කැරට් සම්බෝල

අවශ්‍ය ද්‍රව්‍ය:

  • ප්‍රමාණයෙන් ලොකු කැරට් ගෙඩි දෙකක් තුනක්
  • සිහින්ව ලියාගත් අමුමිරිස්
  • කපාගත් රතුළුණු
  • සිහින්ව ගා ගත් පොල්
  • දෙහි යුෂ
  • රස අනුව ලුනු කුඩු
  • තම්බාගත් බිත්තර

සාදන ආකාරය:

  • පොතුහැර ගත් කැරට් හොඳින් සෝදා greater යක් ආධාරයෙන් සිහින්ව ගා ගන්න.( එසේ නොමැතිනම් ඔබට සිහින්ව පිහියකින් කපා ගන්න).
  • අමුමිරිස් සහ රතුලූනු පොඩියට කපා ගන්න.
  • කැරට් මිශ්‍රණයට ගාගත් පොල්, කපාගත් රතු ළූණු සහ අමු මිරිස් එක්කරන්න.
  • දෙහි යුෂ, ගම්බිරිස් කුඩු සහ ලුණු කුඩු රස අනුව යොදන්න.
  • තම්බාගත් බිත්තර දෙකට කපා කැරට් සම්බෝලය සරසා ගන්න.

Contact DailyLife.lk

or drop an E-Mail to