ලෝකෙටම වසංගතයක් වී ගෙන එන Tik Tok

Tik Tok කියන්නේ තරුණ පරපුර අතර ඉතාමත් ජනප්‍රිය විනෝදාත්මක app එකක්. මේ දවස් වල Tik Tok පාවිච්චි කරන්නේ නැති තරුණ ළමයෙක් හොයා ගන්නවා කියන්නේ හරිම අමාරු වැඩක්. Tik Tok app එක ලොව පුරා තරුණ පරපුර අතර කොයි තරම් ජනප්‍රිය උනාද කියනවානම් 2019 අවුරුද්දේ වැඩියෙන්ම download වෙලා තියන app එකත් මේ Tik Tok අප්ප එක තමයි.

Tik Tok app එකෙන් අපිට පුළුවන් පොඩි පොඩි වීඩියෝ හදලා upload කරන්න. ඒවාට එන likes සහ views අනුව තමයි කෙනෙක් ජනප්‍රිය වෙන්නේ. මේ app එක කොච්චර ජනප්‍රිය උනත් එන්න එන්නම මේ app එක ගොඩක් රටවල් වලට එපා වේගෙන එන්නේ. ඒකට හේතු ගොඩක් තියනවා.

අධික ලෙස ඇබ්බැහි වීම

Tik Tok app එක දිගටම පාවිච්චි කරනකොට කෙනෙක් මේ app එකට අධික ලෙස ඇබ්බැහි වෙනවා. තමන්ගේ කාලයෙන් වැඩි ප්‍රමාණයක් මේ app එක එක්ක ඉන්න තමයි එයාලා පෙලෙබෙන්නේ. මේ app එක භාවිතා කරන්නේ ඉස්කෝලේ යන වයසේ ඉන්න කෙනෙක් නම් එහෙම මේ හින්දා ඉස්කෝලේ වැඩ සෑහෙන්න අතපසු වෙන්න පුළුවන්. ඒක හින්දා ගොඩ දෙනෙක් කියන්නේ මේ app එක කාලේ කා දමන app එකක් කියලයි.

පෞව්ද්ගලිකතත්වයට හානි වීම

මේ app එක පාවිච්චි කරන්නේ ගොඩක්ම තරුණ වයසේ අවුරුදු 14ත් 24ත් වගේ අතරේ කට්ටිය. මේ අඩු වයසේ කට්ටියට සමාජය ගැන අත්දැකීම් එතරම් ගොඩක් නැති හින්දා සමහර වෙලාවට එයාලා තමන්ගේ පෞව්ද්ගලික ප්‍රශ්න පවා Tik Tok හරහා දැමීමට පෙලබිලා තියනවා. මේ තුලින් ඒ අයගේ පෞව්ද්ගලිකතත්වයට හා පෞව්ර්ශයට දැඩි හානියක් එල්ල වෙනවා

සමාජ සම්මතයෙන් ඔබ්බට ගිය දේවල් පල කිරීම

වැඩිපුර views හා likes ගැනීමේ අරමුණින් සමහර අය සමාජ සම්මතයට පටහැනි දේවල් පවා මේ Tik Tok හරහා පල කරනවා. උදාහරණයක් විදිහට ඇදුම් නැතිව ඇවිදීම, ලිංගික ක්‍රියාකාරකම්, අති භයානක ක්‍රියා වගේ දේවල්. මේ කාරනාව ගොඩක් රටවල් වල සංස්කෘතියට විශාල බලපෑමක් කරනවා.

දත්ත සුරක්ෂිතතාව (Data Privacy)

Tik Tok app එක ඔබේ දුරකතනයට දා ගත්තහම මේ app එක හරහා ඔබේ දුරකතනයේ තියන හැම දෙයක්ම වගේ බලන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ photo, ඇමතුම්, ඉන්න ස්ථානය වගේ හැම දෙයක්ම. Tik Tok app එකේ අයිතිය තියෙන්නේ චීන සමාගමකට. හැම චීන සමාගමක්ම නීතියෙන් බැදිලා ඉන්නවා සියලුම තොරතුරු චීන රජයට ලබා දෙන්න. මේ විදිහට රටවල් වල අති පෞව්ද්ගලික තොරතුරැ රාශියක් වෙනත් රකට රජයට යෑම ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයක් කියලා තමයි ගොඩක් රවලට බලධාරීන් කියන්නේ.

මෙන්න මේ වගේ හේතු ගොඩක් හින්දා සමහර රටවල් වලින් Tik Tok app එක තහනම් කරලා තියෙන්නේ. තවත් සමහර රටවල් app එකේ ratings අඩු කරලා app එක download කරන එක අධර්යමත් කරලා තියවා. ඒක හින්දා අපිත් මේ app එක දා ගන්න කලින් දෙපාරක් හිතමු.

Contact DailyLife.lk

or drop an E-Mail to