ගෙදර හදපු ටුවික්ස් බාර්ස්
නත්තලට ලේසියෙන්ම ගෙදරදීම හදා ගන්න පුළුවන් තවත් රසම රස ඩෙසර්ට් එකක් තමයි මේ ටුවික්ස් බාර්ස්.
අවශ්‍ය ද්‍රව්‍ය: ක්‍රස්ට් එක සදහා
- මාගරින් - 120g
- සීනි - 30g
- පාන් පිටි - 160g
- ලුනු - තේ හැඳි ½
අවශ්‍ය ද්‍රව්‍ය: කැරමල් එක සදහා
- ටින් කිරි - 397g
- මාගරින් - 50g
- දුඹුරු සීනි - 50g
- ලුනු - තේ හැඳි 1/4
- වැනිලා - තේ හැඳි 01
අවශ්‍ය ද්‍රව්‍ය: චොක්ලට් ටොපින් සදහා
- චොක්ලට් - 200g
- මාගරින් - 30g
සාදන ක්‍රමය
- මාගරින්, සීනි, ලුනු එකට දාලා ක්‍රීම් ගතියට එනකන් හොඳට කලවම් කර ගන්න. මිශ්‍රණය ක්‍රීම් ගතියට ආවාට පස්සේ මේකට පිටි ටික දාලා කලවම් කර ගන්න.
- පිටි ටික ටිකක් කලවම් උනාට පස්සේ මේ ඩෝ එක තවත් විනාඩි 5ක් විතර හොඳට අතින් කලවම් කර ගන්න.
- දැන් මේක බේකින් පෑන් එකකට දාලා හොඳට තද කර ගන්න. 180° Cක උෂ්ණත්වයක මේක විනාඩි 20ක් බේක් කර ගන්න. බේක් උනාට පස්සේ ටිකක් වෙලා නිමෙන්න තියන්න.
- කැරමල් එක හදා ගන්න, ටින් කිරි ටිකයි, දුඹුරු සීනි ටිකයි, මාගරිනුයි, ලුනුයි භාජනයකට දාලා අඩු ගින්දරේ දිය කර ගන්න.
- දිගටම හැඳි ගාන ගමන් විනාඩි 5ක් විතර කිරි ටික ටිකක් ඝන වෙනකන් උණු කර ගන්න. මේ අතරතුරේදී වැනිලා ටිකත් දා ගන්න.
- දැන් කලින් හදා ගත්ත ක්‍රස්ට් එක උඩින් මේ කිරි ටික දා ගෙන ආයෙත් විනාඩි 12ක් 15ක් විතර 180° Cක උෂ්ණත්වයක බේක් කරන්න. කලින් වගේම බේක් උනාට පස්සේ ටිකක් වෙලා නිමෙන්න තියන්න.
- චොක්ලට් ටොපින් එක හදා ගන්න, චොක්ලට් ටිකයි, මාගරින් ටිකයි එකට දාලා දිය කර ගන්න. දැන් මේ දිය කර ගත්ත චොක්ලට් ටික කැරමල් එක උඩින් දා ගන්න.
- චොක්ලට් ටික හොඳට සෙට් වෙනකන් විනාඩි 30ක් විතර මේක ෆ්‍රිජ් එකේ තියන්න. ඩෙසර්ට් එක හොඳටම සෙට් උනාට පස්සේ රස්නේ පිහියකින් කෑලි වලට කපා ගන්න.