බඩ ඉරිඟු තම්බලම කාලා ඇති වෙලාද? එහෙනම් හදලා බලන්න මේ කොර්න් බ්‍රෙඩ් එක

බඩ ඉරිගු තම්බලම කාලා ඇති වෙලා ඉන්න අයට මෙන්න බඩ ඉරිගු වලින් හදා ගන්න පුළුවන් රස කෑමක්.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • බිත්තර - 03
  • සීනි - 135g
  • දිය කර ගත්ත බටර් - 100g
  • වැනිලා - තේ හැඳි 02
  • යෝගට් - 500g
  • කොර්න් මීල් - 180g
  • පාන් පිටි - 40g
  • බේකින් පවුඩර් - 10g
  • රුලං පිටි - 20g
  • උඩට ඉසීම සඳහා සීනි - 30g

සාදන ක්‍රමය:

  • මුලින්ම බිත්තරයි, සීනියි බෝල් එකකට දාලා ඒ ටික හොඳට කලවම් කර ගන්න.
  • බිත්තර ටික හොඳට කලවම් උනාට පස්සේ මේකට දිය කර ගත්ත බටර් ටික දා ගන්න.
  • ඊළගට වැනිලා ටිකයි යෝගට් ටිකයි එකතු කර ගන්න.
  • කොර්න්මීල් ටික ටික දදා හොඳට කලවම් කර ගන්න.
  • දැන් මේකට බේකින් පවුඩර් ටිකත් එක්ක කලවම් කර ගත්ත පිටි ටික දා ගන්න.
  • අන්තිමටම රුලං ටික දාලා කලවම් කර ගෙන මේ බැටර් එක කලින් ලෑස්ති කර ගත්ත අගල් 8 සයිස් එකේ බේකින් ට්‍රේ එකකට දා ගන්න.
  • දැන් මේකට උඩින් සීනි ටිකක් ඉහගෙන මේක විනාඩි 35-40 විතර 180C ට ප්‍රී හීට් කර ගත්ත අවන් එකක බේක් කර ගන්න.
  • හොඳටම බේක් උන කොර්න් බ්‍රෙඩ් එක ටිකක් වෙලා නිමෙන්න තියලා රස බලන්න.
  • Sweet Corn Bread
    Sweet Corn Bread
    Sweet Corn Bread
    Sweet Corn Bread
    Sweet Corn Bread
    Sweet Corn Bread
    Sweet Corn Bread

    Contact DailyLife.lk

    or drop an E-Mail to