කොමඩු ජුස්

මේ දවස් වල තියන රස්නෙත් එක්ක හැමවෙලේම අපිට වතුර තිබහා හැදෙනවනේ. ඒ වෙලාවට බොන්න හොඳම juice එකක් තමයි කොමඩු බීම. කොමඩු බීම හරි එක්මනින් හා පහසුවෙන් හදා ගන්න පුළුවන්. සමහර අය කැමති නෑ කොමඩු නිකන් කන්න. නමුත් මේ විදිහට හදා ගත්ත බීම එකක් නම් කවුරුත් එපා කියන එකක් නෑ. කොමඩු වල රස විතරක් නෙමේ, එකේ ගොඩක් health benefits තියනවා. Fresh watermelon juice එකක් බොන එක අපේ ශරීරයට හරිම හොඳ දෙයක්.

අවශ්‍ය ද්‍රව්‍ය

  • පොතු සහ ඇට ඇර ගත් කොමඩු ගෙඩියක්
  • දෙහි ස්වල්පයක්
  • සීනි හෝ පැණි
  • ලුණු ස්වල්පයක්
  • අයිස් කැට කීපයක්

සාදන ක්‍රමය

  • පොතු සහ ඇට ඇර ගත් කොමඩු කැබලි ටික, දෙහි, සීනි හා ලුණු blender එකකට දමා හොඳින් blender කර ගන්න.
  • ඉන් පසු juice එක glass වලට දමා අයිස් කැට කීපයක් එයට එකතු කර පිළිගන්වන්න.

Contact DailyLife.lk

or drop an E-Mail to