රසම රස පාන් ගෙඩියක් ගෙදරදීම හදමු
ගොඩක් අය හිතාගෙන ඉන්නේ ගෙදරදී පාන් හදන එක හරිම අමාරුයි කියලා. ගෙදරදී පාන් හදන්න හරිම ලේසියි. ටිකක් වැඩිපුර වෙලාව තමයි ඕනේ.
අවශ්‍ය ද්‍රව්‍ය:
- පාන් පිටි - 400g
- සීනි - 30g
- ලුනු - තේ හැඳි 01
- මද රස්නේ කිරි - 240ml
- යීස්ට් - මේස හැඳි 01
- බටර් - 45g
- බීට් කර ගත්ත බිත්තර - 01
- පොල් තෙල් - තේ හැඳි 01
සාදන ක්‍රමය:
- පිටි ටිකට ලුනු ටිකයි සීනි 15g කුයි දාලා කලවම් කරන්න.
- ඉතුරු සීනි ටික යීස්ට් ටිකත් එක්ක කලවම් කරන්න.
- දැන් මේ යීස්ට් ටිකට කිරි ටිකකුත් දාලා කලවම් කරන්න.
- ඊළගට මේ යීස්ට් ටිකයි, ඉතුරු කිරි ටිකයි, බිත්තරෙයි, බටර් ටිකයි, පිටි ටිකට දාලා හොඳට කලවම් කරන්න. මේ පාන් එකට බිත්තරයි බටරුයි දාන එක අනිවාර්යම නෑ. බිත්තර බටර් නැතුව උනත් අපිට මේ පාන් එක හදා ගන්න පුළුවන්.
- මේ පිටි ටික අපේ බෝල් එකේ ඇලෙන්නේ නැති ගානට එනකන් හොඳට අතින් කලවම් කරන්න.
- පිටි ටික පදමට ආවාට පස්සේ වෙනමම බෝල් එකක් අරගෙන ඒකට තෙල් ටිකක් දාලා මේ පිටි ටික ඒකට දාගන්න.
- මේ බෝල් එක කවර් කරලා පැයක් විතර පිපෙන්න තියන්න. මේ වෙලාවේදී මේ පිටි ටික දෙගුණයක් වගේ පිපිලා එනවා. ඒක හින්දා මේ පිටි ටික දාන්න ටිකක් ලොකු බෝල් එකක් තෝරා ගන්න.
- දැන් බෝර්ඩ් එකකට පිටි ටිකක් ඉහලා මේ පිපුන ඩෝ එක බෝර්ඩ් එකට දාගන්න.
- ඊළගට මේ පිටි එක හොඳට සමතලා කරන්න. දැන් මේක රෝල් කරලා දාර ටික නීට් කරන්න.
- ආයෙත් මේක ලොෆ් පෑන් එකකට දාලා, තෙත රෙද්දකින් වහලා තවත් පැයක් විතර පිපෙන්න තියන්න.
- දැන් මේ පාන් එක 190° C ක උෂ්ණත්වයක විනාඩි 30ක් විතර බේක් කර ගන්න.
Other kitchen articles

රට ඉදි අළුවා / රට ඉදි ටොෆී
Fri, 17th Mar 2023
ටින් කිරි වලින් චොක්ලට් බ්‍රවුනිස්
Wed, 15th Mar 2023
කන්න කන්න ආසා හිතෙන ෆ්‍රෙන්ච් චොක්ලට් මැකරෝන්ස්
Thu, 2nd Mar 2023
දැක්ක ගමන් කන්න හිතෙන බ්ලැක් ෆොරස්ට් කේක්
Tue, 21st Feb 2023
රසට ගුණට කඩල සැලඩ්
Wed, 8th Feb 2023
බ්ලූබෙරි දාලා හදන රසම කේක් එක
Wed, 18th Jan 2023
උදේකට රෑකට ඉක්මනින් හදා ගන්න දඩි බිඩි කෑමක්
Mon, 9th Jan 2023