ඕනෙම කෑමක් රසට කන්න කූනිස්සෝ තෙම්පරාදුව

කූනිස්සෝ කියන්නේ එක එක කෑම රස කර ගන්න අපි හරියට අර ගන්න දෙයක්නේ. කූනිස්සෝ තනිකරම හදා ගන්නත් විවිධ ක්‍රම තියනවා. මේ තියෙන්නේ රසට සැරට කූනිස්සෝ තෙම්පරදුවක් හදා ගන්න විදිහ

අවශ්‍ය ද්‍රව්‍ය:

  • වියළි කූනිස්සෝ - 100g
  • ලොකු ළුණු - 02
  • කොච්චි - 04-05
  • තක්කාලි - 02
  • සුදු ළුණු බික් - 05-06
  • කහ කුඩු - තේ හැඳි 1/2
  • මිරිස් කුඩු - තේ හැඳි 02
  • කරපිංචා
  • රම්පේ
  • පොල් තෙල් - මේස හැඳි 02
  • කුරුදු කෑල්ලක්
  • ලුනු - තේ හැඳි 01

සාදන ක්‍රමය:

  • මුලින්ම කපා ගත්ත ළුනුයි, ලුනුයි, කෑලි මිරිස් ටිකයි, කහයි, කොච්ච්යි එකට දාලා හොඳට කලවම් කරලා පැත්තකින් තියා ගන්න.
  • ඊළගට තෙල් ටිකක් රත් කරලා ඒකට රම්පෙයි, කරපිංචා ටිකයි, කුරුදුයි, සුදු ළුනුයි දා ගන්න.
  • දැන් කූනිස්සෝ ටික මේ තෙල් එකට දාලා අමු ගතිය යනකන් අඩු ගින්දරේ ටිකක් වෙලා බැද ගන්න.
  • කූනිස්සෝ ටික හොඳට බැදුනහම අපි මේකට කලින් කලවම් කර ගත්ත ළුණු ටික දා ගන්න.
  • දා ගත්ත ළුණු ටික හොඳට තැම්බුනහම ඔයාලගේ රස පදමට ලුනුයි මිරිසුයි ඇතිද බලලා ඊළගට තක්කාලි ටික දා ගන්න.
  • තක්කාලි ටික දාලා විනාඩි 02-03 උයා ගත්තාට පස්සේ මේ කූනිස්සෝ තෙම්පරාදුව ලිපෙන් බා ගන්න.
  • මේ විදිහට ටිකක් සැරට කූනිස්සෝ තෙම්පරාදුවක් හදා ගත්තහම බත් එක්ක විතරක් නෙමේ කිරිබත්, පාන්, ඉදි ආප්ප, ආප්ප වගේ ඕනේම දෙයක් එක්ක රසට කන්න පුළුවන්.
Tempered Dried Shrimps
Tempered Dried Shrimps
Closeup view of Tempered Dried Shrimps
Tempered Dried Shrimps
Tempered Dried Shrimps
Tempered Dried Shrimps

Contact DailyLife.lk

or drop an E-Mail to