තක්කාලි සෝස්

තක්කාලි සෝස් ටිකක් ලේසියෙන්ම ගෙදරදීම හදා ගන්න පුළුවන් කම තියෙද්දී මොකටද වැඩි ගණන් දීලා සෝස් කඩෙන් ගන්නේ.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • ඉදුනු තක්කාලි - 500g
  • වතුර - කෝප්ප 1/2
  • සීනි - 50g
  • මිරිස් කුඩු - තේ හැඳි 1/2
  • රස පදමට ලුනු
  • සුදු විනාකිරි - 15ml

සාදන ක්‍රමය:

  • තක්කාලි ටික ඔක්කොම තරමක කෑලි වලට කපා ගන්න.
  • දැන් මේ කපා ගත්ත තක්කාලි ටිකයි වතුර ටිකයි භාජනයකට දාලා තක්කාලි ටික මෙලෙක් වෙනකන් මද ගින්දරේ තම්බා ගන්න.
  • තක්කාලි ටික හොඳට මෙලෙක් උනාට පස්සේ තක්කාලි කෑලි ටික විතරක් අරගෙන හොඳට බ්ලෙන්ඩර් කර ගන්න. මේකට ඔයාලා ඉතුරු වතුර ටික දා ගන්න එපා. එතකොට මේකේ වතුර ගතිය වැඩි වෙනවා.
  • ඊළගට හොඳට බ්ලෙන්ඩර් කර ගත්ත තක්කාලි ටික පෙරලා සෝස් එක හදන භාජනයට දා ගන්න.
  • දැන් අපි මේක ලිපේ තියලා අඩු ගින්දරේ රත් කර ගන්න ඕනේ.
  • තක්කලි ටික හොඳට රත් උනහම සීනියි, මිරිස් කුඩුයි, ඔයාලගේ රස පදමට ලුනු ටිකකුයි දා ගන්න.
  • සීනි ටික හොඳට දිය උනාට පස්සේ විනාකිරි ටික දා ගන්න.
  • දැන් අපි මේ ටික හොඳ පදමට එනකන් මද ගින්දරේ රත් කරන්න ඕනේ.
  • සෝස් එක ඝනකම් උනහම සෝස් එක මැද්දේ හැන්දෙන් ඉරක් ඇදලා බලන්න. එතකොට සෝස් ටික ආයෙත් එකතු වෙන්න වෙලා යනවනම් සෝස් එක පදමට ඇවිත් තියෙන්නේ.
  • මේ වෙලාවේදී භාජනේ ලිපෙන් අයින් කරලා සෝස් එක නිමෙන්න තියන්න.
  • අන්තිමටම සෝස් ටික බෝතලේකට දා ගෙන ෆ්‍රිජ් එකේ තියා ගන්න.
  • ඔයාලට මේක සති දෙකක් විතර තියා ගෙන කන්න පුළුවන්.
  • Tomato Sauce
    Tomato Sauce
    Tomato Sauce
    Tomato Sauce
    Tomato Sauce
    Tomato Sauce
    Tomato Sauce
    Tomato Sauce

    Contact DailyLife.lk

    or drop an E-Mail to