වයිට් චොක්ලට් මඩ් කේක්

වයිට් චොක්ලට් වලින් පිරුන රසම රස මේ කේක් එක මේ පාර නත්තලට හොදටම ගැළපෙන කේක් එකක්.

අවශ්‍ය ද්‍රව්‍ය: කේක් මිශ්‍රණය සදහා

  • කිරි - 160ml
  • මාගරින් - 60g
  • වයිට් චොක්ලට් - 150g
  • සීනි - 120g
  • පිටි - 220g
  • බේකින් පවුඩර් - තේ හැඳි 1 1/2
  • බිත්තර - 02

අවශ්‍ය ද්‍රව්‍ය: චොක්ලට් මිශ්‍රණය සදහා

  • වයිට් චොක්ලට් - 200g

අවශ්‍ය ද්‍රව්‍ය: හැඩ කිරීම සදහා

  • ස්ප්‍රින්කල්ස්

සාදන ක්‍රමය

  • මුලින්ම කිරියි, මාගරින් ටිකයි, වයිට් චොක්ලට් ටිකයි, සීනියි එකට දාලා අඩු ගින්දරේ දිය කර ගන්න.
  • මේ ඔක්කොම ටික හොඳට දිය උනාට පස්සේ භාජනේ ලිපෙන් අයින් කරලා නිමෙන්න තියන්න.
  • ඊළගට පිටි වලට බේකින් පවුඩර් ටික දාලා හොඳට හලා ගන්න.
  • දැන් මේ පිටි ටිකට චොක්ලට් මිශ්‍රණයයි බිත්තර ටිකයි දාලා හොඳට කලවම් කර ගන්න.
  • දැන් මේ මිශ්‍රණය බේකින් පෑන් එකකට දාලා 180° C ක උෂ්ණත්වයක විනාඩි 30-40 විතර බේක් කර ගන්න.
  • බේක් උනාට පස්සේ ටිකක් වෙලා කේක් එක නිමෙන්න තියලා දිය කර ගත්ත වයිට් චොක්ලට් එක මේකට උඩින් දා ගන්න.
  • දැන් ස්ප්‍රින්කල්ස් ටිකකකුත් දාලා කේක් එක තව ටිකක් ලස්සන කර ගන්න.
White Chocolate Mud Cake
Top view of White Chocolate Mud Cake
White Chocolate Mud Cake
White Chocolate Mud Cake
Close up view of White Chocolate Mud Cake
Piece of Cake

Contact DailyLife.lk

or drop an E-Mail to