ගෙදර ඉදන් සල්ලි හම්බකරමු

Job එකක් නැති එක ගැන ඔයාලාත් ඉන්නේ upset එකේද? එහෙමත් නැත්නම් ගෙදර නිකන් ඉන්න වෙලාවට මොකක් හරි income එකක් එන දෙයක් කරන්න ඔයාලත් කැමතිද? මෙන්න එකට හොඳම විදිහක්.

Freelancing ගැන ඔයාලා ඕනේ තරම් අහලා ඇති. හැබැයි online freelancing කිව්වහම ඒ පැත්තට යොමු වෙන්න සමහර කට්ටිය ටිකක් විතර බයයි. ඒකට main reason එක තමයි තමන් කරන job එකට සල්ලි හම්බ වෙයිද කියලා sure නැති එක. Online freelancing කිසිම බයක් නැතුව හරියට කරන්න ඕනේ නම් මේ විස්තර ටික ඔයාලට ගොඩක් useful වෙයි.

Online freelancing jobs දෙන websites ඕනේ තරම් තියනවා. බැහැයි reliable site එකක් select කර ගන්න එක තමා වැදගත්ම දේ. අද අපි කතා කරන්න යන්නේ ඒ වගේ freelancing site එකක් ගැන. ඒ තමයි oDesk. මේ site එකේ Sri Lankan freelancers ලා ගොඩක් jobs කරනවා.

මුලින්ම ඔයාලාට කරන්න තියෙන්නේ www.odesk.com කියන site එකේ sign up වෙලා profile එකක් create කර ගන්න එක. එකේදී clients ලා attract කර ගන්න විදිහට හොඳ profile එකක් create කර ගන්න ඕනේ. Profile එක create කලාට පස්සේ ඔයාලාට jobs දෙකකට apply කරන්න පුළුවන්. ඊට පස්සේ oDesk readiness test එක pass වෙන්න ඕනේ. oDesk readiness test එක pass උනාට පස්සේ ඔයාලාට jobs පහකට apply කරන්න පුළුවන්. ඊට පස්සේ oDesk එකෙන්ම ඔයාලට තවත් test වගයක් recommend කරනවා. එතනින් test හතරකට වඩා pass උනහම application quota එක 20 දක්වා වැඩි වෙනවා. මේක තමයි ඔයාලාට apply කරන්න පුළුවන් maximum number of jobs ගාන. මේ quota එක දවසට දෙපාරක් refresh වෙනවා. දවස් හතකට වැඩි applications, declined applications, withdrawn applications or client-initiated applications මේ quota එකට ඇතුලත් වෙන්නේ නෑ.

oDesk එකේ එක එක categories වලට අයත් jobs තියනවා. ඒවායින් ඔයාලාගේ qualifications and skills වලට හරි යන jobs වලට apply කරන්න පුළුවන්.

Job එකකට apply කරද්දී බලන්න ඕනේ දේවල් ටිකක් තියනවා. එකක් තමයි client ඉල්ලලා තියන requirements ඔයාලාට තියනවද කියලා. E.g. Client ඉල්ලලා තියන hourly rate එක $3 ට වඩා අඩු නම් ඔයාලාගේ rate එක $4 නම්, ඒ job එකට apply කලාට ඔයලාව select වෙන්නේ නෑ. ඒවාට apply කරන එකෙන් වෙන්නේ ඔයාලාගේ quota එක අඩු වෙන එක විතරයි.

අනිත් දේ තමයි ඔයාලාගේ Client ට හොඳ reviews තියනවද කියල බලන්න ඕනේ. අනිත් very important දේ තමයි client payment method එක verify කරලා තියනවද කියන එක. Client oDesk payments ගොඩක් කරලා, payment method එක verify කරලා තියනවානම් අපිට payment එක ලැබෙන එක ගැන risk එකක් නෑ.

මුලදී ඔයාලා online jobs කරලා නැති හින්දා ඔයාලා apply කරන first job එකටම ඔයාලව select වෙන්නේ නෑ. සමහරවිට ඔයලාව job එකකට select කර ගන්න ඔයාලාට applications 40ක් විතර දාන්න වෙයි. Jobs වලට select වෙන possibility එක වැඩි කර ගන්න ඔයාලා jobs වලට apply කරන කොට හොඳ covering letter එකක් ලියන්න.

Payoneer Card

oDesk එකේ jobs වර්ග 02ක් තියනවා. එකක් hourly rate jobs අනිත් එක fixed rate jobs. Hourly rate jobs කරන කොට time track කරන්න “Time Tracker” එක ඔයාලාගේ machine එකේ install කර ගන්න ඕනේ. ඒක oDesk site එකෙන්ම download කර ගන්න පුළුවන්. ඔයාලාට job එක හම්බ උනාට පස්සේ client ගෙන් හොඳ review එකක් ගන්න පුළුවන් විදිහට හොඳට job එක complete කරන්න. ඔයාලාගේ ratings & reviews හොඳ උනොත් විතරයි ඔයාලව next job එකට select වෙන්නේ.

Job එක කරලා ඉවර උනාට පස්සේ ඊලග very important දේ තමයි ඒ සල්ලි ටික withdraw කර ගන්න එක. “Payoneer” කියන්නේ oDesk වලින් cash withdraw කරන්න තියන very easy and reliable method එකක්. oDesk site එක through “Payoneer” වලට register වෙන්න පුළුවන්. Register උනාට පස්සේ Payoneer එකෙන් ඔයාලාට ATM card එකක් post කරනවා. ඊට පස්සේ oDesk එකෙන් Payoneer එකට money transfer කරලා master card accepted ATM machines වලින් cash withdraw කරන්න පුළුවන්. oDesk එකෙන් card එකට money transfer කරන කොටයි ATM machines වලින් withdraw කරන කොටයි standard charges apply වෙනවා.

ඔයාලාගේ free time එක වැදගත් දෙයකට යොදවන්න මේ details ටික ගොඩක් useful වෙයි කියලා අපි හිතනවා.

Contact DailyLife.lk

or drop an E-Mail to