පරිප්පු ව්‍යංජනය
පරිප්පු කරියක් හදා ගන්න එක හරිම පහසුයි. ශ්‍රී ලාංකික ඕනෑම කෙනෙකුට පරිප්පු කරියක් හදා ගන්න පුළුවන්. එහෙත් එහි රස ඒ රහස තියෙන්නේ නියමාකාරයෙන් පරිප්පු කරියක් හැදුවොත් විතරයි. පරිප්පු පාන් ඉදිආප්ප , ආප්ප ඕනෑම කෑමක් එක්ක ආහාරයට ගන්න පුළුවන්.
අවශ්‍ය ද්‍රව්‍ය:
- මයිසූර් පරිප්පු කෝප්ප 01
- කහ කුඩු තේ හැඳි 01
- රතු ලූනු ගෙඩි 4 -5
- මධ්‍යම ප්‍රමාණයේ සිහින්ව කපාගත් තක්කාලි ගෙඩි 01
- අමු මිරිස් කරල් 02
- පොල් කිරි ( මිටිකිරි) කෝප්ප 02 හෝ අවශ්‍ය ප්‍රමාණයට
- ලුණු කුඩු තේ හැඳි 01
- අබ ඇට තේ හැඳි ½
- කරපිංචා කොළ කිනිත්තක්
- සුදු ලූණු බික් 02
සාදන ආකාරය:
- පරිප්පු සෝදා භාජනයකට දමා ගන්න.
- අනෙකුත් ද්‍රව්‍යයන් ටික ද එයට එකතු කරන්න
- පොල් කිරි අවශ්‍ය ප්‍රමාණයට එකතු කරන්න.
- විනාඩි 10-15 ලිපේ තබා පිසගන්න. වරින් වර හැදි ගාන්නට අමතක කරන්න එපා.
- පරිප්පු ඇට හොඳින් ඉදුණු පසු ලිපෙන් බා ගන්න.
- මෙය බත් පාන් ඉඳිආප්ප ආප්ප වැනි දෑ සමඟ ආහාරයට ගන්න.