චොක්ලට් චිප් කුකී රසයි බ්‍රව්නි රසයි දෙකම එකට

චොක්ලට් චිප් කුකී රසයි බ්‍රව්නි රසයි දෙකම එකට එකතු උන රසම රස ඩෙසර්ට් එකක් තමයි මේ බ්රූකි පයි එක. නම පොඩ්ඩක් අමුතු උනාට මේක හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන් කෑමක්.

අවශ්‍ය ද්‍රව්‍ය: බ්‍රවුනි මිශ්‍රණය සදහා

  • චොක්ලට් - 90g
  • ලුනු රහිත බටර් - 170g
  • ක්ෂණික කෝපි කුඩු - තේ හැඳි 01
  • සීනි - 200g
  • බිත්තර - 03
  • වැනිලා - තේ හැඳි 01
  • කොකෝවා පවුඩර් - මේස හැඳි 01
  • ලුනු - තේ හැඳි 1/2
  • පාන් පිටි - 95g
  • චොක්ලට් චිප්ස් - 90g
  • අවශ්‍ය ද්‍රව්‍ය: කුකී මිශ්‍රණය සදහා

  • පාන් පිටි - 140g
  • බේකින් සෝඩා - තේ හැඳි 1/2
  • කොර්න් පිටි - තේ හැඳි 01
  • ලුනු - තේ හැඳි 1/2
  • ලුනු රහිත බටර් - 80g
  • දුඹුරු සීනි - 70g
  • සුදු සීනි - 30g
  • ලොකු බිත්තර - 01
  • වැනිලා - තේ හැඳි 01
  • චොක්ලට් චිප්ස් - 100g
  • සාදන ක්‍රමය:

    • බ්‍රවුනි මිශ්‍රණය සාදා ගැනීම සදහා බටර් ටිකයි චොක්ලට් චිප්ස් ටිකයි එකට දාලා දිය කර ගන්න.
    • දිය කර ගත්ත චොක්ලට් ටිකට සීනියි ක්ෂණික කෝපි ටිකයි දාලා කලවම් කරන්න.
    • මේ මිශ්‍රණයට බිත්තර එකින් එක දදා හොඳට කලවම් කරන්න.
    • වැනිලා සහ ලුනු එකතු කරන්න.
    • කොකෝවා පවුඩර් ටිකයි පිටි ටිකයි දා ගන්න.
    • අන්තිමට චොක්ලට් චිප්ස් ටික දාලා කලවම් කරන්න.
    • හදා ගත්ත බ්‍රවුනි මිශ්‍රණය බේකින් පෑන් එකකට දාලා පැත්තකින් තියා ගන්න.
    • කුකී මිශ්‍රණය හදා ගන්න පිටි වලට කොර්න් පිටි ටිකයි, ලුනුයි, බේකින් පවුඩර් ටිකයි දාලා කලවම් කරන්න.
    • වෙනමම බෝල් එකක බටර් ටිකයි සීනි ටිකයි එකට දාලා බීට් කරන්න.
    • බටරුයි සීනියි ක්‍රීම් ගතියට එනකන් බීට් උනාට පස්සේ බිත්තරය එකතු කරන්න.
    • ඊළගට වැනිලා ටික දා ගන්න.
    • පිටි මිශ්‍රණය එකතු කරන්න.
    • අන්තිමට චොක්ලට් චිප්ස් ටික දාලා හොඳට කලවම් කරන්න.
    • හදා ගත්ත කුකී මිශ්‍රණය කලින් හදා ගත්ත බ්‍රවුනි මිශ්‍රණය උඩින් දාලා සමතලා කර ගන්න.
    • දැන් මේක 180C කට ප්‍රී හීට් කරපු අවන් එකක විනාඩි 50-60 විතර බේක් කර ගන්න.
    • බේක් උනාට පස්සේ මේ ඩෙසර්ට් එක විනාඩි 30ක් විතර නිමෙන්න තියලා රස විදින්න.
    Brookie Pie
    Brookie Pie
    Brookie Pie
    Piece of Brookie Pie
    Top view of Brookie Pie
    Piece of Brookie Pie

    Contact DailyLife.lk

    or drop an E-Mail to