පරිප්පු ව්‍යංජනය

පරිප්පු කරියක් හදා ගන්න එක හරිම පහසුයි. ශ්‍රී ලාංකික ඕනෑම කෙනෙකුට පරිප්පු කරියක් හදා ගන්න පුළුවන්. එහෙත් එහි රස ඒ රහස තියෙන්නේ නියමාකාරයෙන් පරිප්පු කරියක් හැදුවොත් විතරයි. පරිප්පු පාන් ඉදිආප්ප , ආප්ප ඕනෑම කෑමක් එක්ක ආහාරයට ගන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • මයිසූර් පරිප්පු කෝප්ප 01
  • කහ කුඩු තේ හැඳි 01
  • රතු ලූනු ගෙඩි 4 -5
  • මධ්‍යම ප්‍රමාණයේ සිහින්ව කපාගත් තක්කාලි ගෙඩි 01
  • අමු මිරිස් කරල් 02
  • පොල් කිරි ( මිටිකිරි) කෝප්ප 02 හෝ අවශ්‍ය ප්‍රමාණයට
  • ලුණු කුඩු තේ හැඳි 01
  • අබ ඇට තේ හැඳි ½
  • කරපිංචා කොළ කිනිත්තක්
  • සුදු ලූණු බික් 02

සාදන ආකාරය:

  • පරිප්පු සෝදා භාජනයකට දමා ගන්න.
  • අනෙකුත් ද්‍රව්‍යයන් ටික ද එයට එකතු කරන්න
  • පොල් කිරි අවශ්‍ය ප්‍රමාණයට එකතු කරන්න.
  • විනාඩි 10-15 ලිපේ තබා පිසගන්න. වරින් වර හැදි ගාන්නට අමතක කරන්න එපා.
  • පරිප්පු ඇට හොඳින් ඉදුණු පසු ලිපෙන් බා ගන්න.
  • මෙය බත් පාන් ඉඳිආප්ප ආප්ප වැනි දෑ සමඟ ආහාරයට ගන්න.

Contact DailyLife.lk

or drop an E-Mail to