දඹළ සම්බෝල

අපි කවුරුත් දන්නව දඹල කියන්නේ ශ්‍රී ලංකාවේ ඉතාමත් ජනප්‍රිය එළවළු වර්ගයක් කියලා. දඹළ අපිට කිහිප ආකාරයකට ම උයා ගන්න පුළුවන්. ඔයාල මීට පෙර කාලා තියෙනවද දඹළ සම්බෝල හදලා. ඒක හරිම රසවත් කෑමක්. රථය විතරක්ම නෙවේ ඉතා ඉහළ පෝෂණ ගුණයකුත් තියෙනවා. ඔයාලත් හදලා බලන්නකෝ රස කොහොමද කියලා.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • දඹල කරල් - 7 - 8 ( ළපටි දඹල මේ සඳහා වඩාත් සුදුසු වේ)
  • ගාගත් පොල්
  • රතු ළූණු
  • අමු මිරිස් කරල් - 01
  • ගම්බිරිස් කුඩු - තේ හැඳි ½
  • රස අනුව ලුනු කුඩු

සාදන ආකාරය:

  • නූල් හැර දඹල සුද්ද කර හොදින් සෝදාගන්න. මේ සඳහා වඩාත් ළපටි දඹල සුදුසු වෙනවා. මෝරපු දඹල තෝරගත්තොත් මේකෙ තියෙන රස අඩු වෙනවා.
  • සිහින්ව දඹල ටික කපා ගන්න.
  • රතු ළූණු , අමු මිරිස් , කුඩාවට කපා ගන්න.
  • බෝල් එකකට දඹල , රතු ළූණු සහ අමු මිරිස් දමා හොඳින් කලවම් කරගන්න.
  • ඉන්පසු ලුණු කුඩු සහ ගම්බිරිස් කුඩු රස අනුව යොදා ගනිමින් හොදින් කලවම් කරන්න.
  • අවසානයේදී ගාගත් පොල් මිශ්‍ර කරන්න. ඔබ අකමැති නම් පොල් භාවිතා නොකර වුනත් දඹල සම්බෝලය හදාගන්න හැකියාව තිබෙනවා.
  • මේ සම්බෝලේ තවත් රස කර ගන්න ඔයාලාට ඕනේ නම් මේකට තක්කාලි ගෙඩියකුයි දෙහි ඇඹුල් ටිකකුයි එකතු කර ගන්නත් පුළුවන්.

Contact DailyLife.lk

or drop an E-Mail to