හවස තේ වෙලාවට ලස්සන කේක් එකක්

සීබ්‍රා රෝල් කේක් කියන්නෙත් රෝල් කේක් අතරින් හරිම ලස්සන රෝල් කේක් එකක්. ඔයාලට හවස තේ වෙලාවකට වගේ හරිම ලේසියෙන් මේ ලස්සන කේක් එක හදා ගන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය: කේක් බැටර් එක සඳහා

  • පාන් පිටි - 70g
  • කොකෝවා පවුඩර් - 10g
  • කුඩු කර ගත් සීනි - 140g
  • බිත්තර - 04
  • වැනිලා - තේ හැඳි 01
  • බේකින් පවුඩර් - තේ හැඳි 1/2
  • ඉසීමට අයිසින් සීනි
  • ලුනු පිංචක්
  • අවශ්‍ය ද්‍රව්‍ය: පිරවුම සඳහා

  • විපින් ක්‍රීම් - 125ml
  • සීනි - 40g
  • සාදන ක්‍රමය:

  • මුලින්ම බිත්තර සුදු මද වලට ලුනු ටික දාලා හොඳට පීක්ස් එනකන් බීට් කර ගන්න. බීට් කරන අතරතුරේදී සීනි වලින් භාගයක් දා ගන්න.
  • බිත්තර සුදු මද ටික හොඳටම බීට් උනහම ඔයාලා බෝල් එක අනිත් පැත්ත හැරෙව්වහම බිත්තර ටික බිමට වැටෙන්නේ නැතුව බෝල් එකේම හිටිනවා.
  • දැන් වෙනමම බෝල් එකක බිත්තර කහ මද ටිකයි ඉතුරු සීනි ටිකයි දාලා ඒ ටික හොඳට ක්‍රීම් ගතියට එනකන් බීට් කරන්න. කහ මද ටික බීට් කරන අතරතුරේදී වැනිලා ටිකත් දා ගන්න.
  • දැන් කලින් බීට් කර ගත්ත බිත්තර සුදු මද ටික බිත්තර කහ මද ටිකත් එක්ක දාලා හෙමින් සැරේ කලවම් කරන්න.
  • ඊළගට 10x12 ප්‍රමාණයේ බේකින් ට්‍රේ එකක් අරගෙන සුදු මිශ්‍රණයෙන් හා කොකෝවා මිශ්‍රණයෙන් මාරුවෙන් මාරුවට සීබ්‍රා ඉරි ඇඳ ගන්න.
  • ඔක්කොම ඉරි ටික දා ගත්තාට පස්සේ මේ කේක් එක විනාඩි 12-15 විතර 170C ට ප්‍රී හීට් කර ගත්ත අවන් එකක බේක් කර ගන්න.
  • දැන් වෙනමම බේකින් ශීට් එකක් උඩට අයිසින් සීනි ටිකක් ඉහලා බේක් කර ගත්ත කේක් එක ඒකට උඩින් දා ගන්න. කේක් එක බේක් කරන්න දාපු බේකින් ශීට් එක හෙමින් සැරේ ගලවලා අයින් කරන්න.
  • කේක් එක රස්නේ තියෙද්දී බේකින් ශීට් එකත් එක්කම රෝල් කරලා කේක් එක නිමෙනකන් තියලා තියන්න.
  • කේක් එක නිමෙනකන් කේක් එකේ පිරවුම හදා ගන්න. ඒකට විපින් ක්‍රීම් ටික බෝල් එකකට දාලා හොඳට පීක්ස් එනකන් බීට් කර ගන්න. බීට් කරන අතරතුරේදී සීනි ටිකත් දා ගන්න.
  • කේක් එක හොඳටම නිමුනාට පස්සේ කේක් එක අයෙත් දිග ඇරලා හදා ගත්ත විපින් ක්‍රීම් ටික කේක් එක උඩින් හැම තැනටම තවරා ගන්න. දැන් කේක් එක අයෙත් රෝල් කරලා කේක් එක හොඳටම සෙට් වෙනකන් පැයක් විතර ෆ්‍රිජ් එකේ තියන්න.
  • Zebra Roll Cake
    Zebra Roll Cake
    Zebra Roll Cake
    Zebra Roll Cake
    Zebra Roll Cake
    Zebra Roll Cake

    Contact DailyLife.lk

    or drop an E-Mail to