ලංකාවේ විදිහට පෑන් කේක්
පෑන් කේක් ගොඩක් රටවල් වල හරිම ජනප්‍රිය කෑමක්. මේ පෑන් කේක් එක එක විදිහට හදා ගන්න පුළුවන්. අපි අද හදන්න යන්නේ ලංකාවේ විදිහට මැද්දට පැණි පොල් දාලා හදන පෑන් කේක් එකක්.
බැටර් එක සදහා අවශ්‍ය ද්‍රව්‍ය:
- පාන් පිටි - 200g
- පොල් කිරි කෝප්ප - 1 1/2
- කහ කුඩු - තේ හැඳි 1/4
- බිත්තර - 01
- රස පදමට ලුනු
පැණි පොල් සදහා අවශ්‍ය ද්‍රව්‍ය:
- ගා ගත්ත පොල් - 100g
- සීනි - 100g
- කොටා ගත්ත කරදමුංගු ටිකක්
- රස පදමට ලුනු
සාදන ක්‍රමය:
- මුලින්ම අපි පැණි පොල් ටික හදා ගම්මු. ඒකට භාජනෙකට සීනි ටිකක් දාලා හොඳට රත් කරන්න.
- සීනි ටික රත් වේගෙන එනකොට මේකට උණු වතුර ටිකක් දාලා කලවම් කරන්න.
- සීනි ටික හොඳට උණු වෙලා පාට වෙලා එනකොට මේකට කොට ගත්ත කරදමුංගු ටිකයි ලුනු ටිකයි දා ගන්න.
- ඊලගට ඉතුරු සීනි ටික දාලා දිය කර ගන්න.
- පැණි ටික හොඳට උණු වෙලා බුබුළු දාගෙන එනකොට පොල් ටික දාලා කලවම් කර ගන්න.
- පොල් වල වතුර ගතිය වගේ යනකම් ලිපේ තියලා ඊට පස්සේ ලිපෙන් අයින් කරලා පැත්තකින් තියා ගන්න.
- දැන් අපි පෑන් කේක් එකේ බැටර් එක හදා ගම්මු. ඒකට මුලින්ම පොල් කිරි ටිකයි, බිත්තරෙයි, ලුනුයි, කහ කුඩු ටිකයි එකට දාලා කලවම් කර ගන්න.
- ඊළගට පිටි ටික දාලා කලවම් කර ගන්න.
- පිටි වල කැට ගතිය යනකන්ම කලවම් කර ගන්න. කලවම් කර ගෙන ඉවර උනාට පස්සේ පිටි කැට වගේ ඉතුරු වෙලා තියනවනම් මේ බැටර් එක හොඳට පෙරලා ගන්න.
- දැන් non-stick පෑන් එකක් අරගෙන ඒකට බැටර් එකෙන් ටිකක් දාලා තුනී රව්මක් වගේ හදා ගන්න.
- පෑන් කේක් එකේ එක පැත්තක් හරි ගියාට පස්සේ අනිත් පැත්ත හරවා ගන්න.
- මේ පෑන් කේක් එක වැඩිය ඝනකමට හදන්නේ නැති හින්දා විනාඩියකටත් වඩා අඩු කාලෙකින් අපිට පෑන් කේක් එකක් හදා ගන්න පුළුවන්.
- ඔක්කොම පෑන් කේක් ටික හදලා ඉවර උනාට පස්සේ මේ පෑන් කේක් මැද්දෙන් පැණි පොල් ටික ටික තියලා රවුම් කර ගන්න.



Other kitchen articles

ඉක්මනින් හදන්න බිත්තර ෆ්‍රයිඩ් රයිස්
Wed, 20th Jan 2021
කඩල මිශ්‍ර අල කරිය
Sun, 10th Jan 2021
අලුත් අවුරුද්දට ඉඹුල් කිරිබත්
Thu, 31st Dec 2020
චොක්ලට් වැනිලා කුකීස්
Thu, 24th Dec 2020
බේක් කරපු ඩෝනට්
Thu, 17th Dec 2020
බ්‍රෝකන් ග්ලාස් ජෙලි පුඩින්
Fri, 11th Dec 2020
නත්තල් කෑම මේසේ ලස්සන වෙන්න රසම රස කේක් එකක්
Fri, 4th Dec 2020