්චර්යමත් ඖෂධයක්. කොත්තමල්ලි ඇට කුළුබඩුවක් ලෙස යොදා ගැනෙනවා. කොත්තමල්ලි කොළද ආහාර රසකාරකයක් හැටියට භාවිතා කරනවා. වියලි කොත්තමල්ලි බීජ දුඹුරු පැහැයෙන් යුක්ත වෙනවා. සමහර රටවල මස් සහ මාළු ඉවීමේදී කොත්තමල්ලි අත්‍යවශ්‍ය අමුද්‍රව්‍යයක් වෙනවා. කොත්තමල්ලි වල ඖෂධීය ගුණාංගයන් බොහොමයක් පවතිනවා. පහත සඳහන් කරුණු ඔබට පෙන්වාදේවි කොත්තමල්ලි ඇයි අපේ ආහාර වේලෙහි අනිවාර්යෙන්ම අඩංගු විය යුත්තේ කියා.

  • ආහාර ජීර්ණය සඳහා උදව් වෙනවා

ආහාර ජීර්ණ පද්ධතියේ ඇතිවන බොහොමයක් ප්‍රශ්න විසඳීම සඳහා විශේෂ හැකියාවක් කොත්තමල්ලි ශාකය සතුව පවතිනවා. කොත්තමල්ලි බැක්ටීරියා නාශකයක්. ශරීරය සිසිල් කිරීමේ හැකියාවක් ද කොත්තමල්ලි වලට තියෙනවා. ඒවගේම දිලීර නාශකයක් ද වෙනවා. කොත්තමල්ලි ඇටවලින් සාදා ගන්නා තෙල් ආමාශයේ ඇතිවන ආබාධ සඳහා හොඳ ප්‍රතිකාරයක්. අක්මාවේ කාර්යන් සහ බඩවැල් වල චලනයන් දියුණු කරනවා.

  • පෝෂණය සපයනවා

කොත්තමල්ලි යකඩ, සින්ක්, මැග්නීසියම්, විටමින් සී සහ කැල්සියම්, පොටෑසියම් වලින් පොහොසත් වෙනවා.

  • සමේ රෝග සුව කරනවා

ඔබව වසංගත රෝගවලින් ආරක්ෂා කිරීමේ හැකියාවක් කොත්තමල්ලි වලට පවතිනවා. ප්‍රතිජීවක, විශාදිය සහ ප්‍රතිඔක්සිකාරක ගුණය නිසාම සමේ ආබාධ සුව කිරීමට උපකාරී වෙනවා.

  • කොලස්ට්‍රෝල් මට්ටම අඩු කරනවා

කොත්තමල්ලි සතුව පවතින වෛද්‍ය ගුණය නිසාම රුධිරයේ කොලස්ට්‍රෝල් මට්ටම අඩු කිරීමට හැකි වෙනවා. මෙහි වැදගත්ම දේ වන්නේ කොත්තමල්ලි LDL අඩු කරන අතර HDL වැඩි කිරීමට කටයුතු කරනවා.

  • ස්වසන හා කැස්ස රෝග ලක්ෂණ අඩු කරයි

සෙම්ප්‍රතිශ්‍යාව හා කැස්ස සඳහා කොත්තමල්ලි ඇට තම්බා පානය කරනවා. උණ අඩු කිරීමටද කොත්තමල්ලි වලට හැකියාවක් තිබෙනවා. කොත්තමල්ලි තැම්බූ වතුර ස්ටීම් කිරීම මගින් සෙම බුරුල් වී ස්වසනය පහසු කරවනවා.

  • ආතරයිටිස් වලට එරෙහිව සටන් කරනවා

ආතරයිටිස් ලොව පුරාම පවතින ගැටළුවක්. ඇඟ සිසිල් කරවන ගුණය කොත්තමල්ලි සතුව පවතින නිසා ආතරයිටිස් වලට එරෙහිව සටන් කිරීමේ හැකියාව කොත්තමල්ලි වල තිබෙනවා.

  • අස්ථි ශක්තිමත් කරයි

කොත්තමල්ලි වල බහුලව කැල්සියම් අඩංගු වෙනවා . ඒ නිසාම අස්ථි පෝෂණය සඳහා අවශ්‍ය කැල්සියම් කොත්තමල්ලි වලින් ලැබෙනවා. අස්ථි වර්ධනය වීම සහ අස්ථි වල ආයුකාලයද මෙමගින් වැඩි වෙනවා. මේ නිසාම ඔස්ටියෝපොරෝසිස් වැනි රෝග තත්වයන් නැති වී යනවා. ඔබ ඔබේ අස්ථි සෞඛ්‍ය පිළිබඳ අවධානය යොමු කරන්නේ නම් සරලවම ඔබේ දිනපතා ආහාර වේල සදහා කොත්තමල්ලි එකතු කරන්න.

  • වෙනත් වාසි:

ඉහත සඳහන් ප්‍රතිලාභ වලට අමතරව කොත්තමල්ලි වලින් බොහෝ ප්‍රතිලාභ තිබෙනවා. කොණ්ඩය වැටීම පාලනය කරනවා. තොල් වල කලු ගතිය මඟහැරී යනවා. කුරුලෑ සහ බ්ලැක් හෙඩ්ස් අඩු කරනවා. සුවදායි නින්දක් ඇති කරනවා. බර අඩු කරගැනීමට ද හැකියාව තිබෙනවා. මානසික ආතතිය අඩු කරනවා.

Contact DailyLife.lk

or drop an E-Mail to