කඩේ රසටම චොක්ලට් ලාවා කේක්

අපි ගොඩ දෙනෙක් ලාවා කේක් වැඩිය ගෙදර හදන්න යන්නේ නෑනේ. හැබැයි ලාවා කේක් ගෙදරදීම හදාගන්න එක අනිත් කේක් එකක් හදනවාටත් වඩා හරිම ලේසියි.

අවශ්‍ය ද්‍රව්‍ය

  • බිත්තර - 03
  • ඩාර්ක් චොක්ලට් - 170g
  • මාගරින් - 110g
  • සීනි - මේස හැඳි 04
  • ලුනු ටිකක්
  • වැනිලා - තේ හැඳි 01
  • පිටි - මේස හැඳි 02
  • මෆින් මෝල්ඩ් - 06

සාදන ක්‍රමය

  • මෆින් මෝල්ඩ් ටිකේ ඇතුල් පැත්තේ බටර් ටිකක් ගාලා ඊළගට පිටි ටිකක් තවරා ගන්න.
  • දැන් මේ මෆින් මෝල්ඩ් ටික බේකින් ට්‍රේ එකකින් තියා ගන්න.
  • චොක්ලට් ටිකයි මාගරින් ටිකයි මද ගින්දරේ දිය කර ගන්න.
  • බිත්තරයි, සීනියි, ලුනුයි එකට දාලා ටිකක් ඝනකම් ගතියට එනකන් කලවම් කර ගන්න.
  • දැන් මේකට පිටි ටිකයි, වැනිලා ටිකයිත් දා ගන්න.
  • පිටි ටික බිත්තරත් එක්ක හොඳට කලවම් උනාට පස්සේ චොක්ලට් මිශ්‍රණය ටික ටික මේකට දදා කලවම් කරන්න.
  • දැන් අපි හදාගත්ත ලාවා කේක් මිශ්‍රණය මොල්ඩ්ස් වලට දාගෙන 200° C ක් උෂ්ණත්වයක් විනාඩි 10ක් විතර බේක් කර ගම්මු.
  • බේක් උනාට පස්සේ ලාවා කේක් ටික මෝල්ඩ් වලින් එලියට අරගෙන රස්නේ තියෙද්දීම පිළිගන්වන්න.
Chocolate Lava Cake with Grapes
Close Up view of Chocolate Lava Cake
Lava Cake with a fork
Chocolate Lava Cakes

Contact DailyLife.lk

or drop an E-Mail to