උණු උණුවෙම රසට කන්න චොක්ලට් පුඩින් කේක්

බිත්තර කන්නේ නැති අයට රසට කන්න පුළුවන් කේකුයි පුඩිනුයි දෙකම එකට එකතු උන හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන් අතුරුපසක් තමයි මේ තියෙන්නේ.

අවශ්‍ය ද්‍රව්‍ය: චොක්ලට් පුඩින් කේක් එක සඳහා

  • පාන් පිටි - 90g
  • සීනි - 100g
  • කොකෝවා පවුඩර් - 40g
  • බේකින් පවුඩර් - තේ හැඳි 02
  • ලුනු - තේ හැඳි 1/2
  • නැවුම් කිරි - 180ml
  • දිය කර ගත්ත බටර් - 42g
  • වැනිලා - තේ හැඳි 01
  • අවශ්‍ය ද්‍රව්‍ය: චොක්ලට් සෝස් සඳහා

  • දුඹුරු සීනි - 70g
  • සුදු සීනි - 70g
  • කොකෝවා පවුඩර් - 30g
  • උණු වතුර - 300ml
  • අවශ්‍ය ද්‍රව්‍ය: පිළිගැන්වීමට

  • අයිස් ක්‍රීම්
  • සාදන ක්‍රමය:

  • මුලින්ම කේක් බැටර් එක හදා ගන්න පිටියි, සීනියි, කොකෝවා පවුඩර් ටිකයි, බේකින් පවුඩරුයි, ලුනුයි එකට දාලා හොඳට කලවම් කර ගන්න.
  • දැන් මේකට කිරියි, දිය කර ගත්ත බටරුයි, වැනිලා ටිකයි එකතු කර ගන්න.
  • ඊළගට මේ බැටර් එක බටර් ගාගත්ත 8x8x2 in සයිස් තැටියකට දා ගන්න.
  • චොක්ලට් සෝස් එක හදා ගන්න, වෙනමම බෝල් එකක් අරගෙන ඒකට සුදු සීනියි, දුඹුරු සීනියි, කොකෝවා පවුඩර් ටිකයි දාලා කලවම් කර ගන්න.
  • හදා ගත්ත මිශ්‍රණය හෙමින් සැරේ බැටර් එක උඩින් හැම තැනටම දා ගන්න.
  • අන්තිමට බැටර් එක උඩට උණු වතුර ටික හෙමින් සැරේ දාගෙන මේ පුඩින් කේක් එක විනාඩි 25-30 විතර 180C ට ප්‍රී හීට් කර ගත්ත අවන් එකක බේක් කර ගන්න.
  • බේක් කර ගත්තාට පස්සේ විනාඩි 5ක් 10ක් විතර මේක නිමෙන්න තියලා රස බලන්න.
  • මේකේ රස තවත් වැඩි කර ගන්න ඔයාලා කැමතිම වර්ගයකින් අයිස් ක්‍රීම් ටිකකුත් එකතු කර ගන්න.
  • Eggless Chocolate Pudding Cake
    Eggless Chocolate Pudding Cake
    Eggless Chocolate Pudding Cake
    Eggless Chocolate Pudding Cake
    Eggless Chocolate Pudding Cake
    Eggless Chocolate Pudding Cake

    Contact DailyLife.lk

    or drop an E-Mail to