හරි විදිහට රසට වටලප්පන්

වටලප්පන් කිව්වහම අපිට එක පාරටම මතක් වෙන්නේ අපේ මුස්ලිම් යාළුවො ටික. රාමදාන් කාලෙට නැතුවම බැරි කෑමක්නේ වටලප්පන්. ජාති ආගම් බේදයකින් තොරව අපි කවුරුත් කන්න කැමති කෑමක් තමයි වටලප්පන්. මේ රසම රස අතුරුපස ගෙදරදීම හදා ගන්න එක හරිම ලේසියි. වටලප්පන් ක්‍රම කීපයකට හදාගන්න පුළුවන්. මේ තියෙන්නේ ඔරිජිනල් කිතුල් හකුරු වලින් වටලප්පන් හදන විදිහ.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • උකු පොල් කිරි (මිටි කිරි) - 260ml
  • කිතුල් හකුරු - 340g
  • සාමාන්‍ය තරමේ බිත්තර - 05
  • කරාබු නැටි - 07
  • කරදමුංගු - 06
  • කුරුදු පොත්තක්
  • ලුනු - තේ හැඳි 1/4
  • වැනිලා - තේ හැඳි 1/4
  • කජු - 75g

සාදන ක්‍රමය:

  • කරදමුංගු, කරාබු නැටි හා කුරුදු පොත්ත ටිකක් බැදගෙන කුඩු වෙනකන් කොටා ගන්න.
  • හකුරු ටිකත් ග්‍රේට් කර ගන්න. මේ වටලප්පන් එකට හොඳ කිතුල් හකුරු අර ගන්න එතකොට තමා වටලප්පන් එකේ රස වැඩි.
  • ග්‍රේට් කර ගත්ත හකුරු ටික පොල් කිරි ටිකත් එක්ක හොඳට දිය කර ගන්න. පොල් කිරි අර ගන්නිද්දී හොඳ ඝනකම් මිටි කිරි ටිකම අර ගන්න. පොල් කිරි වල වතුර ගතිය වැඩි නම් වටලප්පන් එක ගොඩක් වෙලා ස්ටීම් කරන්න වෙනවා.
  • දැන් බිත්තර ටික විනාඩි 03ක් 05ක් විතර පොඩි පෙන එනකන් අතින් විස්ක් කර ගන්න. මේකට එලෙක්ට්‍රික් බීටර් එකක් ගන්න එපා. එතකොට බිත්තර ටික බීට් වෙලා වැඩි වෙයි.
  • විස්ක් කර ගත්ත බිත්තර ටික හකුරු මිශ්‍රනයටම දා ගන්න.
  • කුඩු කර ගත්ත කරදමුංගු, කරාබු නැටි හා කුරුදු පොතු දා ගන්න.
  • ලුනු සහ වැනිලා එකතු කරන්න.
  • වටලප්පන් මිශ්‍රණය පෙරලා වෙනම බෝල් එකකට දා ගන්න. මේ විදිහට පෙරනකොට මිශ්‍රනයත් එක්ක දිය උනේ නැති පොඩි පොඩි කෑලි අයින් කර ගන්න පුළුවන්.
  • පොඩියට කපා ගත්ත කජු ටික එකතු කරන්න.
  • වටලප්පන් එක හදා ගන්න භාජනය ඇතුල් පැත්තේ බටර් හෝ මාගරින් ටික ගා ගන්න.
  • දැන් මේ භාජනයේ අඩියට ග්‍රේට් කර ගත්ත හකුරු ටිකක් දා ගන්න.
  • වටලප්පන් මිශ්‍රණය මේ භාජනයට දාලා භාජනය ඇලුමිනියම් ෆොයිල් එකකින් කවර් කරලා වටේ හොඳට සීල් කර ගන්න.
  • මේ වටලප්පන් එක පැයක් විතර ස්ටීම් කර ගන්න ඕනේ. ස්ටීම් කරන්න ඕනේ වෙලාව ඔයාලා අර ගන්න භාජනයේ හැටියට වෙනස් වෙනවා. ඔයාලගේ භාජනය ගැබුරු එකක් නම් වෙලා යනවා වැඩි. ඔයාලා අරගෙන තියෙන්නේ පැතලි භාජනයක් නම් ස්ටීම් කරන්න ඕනේ විනාඩි 20ක් 30ක් විතර. ස්ටීම් කරන්නේ නැතුව අවන් එකේ මේ වටලප්පන් එක බේක් කර ගන්නවානම් 180° Cක් උෂ්ණත්වයක විනාඩි 40-45ක් විතර බේක් කරන්න ඕනේ.
  • ස්ටීම් කරලා ඉවර උනාට පස්සේ වටලප්පන් එක මැද්දෙන් ටූත්පික් එකක් හරි පොඩි පිහියක් හරි දාලා බලන්න වටලප්පන් එක ස්ටීම් වෙලා ඇතිද කියලා. ටූත්පික් එකේ වටලප්පන් ගෑවිලා නැත්නම් ස්ටීම් වෙලා ඇති.
  • ස්ටීම් කර ගත්තාට පස්සේ වටලප්පන් එක හොඳටම නිමෙන්න එළියේ තියලා තියන්න.
  • හොඳටම නිමුනාට පස්සේ වටලප්පන් එක හොඳට සෙට් වෙනකන් පැය 02-03 විතර ෆ්‍රිජ් එකේ තියලා තියන්න.
  • හොඳටම වටලප්පන් එක සෙට් උනාට පස්සේ එලියට අරගෙන මෝල්ඩ් එකෙන් අයින් කරලා කජු ටික තියලා ලස්සන කර ගන්න.
Grated Kithul Jaggery
Watalappan after steaming
Watalappan
Sri Lankan Watalappan
Sri Lankan Watalappan
Piece of Watalappan
Piece of Watalappan

Contact DailyLife.lk

or drop an E-Mail to