ලැප්ටොප් එකක් ගනිද්දී Consider කරන්න ඕනෙ කරුණු

එකමත් එක කාලෙක ලංකාවෙ laptop එකක් තියා desktop computer එකක් උනත් හැමදාම දකින්න නැති සුපිරි භාණ්ඩයක් වෙලා තිබ්බ. Prices ඉතාමත් ඉහලයි වගේම ගන්න ගියාමත් models ගොඩක් තිබ්බෙත් නැහැ.එත් කාලෙත් එක්ක අද වෙද්දී ලැප්ටොප් එකක් jobs කරන, ඉගෙනගන්න ගොඩක් අයගෙ අතේ තියෙන්නම ඕනෙ සාමන්‍ය දෙයක් වෙලා. ඒ වගේමයි ලැප්ටොප් අද වෙනකොට එදා තිබ්බට වඩා දහස් ගුණයකින් වැඩි දියුණු වෙලා. වර්ග ගානකින් market එකේ available. මේ හේතුව නිසාම අද ලැප් එකක් ගන්න අයගෙන් අපිට වැඩිපුරම ලැබෙන ප්‍රශ්නෙ තමයි, “මොකක්ද හොදම ලැප් එක” කියන එක.ඒකට ඉතින් දෙන්න තියෙන්නෙ එකම answer එකයි. ලැප්ටොප් කියන්නෙ Solution එකක්. Solution එක depend වෙන්නෙ ඔයාගෙ problem එක මත. ඒ නිසා හොදම ලැප් එක මේක කියල වර්ග කරනවට වඩා හොදයි ලැප් එකක හොද නරක purchase කරන reason එක, ඔයාගෙ budget එක මත ඒක තීරණය කරන එක. ඔන්න එහෙනම් අපි ඒකට මග පෙන්වීමක් prepare කළා ඔයාලගෙ පහසුවට.

  • ඔයා ඇත්තටම ලැප් එකක් ගන්න හදන්නෙ ඇයි?

Showroom එකකට ගිහිල්ල හිතන්න කලින්, ගෙදරදීම ඔයා ලැප් එකක් ගන්න හදන්නෙ ඇයි කියල ඔයාගෙම reasons පොඩි list එකක් හදන්න. සමහර විට එක web surfing වලට වෙන්න ඇති. නැත්තම් PowerPoint වලින් presentation හදන්න වෙන්න ඇති. Word වලින් letters type කරන්න වෙන්න ඇති. එහෙමත් නැත්තම් HD Films බලන්න, video edit කරන්න හරි photo editing වලට වෙන්න ඇති.

සාමාන්‍යයෙන් internet surfing and Office works වලට ගොඩක් බරපතල, අපි කියන විදියට “power house” type ලැප් එකක් ගන්න සල්ලි නාස්ති කරන්න ඕනෙ නැහැ. සාමන්‍ය ලැප් එකක තියෙන දේවල් වලින් ඔය කියන වැඩ ටික කරගන්න පුළුවන්.එත් අර කිව්ව වගේ heavy usages වලටනම්, ඒ කියන්නෙ video editing and graphic designing වගේ දේවල් වලට, එහෙමත් නැත්තම් ඔයා games ගහනවානම්, ඔයාට වැඩිපුර රුපියල් සත ටිකක් මේ වෙනුවෙන් වැය කරන්න වේවි හොද performance එකක් ගන්න.

ඔයා ලැප් එකක් ගන්න reason එක analyze කරන කරන එක හොද start එකක්.එකෙන් ඔයාගෙ සල්ලි නිරපරාදෙ වැය වෙන එක නවතිනව වගේම, shop එකේ එක්කෙනාට උනත් පුළුවන් හොදම ලැප් එක ඔයාට තෝරගන්න help එකක් දෙන්න.

