හාල් මැස්සෝ එක්ක හදන බතල කරිය

හැමදාම එකම විදිහට හදා ගෙන කන බතල වලට මෙන්න පොඩි වෙනසක්. හාල් මැස්සෝ ටිකක් එහෙම දාලා මේ විදිහට බතල කරියක් හදලා බලන්නකෝ රස කොහොමද කියලා.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • බතල - 650g
  • හාල් මැස්සෝ (සුද්ද කිරීමට පෙර) - 100g
  • අමු මිරිස් - කරල් 05
  • කරපිංචා
  • රම්පේ
  • ලොකු ළුණු - ගෙඩි 1/2
  • කුරුදු පොතු කීපයක්
  • ලුනු - තේ හැඳි 1 1/2
  • තුන පහ කුඩු - තේ හැඳි 02
  • මිරිස් කුඩු - තේ හැඳි 1 1/2
  • කහ කුඩු - තේ හැඳි 1/4
  • උකු පොල් කිරි - කෝප්ප 2 1/2
  • උළු හාල් - තේ හැඳි 1/2
  • තෙල් - මේස හැඳි 1 1/2
  • අඹ ඇට - තේ හැඳි 1/2

සාදන ක්‍රමය:

  • බතල ටිකේ පොත්ත සුද්ද කරලා සෝදලා අරගෙන කෑලි වලට කපා ගන්න. කපා ගත්ත කෑලි ටික කරි එක උයන ඇතිලියටම දා ගන්න.
  • දැන් මේකට කපා ගත්ත අමු මිරිසුයි, රම්පේ කරපිංචා ටිකයි, ලුනු ටිකයි දා ගන්න.
  • කුරුදු පොතුයි, ලුනුයි, තුනපහ කුදුයි, මිරිස් කුදුයි, උළු හාලුයි, කහ කුඩු ටිකයි දා ගන්න.
  • පොල් කිරි ටික දාලා මේ ඔක්කොම ටික හොඳට කලවම් කරන්න.
  • අන්තිමට හාල් මැස්සෝ ටික එකතු කරන්න.
  • දැන් මේ ඇතිලිය ලිපේ තියලා බතල ටික හොඳට තම්බෙනකන් උයා ගන්න. මේ අතරතුරේදී සැරින් සැරේ මේක හැඳි ගාන්න.
  • බතල ටික හොඳට තැම්බුනාට පස්සේ මේ බතල ටික වෙනමම භාජනයකට දා ගන්න.
  • දැන් මේ බතල ටික ටිකක් තෙම්පරාදු කර ගන්න ඕනේ. ඔයාලා වැඩිය තෙල් කන්නේ නැත්නම් තෙල් දාන්නේ නැතුව මේ විදිහට උනත් මේ කරි එක කන්න පුළුවන්.
  • තෙල් ටික රත් උනහම ඒකට කරපිංචා කොළ ටිකකුයි, අඹ ටිකයි දා ගන්න.
  • දැන් මේකට කලින් උයා ගත්ත බතල ටික දාලා හොඳට තෙල් ටිකත් එක්ක කලවම් කරන්න.
  • ඔයාලාත් හැමදාම එකම විදිහට බතල හදන්නේ නැතුව හාල් මැස්සෝ ටිකක් එහෙම දාලා මේ විදිහට බතල ටිකක් හදලා බලන්න.
Sweet Potato Curry
Close up view of Sweet Potato Curry
Sweet Potato Curry with Dried Sprats
Top view of Sweet Potato Curry
Sweet Potato Curry
Sweet Potato Curry

Contact DailyLife.lk

or drop an E-Mail to