බිත්තර නැති වැනිලා කස්ටර්ඩ් කේක්
බිත්තර දාන්නේ නැතුව හදාගන්න මේ වැනිලා කස්ටර්ඩ් කේක් එක බිත්තර කන්නේ නැති ඔයාලට හොඳ අතුරුපසක් වෙයි.
අවශ්‍ය ද්‍රව්‍ය
- උණුසුම් කිරි - 250ml
- වැනිලා කස්ටර්ඩ් පවුඩර් - 60g
- පිටි - 225g
- සීනි - 150g
- බේකින් පවුඩර් - තේ හැඳි 02
- බේකින් සෝඩා - තේ හැඳි 1/2
- තෙල් - කෝප්ප 1/2
- ඩාර්ක් චොක්ලට් - 75g
සාදන ක්‍රමය
- වැනිලා කස්ටර්ඩ් පවුඩර් ටික උණුසුම් කිරිත් එක්ක හොඳින් මිශ්‍ර කරලා පැත්තකින් තියා ගන්න.
- බෝල් එකක අනිත් ද්‍රව්‍ය සියල්ලක්ම එකට දාලා හොඳින් මිශ්‍ර කරන්න. (චොක්ලට් හැර)
- මේ මිශ්‍රණයට දිය කර ගත්ත කස්ටර්ඩ් ටික ටික දදා හොඳට කලවම් කරන්න.
- කලින් සකස් කර ගත්ත බේකින් පෑන් එකකට කේක් මිශ්‍රණය දාගන්න.
- දැන් මේ කේක් එක 180°Cක උෂ්ණත්වයක විනාඩි 30ක් විතර බේක් කර ගන්න.
- කේක් එක බේක් උනාට පස්සේ නිමෙන්න තියලා අනිත් පැත්ත හරවාගන්න.
- චොක්ලට් මිශ්‍රණය කේක් එක උඩින් දා ගන්න.