ස්ට්‍රෝබෙරි ජෑම්

හැමදාම ජෑම් කඩෙන් ගන්නේ නැතුව අපි අද ස්ට්‍රෝබෙරි ජෑම් ටිකක් ගෙදරදීම හදා ගම්මු.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • ස්ට්‍රෝබෙරි - 500g
  • සීනි - 135g
  • ලෙමන් ජුස් - මේස හැඳි 01

සාදන ක්‍රමය:

  • මුලින්ම හොඳට සෝදලා අරගත්ත ස්ට්‍රෝබෙරි ටිකේ නටුව කොටස අයින් කරලා පොඩි කෑලි වලට කපා ගන්න.
  • දැන් කපා ගත්ත ස්ට්‍රෝබෙරි ටිකට සීනි ටික දාලා හොඳට කලවම් කරලා සීනි ටික දිය වෙනකන් මද ගින්දරේ හැඳි ගාන්න.
  • සීනි ටික දිය උනහම ලෙමන් ජුස් ටික දාලා විනාඩි 5ක් විතර උණු කර ගන්න.
  • ස්ට්‍රෝබෙරි කෑලි ටික හොඳට මෙලෙක් උනාට පස්සේ ස්ට්‍රෝබෙරි කෑලි ටික විතරක් අරගෙන බ්ලෙන්ඩර් කර ගන්න. ඔයාලා මේ ජෑම් එකේ පොඩි කෑලි හැපෙනවට කැමති නම් බ්ලෙන්ඩර් කරන්නේ නැතුව කෑලි ටික හැන්දෙන් පොඩ්ඩක් පොඩි කර ගන්න.
  • දැන් මේ බ්ලෙන්ඩර් කර ගත්ත කෑලි ටික ආයෙත් පෑන් එකට දාලා ජෑම් එක පදමට එනකන් සැරින් සැරේ හැඳි ගාන ගමන් මද ගින්දරේ උණු කරන්න.
  • ජෑම් මිශ්‍රණය ඝනකම් වෙලා හැන්දට ටිකක් බර ගතියක් දැනෙන කොට ජෑම් එකෙන් බින්දු කීපයක් අරන් පීරිසියකට දාන්න. මේ පීරිසිය එහෙට මෙහෙට හරවනකොට ජෑම් ටික වතුර වගේ වක්කෙරෙන්නේ නැතුව එක තැන තියනවා නම් ජෑම් එක පදමට ඇවිත් තියෙන්නේ.
  • මේ වෙලාවේදී ලිප ඔෆ් කරලා ජෑම් එක විනාඩි පහක් විතර තියන්න.
  • ඊළගට ජෑම් ටික ඔයාලා ජීවානුහරණය කර ගත්ත බෝතල් වලට දාලා, හොඳට වහලා, ජෑම් බෝතලේ රෙද්දකින් ඔතලා කළුවර තැනක පැය 24ක් විතර තියලා තියන්න. එතකොට ජෑම් එක හෙමින් සැරේ නිමිලා හොඳට සෙට් වෙනවා.
  • ජෑම් එක සෙට් උනාට පස්සේ ඔයාලට පුළුවන් මේකේ රස බලන්න.
  • Homemade Strawberry Jam
    Homemade Strawberry Jam
    Homemade Strawberry Jam
    Homemade Strawberry Jam
    Homemade Strawberry Jam
    Homemade Strawberry Jam

    Contact DailyLife.lk

    or drop an E-Mail to