ලියන කලාවේ අලුත්ම වෙනස

මේ දවස්වල අන්තර්ජාලයේ හරිම ප්‍රසිද්ධ වචනයක් තමයි ChatGPT කියන්නේ. ඔයාලා මේ ගැන මීට කලින් අහලා නැත්නම් එහෙම ඔයාලා හිතනවා ඇති මේ ChatGPT කියන්නේ මොකක්ද? මේකෙන් අපිට මොනවාද කරන්න පුළුවන් කියලා. ඔන්න මම අද මේ ලිපිය ලියා ගත්තේ ChatGPT එකට කියලා. මම ChatGPT එකට උපදෙස් දුන්නේ මට ChatGPT ගැන චේද පහක ලිපියක් ලියලා දෙන්න කියලා. තත්පර කීපයක් ඇතුලත ChatGPT එක මට මේ පහල තියන ලිපිය ලියලා දුන්නා. ඔයාලටත් මේ විදිහට ඕනෙම දෙයක් ගැන විස්තර ලියා ගන්න ඕනේ නම් මේ තියෙන්නේ ලින්ක් එක.“https://chat.openai.com/chat

ChatGPT කියන්නේ OpenAI විසින් හදපු විශාලතම language model එකක්. මේක මුලින්ම ලොවට හදුන්වා දෙන්නේ 2022 නොවැම්බර් මාසයේදී. ChatGPT එකට පුළුවන් අති විශාල දත්ත ප්‍රමාණයක් එකතු කරගෙන එක් පුද්ගලයෙක්ට අවශ්‍ය පරිදි නිමැවුමක් ලබා දෙන්න. මේකේ විශේෂත්වය තමයි මේ විදිහට ලබා දෙන අවසාන නිමැවුම පුද්ගලයෙක් විසින් හිතලා කරන දෙයකට බොහෝ දුරට සමීප වීම.

ඒ වගේම තමයි අපි අසන ප්‍රශ්න ප්‍රශ්ණ වලට, අපිට අවශ්‍ය කරන ලිපි වලට පුද්ගලයෙක් පිළිතුරු දෙන ආකාරයටම පිළිතුරු දෙන්න මේ ChatGPT වලට හැකියාවක් තියනවා. මේ හේතුව නිසාම ගොඩක් රටවල් වල පාසල් හා විශ්වවිද්‍යාල වල මේ ChatGPT පාවිච්චි කිරීම තහනම් කරලා තියනවා. මොකද ළමයි මේ ChatGPT පාවිච්චි කරලා නිබන්දන කලහම ඒ පිළිතුරු ළමයා හිතලා කල දෙයක්ද ChatGPT පාවිචිචි කරලා කල දෙයක්ද කියලා හදුනා ගන්න අමාරුයි. කොහොම උනත් මේ දත්ත වල තියන නිවැරදිභාවය හා අසමසම බව නිසාම අන්තරජාලයේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න, භාෂා පරිවර්තනය කරන්න අතිවිශිෂ්ට හා අනන්‍ය ලිපි ලියන්න ChatGPT භාවිතා කරනවා.

කොච්චර හොඳ නිමවුමක උනත් පොඩි හරි වැරද්දක් සහ අවභාවිතයක් තියෙන්න පුළුවන්. ChatGPT වල තියන ප්‍රධානතම අවභාවිතය තමයි මේකෙන් දෙන පිළිතුරු හා ලිපි මිනිසුන් විසින් පල කරන ලිපි හා අදහස් වලින් වෙන් කරන්න හරිම අමාරු නිසා බොරු ප්‍රවුර්ති හා මතවාද සමාජය තුල හරිම ඉක්මනින් ප්‍රචලිත කරන්න පුළුවන්. ඒ වගේම ChatGPT වල තියන සීමා සහිත බව තමයි ChatGPT මගින් ලිපි හා අදහස් පල කරන්නේ අන්තර්ජාලයේ තියෙන අති විශාල දත්ත ප්‍රමාණයක් භාවිතා කරලා. ඉතින් සමහර වෙලාවට මේ මගින් ලබා දෙන පිළිතුරු හා අදහස් වරදින්න සහ අගතිගාමී වෙන්න පුළුවන්. ඒ නිසා අපිට ChatGPT මත 100% ම විශ්වාශය තබන්න බෑ.

කොහොම උනත් මේ පොඩි පොඩි සීමාකම් ඇරුනහම ChatGPT ලොව පුරා අති සාර්ථක ලෙස විවිධ වැඩ කටයුතු සඳහා යොදා ගන්න හරිම ලොකු සම්භාවිතාවක් තියනවා. උදාහරණයක් විදිහට විවිධ වැඩ කටයුතු සඳහා මිනිස් පිළිතුරැ හා සමානම පිළිතුරක් අන්තර්ජාලය තුලින් ස්වයංක්‍රීයව ලබා දෙන්න ChatGPT යොදා ගන්න පුළුවන්. ඒ වගේම පොත් ලියන්න, කවි ලියන්න, විවිධ ලිපි ලියන්න වගේ දේවල් වලටත් මේක යොදා ගන්න පුළුවන්. තවත් වැඩිදුර කතා කරනවා නම් භාෂා පරිවර්තනය කරන්නත් මේ ChatGPT එකට හැකියාවත් තියනවා. එතකොට කිසිම භාෂාව සම්භන්ද භාධාවකින් තොරව හැම කෙනෙක්ටම අදහස් ප්‍රකාශ කර ගන්න පුළුවන්.

Contact DailyLife.lk

or drop an E-Mail to