වැනිලා ස්පොන්ජ් කේක්
හොඳට සොෆ්ට් එකට හිටින්න රසට හදන වැනිලා ස්පොන්ජ් කේක් රෙසිපි එක තමයි මේ.
අවශ්‍ය ද්‍රව්‍ය:
- බිත්තර කහ මද - 05
- බිත්තර සුදු මද - 05
- කිරි - 50ml
- තෙල් - 50ml
- සීනි - 160g
- පාන් පිටි - 160g
- වැනිලා - තේ හැඳි 01
- ලුනු - තේ හැඳි 1/2
- දෙහි යුෂ - තේ හැඳි ½
සාදන ක්‍රමය:
- බිත්තර සුදු මද ටික කහ මද වලින් වෙන් කර ගන්න.
- වෙන් කර ගත්ත බිත්තර සුදු මද ටික ටිකක් වෙලා බීට් කර ගන්න.
- දෙහි යුෂ ටික එකතු කරන්න.
- සීනි ටික ටික දදා බීට් කරන්න.
- බිත්තර තියන බෝල් එක අනිත් පැත්ත හැරව්වහම බීට් කර ගත්ත බිත්තර ටික බිමට වැටෙන්නේ නැතුව බෝල් එකේම ඇලිලා හිටින මට්ටමට එනකන් බීට් කර ගන්න ඕනේ.
- මේ බිත්තර ටිකට බිත්තර කහ මද ටික දාලා හෙමිහිට ෆෝල්ඩ් කර ගන්න.
- පිටි වලට ලුනු ටික දාලා හොඳට කලවම් කරන්න.
- දැන් මේ පිටිත් ටික ටික බිත්තර එකට දාගෙන ෆෝල්ඩ් කර ගන්න.
- පිටි ටික හොඳට කලවම් උනාට පස්සේ තෙල් ටිකයි, වැනිලායි, කිරි ටිකයි දා ගන්න.
- බේකින් ට්‍රේ එක වටේටම පාර්ච්මන්ට් කොලයක් දා ගන්න. මේ කේක් එක බේක් වෙනකොට ටිකක් වැඩිපුර පිම්බිලා එනවා. ඒක හින්දා පාර්ච්මන්ට් කොලය බේකින් ට්‍රේ එකට වඩා ටිකක් උසට දා ගන්න.
- දැන් මේ කේක් එක 150° C ක උෂ්ණත්වයක විනාඩි 30ක් 40ක් විතර බේක් කර ගන්න.
- කේක් නිමෙන්න තියලා රස විදින්න.