ළගම වෙළද සැලෙන් භාණ්ඩ ගෙදරටම

මේ කොරෝනා කාලේ වැඩිපුර අවධානමක් අරගෙන බඩු හොය හොයා කඩවල් ගානේ යන්න ඕනේ නෑ. ඔයාලාගේ ගෙදරට ළගම තියන වෙළද සැලෙන් ඔයාලට ඕනේ බඩු ටික ඉක්මනින්ම ගෙන්වා ගන්න අවස්ථාවක් තමයි මේ.

DailyLife Market” කියන්නේ මේ කොරෝනා වසංගත කාලේ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින්ට මෙන්ම පාරිභෝගිකයින්ටද උදව් කිරීම සඳහා Dailylife.lk වෙතින් ලබා දෙන විවෘත ඇණවුම් සේවාවක්.

මේ සේවාව තුලින් පාරිභෝගිකයින්ට භාණ්ඩ ඇණවුම් කරන්න හරිම ලේසියි. ඔයාලා මුලින්ම කරන්න ඕනේ ඔයාලා කැමති ළගම වෙළද සැල තෝරා ගන්න එක. ඊළගට ඔයාලාට අවශ්‍ය භාණ්ඩ හා ප්‍රමාණයන් ඇතුලත් කරන්න. එහෙමත් නැත්නම් ඔයාලාට ඔයාලාගේ භාණ්ඩ ලැයිස්තුව ෆොටෝ එකක් අරන් upload කරන්නත් පුළුවන්. ඔයාලාට කරන්න තියෙන්නේ එච්චරයි. DailyLife.lk වෙතින් ඔයාලාගේ ඇණවුම අදාල වෙළද සැල වෙත දැනුම් දෙනවා. ඉන් පසුව භාණ්ඩ ලබා දෙන ආකාරය හා බෙදා හැරීමේ ගාස්තු පිලිබදව දැනුවත් කිරීමට අදාල වෙළද සැල මගින් ඔයලාව සම්භන්ධ කර ගනී.

ඒ වගේම තමයි ඔබ කිසියම් හෝ ව්‍යාපාරයක් පවත්වාගෙන යන කෙනෙක් නම් ඒ ව්‍යාපාරය මෙම සේවාව තුල නොමිලේ ලියාපදිංචි කර ගන්න පුළුවන්. ඒ සඳහා මේ කොරෝනා වසංගත කාලය තුල Dailylife.lk මගින් කිසිම ගාස්තුවක් අය නොකරයි.

Link: dailylife.lk/market

Contact DailyLife.lk

or drop an E-Mail to