වයිට් චොක්ලට් මඩ් කේක්
වයිට් චොක්ලට් වලින් පිරුන රසම රස මේ කේක් එක මේ පාර නත්තලට හොදටම ගැළපෙන කේක් එකක්.
අවශ්‍ය ද්‍රව්‍ය: කේක් මිශ්‍රණය සදහා
- කිරි - 160ml
- මාගරින් - 60g
- වයිට් චොක්ලට් - 150g
- සීනි - 120g
- පිටි - 220g
- බේකින් පවුඩර් - තේ හැඳි 1 1/2
- බිත්තර - 02
අවශ්‍ය ද්‍රව්‍ය: චොක්ලට් මිශ්‍රණය සදහා
- වයිට් චොක්ලට් - 200g
අවශ්‍ය ද්‍රව්‍ය: හැඩ කිරීම සදහා
- ස්ප්‍රින්කල්ස්
සාදන ක්‍රමය
- මුලින්ම කිරියි, මාගරින් ටිකයි, වයිට් චොක්ලට් ටිකයි, සීනියි එකට දාලා අඩු ගින්දරේ දිය කර ගන්න.
- මේ ඔක්කොම ටික හොඳට දිය උනාට පස්සේ භාජනේ ලිපෙන් අයින් කරලා නිමෙන්න තියන්න.
- ඊළගට පිටි වලට බේකින් පවුඩර් ටික දාලා හොඳට හලා ගන්න.
- දැන් මේ පිටි ටිකට චොක්ලට් මිශ්‍රණයයි බිත්තර ටිකයි දාලා හොඳට කලවම් කර ගන්න.
- දැන් මේ මිශ්‍රණය බේකින් පෑන් එකකට දාලා 180° C ක උෂ්ණත්වයක විනාඩි 30-40 විතර බේක් කර ගන්න.
- බේක් උනාට පස්සේ ටිකක් වෙලා කේක් එක නිමෙන්න තියලා දිය කර ගත්ත වයිට් චොක්ලට් එක මේකට උඩින් දා ගන්න.
- දැන් ස්ප්‍රින්කල්ස් ටිකකකුත් දාලා කේක් එක තව ටිකක් ලස්සන කර ගන්න.