නත්තලට නැතුවම බැරි ලොග් කේක්

නත්තල් ගතිය හිතට දැනෙන්න නත්තල් කෑම මේසෙට ලොග් කේක් එකක් තියනවා තරම් තවත් දෙයක් නැති තරම්. එහෙනම් මේ පාර නත්තලට අපිත් හදමු ලොග් කේක්.

අවශ්‍ය ද්‍රව්‍ය: චොක්ලට් කේක් එක සඳහා

  • බිත්තර - 04
  • සීනි - 100g
  • වැනිලා - තේ හැඳි 01
  • පාන් පිටි - 30g
  • කොකෝවා පවුඩර් - 30g
  • බේකින් පවුඩර් - තේ හැඳි 1/4
  • ලුනු - තේ හැඳි ¼
  • අවශ්‍ය ද්‍රව්‍ය: මැදට දැමීම සඳහා

  • විපින් ක්‍රීම් - 125ml
  • සීනි - 40g
  • අවශ්‍ය ද්‍රව්‍ය: චොක්ලට් කෑලි සඳහා

  • චොක්ලට් - 120g
  • පොඩි චොක්ලට් කෑලි - 40g
  • අවශ්‍ය ද්‍රව්‍ය: උඩට ඉසීම සඳහා

  • අයිසින් සීනි
  • සාදන ක්‍රමය:

  • මුලින්ම බිත්තර සුදු මද ටික හොඳට බීට් කර ගන්න. බිත්තර සුදු මද ටික හොඳට බීට් උනහම සීනි වලින් 50g දාලා තව ටිකක් වෙලා බීට් කරන්න.
  • වෙනමම බෝල් එකක බිත්තර කහ මද ටිකයි ඉතුරු සීනි 50g දාලා ටිකක් ඝනකමට ක්‍රීම් ගතියට එනකන් බීට් කරන්න.
  • දැන් මේකට වැනිලා ටික දා ගන්න.
  • ඊළගට පිටියි, කොකෝවා පවුඩර් ටිකයි, බේකින් පවුඩර් ටිකයි, ලුනුයි එකට දාලා මේ ටික හලලා බිත්තර කහ මද මිශ්‍රණයට දා ගන්න.
  • දැන් මේ කහ මද මිශ්‍රණයට කලින් බීට් කරලා හදා ගත්ත බිත්තර සුදු මද ටික දා ගන්න. බිත්තර සුදු මද ටික දැම්මාට පස්සේ ගොඩක් තදට කලවම් කරන්න එපා.
  • දැන් මේ මිශ්‍රණය 12" x 16" සයිස් එකේ බේකින් ට්‍රේ එකකට දාගෙන හොඳට මිශ්‍රණය සමතලා කර ගන්න. දැන් මේ කේක් එක විනාඩි 10-12 විතර 180C කට ප්‍රී හීට් කරපු අවන් එකක බේක් කර ගන්න.
  • කේක් එක බේක් උනාට පස්සේ දා ගන්න වෙනමම බේකින් ශීට් එකකට අයිසින් සීනි ටිකක් දාලා ලෑස්ති කර ගන්න.
  • බේක් කර ගත්ත කේක් එක කලින් ලෑස්ති කර ගත්ත බේකින් ශීට් උඩට දාලා කේක් එක බේක් කරන්න දාපු බේකින් ශීට් එක ගලවලා අයින් කරන්න.
  • ඊළගට කේක් එක රස්නේ තියෙද්දීම බේකින් ශීට් එකත් එක්කම රෝල් කරලා කේක් එක හොඳටම නිමෙනකන් පැත්තකින් තියලා තියන්න.
  • කේක් එක මැදට දාන මිශ්‍රණය හදා ගන්න විපින් ක්‍රීම් ටික බෝල් එකකට දාලා ඒ ටික හොඳට බීට් කරන්න. විපින් ක්‍රීම් ටික ටිකක් වෙලා බීට් උනාට පස්සේ ඒකට සීනි ටික දා ගෙන තවත් හොඳට බීට් කරන්න.
  • කේක් එක හොඳටම නිමුනාට පස්සේ කේක් එක දිග ඇරලා හදා ගත්ත විපින් ක්‍රීම් ටික කේක් එක උඩින් හැම තැනටම දාලා හොඳට සමතලා කර ගන්න.
  • දැන් ආයෙත් මේ කේක් එක රෝල් කරලා කේක් එක හොඳට සෙට් වෙනකන් පැය 2-3 විතර ෆ්‍රිජ් එකේ තියලා තියන්න.
  • චොක්ලට් කෑලි ටික හදා ගන්න පොඩි බෝල් එකකට චොක්ලට් ටික දාගෙන ඒ ටික දිය කර ගන්න.
  • ඊළගට මේ දිය කරගත්ත චොක්ලට් ටික බේකින් ශීට් එකක් උඩට දාලා හොඳට තුනියට සමතලා කර ගන්න. දැන් මේක බේකින් ශීට් එකත් එක්කම රෝල් කරලා හොඳට සෙට් වෙනකන් විනාඩි 30-40 විතර ෆ්‍රිජ් එකේ තියන්න. චොක්ලට් ටික හොඳටම සෙට් උනාට පස්සේ මේ ටික බේකින් ශීට් එකෙන් ගලවලා අයින් කර ගන්න.
  • ඊළගට මේ චොක්ලට් කෑලි වල දිය කර ගත්ත චොක්ලට් ටිකක් ගාලා කේක් හැම තැනටම අලවා ගන්න. ආයෙත් මේ ඔක්කොම ටික හොඳට සෙට් වෙන්න තවත් ටිකක් වෙලා කේක් එක ෆ්‍රිජ් එකේ තියන්න.
  • දැන් මේ කේක් එක උඩින් හිම වැටිලා වගේ පේන්න අයිසින් සීනි ටිකක් ඉහ ගන්න.
  • Christmas Yule Log Cake
    Christmas Yule Log Cake
    Christmas Yule Log Cake
    Christmas Yule Log Cake
    Christmas Yule Log Cake
    Christmas Yule Log Cake
    Christmas Yule Log Cake

    Contact DailyLife.lk

    or drop an E-Mail to