ගෙදරදීම පිරිසිදුවට යෝගට් හදමු

ගෙදරදීම පිරිසිදුවට යෝගට් ටිකක් හදා ගන්න එක හරිම ලේසියි. ඒකට අපිට ඕනේ කරන්නේ අමුද්‍රව්‍ය තුනක් විතරයි.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • නැවුම් කිරි - 500ml
  • යෝගට් - 45g
  • සීනි - 25g
  • සාදන ක්‍රමය:

    • අඩිය ඝනකම් භාජනයක් අරගෙන ඒකට නැවුම් කිරි ටික දාගන්න. දැන් මේ ටික හොඳට උණු වෙනකන් දිගටම හැඳි ගාන ගමන් මද ගින්දරේ රත් කරන්න.
    • කිරි ටික හොඳට උණු උනාට පස්සේ මේකට සීනි ටික කලවම් කරලා කිරි ටික නිමෙනකන් තියලා තියන්න. ඔයාලා සීනි රහිත යෝගට් එකක් හදනවනම් සීනි දාන්න එපා. මේ කිරි ටික කාමර උෂ්ණත්වයට එනකන් නිමෙන්න තියන්න.
    • කිරි ටික නිමුනහම යෝගට් ටිකට මේ කිරි එකෙන් මේස හැඳි 02ක් විතර දාලා හොඳට දිය කර ගන්න. මේ යෝගට් ටික තමයි අපි මුහුන් විදිහට අර ගන්නේ. දැන් මේ දිය කරගත්ත යෝගට් ටික කිරි එකටම දාලා හොඳට කලවම් කර ගන්න.
    • ඊළගට මේ කිරි ටික පෙරලා කප් එකකට දා ගන්න. දැන් මේ කප් එක වහලා යෝගට් එක සෙට් වෙන්න උණුසුම් තැනක තියලා තියන්න. මේක උණුසුම් වෙන්න තුවායකින් හරි කොට්න් රෙද්දකින් හරි ඔතන්න. ඊළගට අවන් එකක් ඇතුලෙන් හරි කබඩ් එකක් ඇතුලෙන් හරි තියන්න. මතක තියා ගන්න අවන් එක දාන්නේ නැතුව නිකන් තමයි යෝගට් එක අවන් එක ඇතුලෙන් තියන්නේ.
    • යෝගට් එක හොඳට සෙට් වෙන්න පැය 10ක් විතර මේක මේ විදිහට තියන්න ඕනේ. මේ අතරතුරේදී මේක සැරින් සැරේ අරින්න යන්න එපා. එතකොට යෝගට් එක හරියට සෙට් වෙන්නේ නෑ.
    • පැය 10ට විතර පස්සේ යෝගට් එක එලියට අරන් මේක තව ටිකක් හොඳට සෙට් වෙන්න තවත් පැය 05ක් විතර ෆ්‍රිජ් එකේ තියලා තියන්න.
    • දැන් ඔයාලටත් පුළුවන් රසම රස පිරිසිදු යෝගට් එකක් ගෙදරදීම හදා ගන්න.
    Homemade Yoghurt
    Homemade Yoghurt
    Homemade Yoghurt
    Homemade Yoghurt

    Contact DailyLife.lk

    or drop an E-Mail to