  • Battery Life

ලැප් එකක් ගන්න main reason එක එහා මෙහා ගෙනයාම නේ. ඉතින් මේ portability එක ගැන කතා කලොත් අනිවාර්යෙන්ම කතා කරන්න වෙනව laptop battery life එක ගැන. එත් ඔයා ලැප් එක ගොඩක්ම use කරන්නෙ ගෙදර table එක උඩයි, office එකේ table එක උඩයි තියාගෙන නම්, ගොඩක් වෙලාවට ඔයාට ලැප් එක charger එකට plug කරල use කරන්න පුළුවන් ඇති.එහෙම නැත්තම් ඔයා ලැප් එක outside හරි long trips යද්දි use කරනවානම් bigger battery backup එකක් තියෙන ලැප් එකක් ගන්න එක සලකා බලන්න. සමහර manufactures ලා extra battery packs free දෙනවා. එහෙම ලැබුනෙ නැත්තම් ඔයාට ඒව separate purchase කරන්න වෙනව බය නැතුව trip එකක් යන්නනම්.

  • Physical Look

මේ කතා කරන්නෙ ලැප් එකේ screen size එක,weight එක වගේම slim ගතිය ගැන. ඒ වගේම ලැප් එකේ හැඩය ගැනත් හිතන්න ඕනෙ. දන්නවනෙ, ගොඩක් බර ලැප් උස්සන් යන්න ගියාම එපා වෙනව. ඒ වගේමයි color එකයි screen size එකයි ගැනත් දෙතුන් පාරක්ම හිතන්න අමතක කරන්න එපා. Screen එකේ quality එක resolution එක. ඒ වගේම Sound එක disk drives සහ USB ports ස්ථාපිත වෙලා තියෙන විදිය හොදට බලන්න. තව කිව්වොත් manufacturer offer කරන අමතර පහසුකම් (E.g. USB3, Fingerprint reader, Rotatable lids) වගේ දේවලුත් හොයල බලන්න.

  • Inside

මේ සමබන්ධයෙන් ඔයාට ලොකු idea එකක් නැත්තම් මේ ගැන හොදට දන්න යාලුවෙක් හරි ඔයා යන shop එකේ sales person ගෙ හරි help එක ගන්න. එයාලට ඔයා ලැප් එක ගන්න purpose එක හරියටම කියන්න. එතකොට එයාල ඔයාට අවශ්‍ය දේ කරගන්න අවශ්‍ය minimum options list කරල දේවි. මතක තියාගන්න මේ දේ කරන්න ඕනෙ ඔයා invest කරන්න ඉන්න budget එකත් ඔලුවෙ තියාගෙන.

  • Brand එක සහ අනෙකුත් දේවල්

සමහර laptop brands ලැප් එක ගනිද්දී special services වගේම free software එයාලගෙ product එකත් එක්ක දෙනව. For e.g. Windows and Office Packages. ගොඩක් වෙලාවට laptop manufacturers ලා laptop bag එකත් package එකටම ඇතුල් කරල එවනව. ගොඩක් වැදගත්ම දේ තමයි warranty period එක සහ ඊට අදාළ conditions. සමහර warranties ලංකාවෙ විතරක් නෙවෙයි internationally accepted. ඒ වගේම මේ manufacturer ගැන පොඩි background search එකකුත් කරන්න. ඒකට ලේසියෙන්ම පුළුවන් previous user reviews කියවල idea එකක් ගන්න. ඔයාට ඕන තරම් laptop review websites හොයාගන්න පුළුවන් google කළාම. එහෙමත් නැත්තම් social media groups, Yahoo Answers වගේ දේවල් යොදාගෙන ඔයාට මේ manufacturer ගෙ product එක use කරද්දී වෙන්නෙ මොනවද, එයාලගෙ service එක කොහොමද වගේ දේවල් හිතාගන්න, මිනිස්සුන්ගෙන් අහගන්න පුළුවන්.එතකොට කලින් use කරපු අය ඔයාට ඔයාගෙ තීරණය හරි කියල කියාවි, නැත්තම් අලුත් අදහස් දේවි.මතක තියාගන්න අද consumer කෙනෙක් විදියට ඔයා හරිම බලවත්. තොරතුරු හොයාගන්න ඕන තරම් ක්‍රම සහ විධි තියෙනව දෙයක් ගන්න කලින්. ඒ දේවල් use කරන්නත් දැනගන්න.

Contact DailyLife.lk

or drop an E-Mail to