රස පදමට විබර හදමු
විබර කිව්වහම සමහර අයටනම් මේක ටිකක් අලුත් කෑමක් වෙයි. අපි මේ විබර ටිකක් හදලා බලමු ඔයාලා මේ විබර වලට කැමතිද කියලා.
අවශ්‍ය ද්‍රව්‍ය
සාදන ක්‍රමය
- විබර හදද්දී අපි ඉස්සෙල්ලාම පොඩ්ඩක්වත් කැටි හිටින්නේ නැති වෙන්න දෙතුන් පාරක් හාල් පිටි ටික හොඳට හලා ගන්න ඕනේ.
- ඊළගට මේ හලා ගත්ත හාල් පිටි ටික තාච්චියකට දාලා පොඩ්ඩක් වෙලා බැද ගන්න.
- දැන් පොල් කිරි ටිකට බිත්තරෙයි ලුනුයි දාලා හොඳට කලවම් කරන්න.
- ඊළගට අපි කරන්න ඕනේ බැදගත්ත හාල් පිටි ටිකට පොල් කිරි ටික ටික දදා හොඳට අනා ගන්න එක. මේ පොල් කිරි ටික දාලා අනාගන්න ඕනේ හාල් පිටි වල රස්නේ තියෙද්දීමයි.
- පිටි ටික සොෆ්ට් බෝලයක් වගේ වෙනකන් හොඳට අනා ගන්න.
- දැන් මේ පිටි ටික විබර අච්චුවකට දාලා ලස්සන මල් රටා ටික හදාගන්න.
- අනා ගත්ත පිටි ටික ටිකක් වෙලා තියනකොට වේලෙන්න බලනවා. එතකොට මේ පිටි ටික මල් හදාගන්න බැරුව කැඩෙනවා. ඒ වෙලාවට තව පොල් කිරි පොඩ්ඩක් දාලා අයෙත් පිටි ටික අනාගන්න.
- දැන් මේ හදාගත්ත මල් ටික තෙල් වලට දාලා බැද ගන්න ඕනේ. තද රන්වන් පාට වෙනකන් මේ මල් රටා ටික බදින්න ඕනේ නෑ. ලාවට රන්වන් පාට උනහම ඇති.
- ඔක්කොම රටා ටික බදගත්තාට පස්සේ මේ ටික සුළං වදින්නේ නැති විදිහට අසුරලා දවස් 05ක් 06ක් විතර තියලා තියන්න.
- දවස් 05කට 06ට පස්සේ අපි මේ මල් රටා ටික ආයෙත් බැද ගන්න ඕනේ. දෙවෙනි පාර බැදගත්තට පස්සේ තමයි මේ විබර ටික ලස්සන වෙලා එන්නේ.
- දැන් අපි විබර ටික උඩින් දාන පැණි ටික හදාගන්න ඕනේ. ඒකට සීනියි වතුරයි එකට දාලා සීනි ටික දිය වෙනකන් මද ගින්දරේ කලවම් කරන්න.
- සීනි ටික දිය වේගෙන එනකොට ඔයාලා කැමති පාටකින් කලරින් බින්දු කීපයක් මේකට එකතු කරන්න.
- දැන් මේ පැණි ටික පාඩම එනකන් කලවම් කරන්න.
- හැන්දට පැණි ටිකක් අරන් වක්කලහම කැඩෙන්නේ නැතුව නූලක් වගේ පහලට අදෙනවානම් මේ පැණි ටික පදමට ඇවිත් තියෙන්නේ.
- දැන් අපි බැදගත්ත විබර ටික උඩින් මේ පැණි ටික දාලා ලස්සන කර ගන්න.
- මේ විබර ටික සුළං වදින්නේ නැතුව අසුරා ගත්තහම සතියක් දෙකක් උනත් තියා ගෙන කන්න පුළුවන්.