භූත දවසට මකුළු කේක් එකක්

භූත දවසේ කට්ටියව පුදුම කරවන්නත් එක්ක හදමුද මකුළු දැල් කේක් එකක්.

අවශ්‍ය ද්‍රව්‍ය: කේක් බැටර් එක සඳහා

  • සවර් ක්‍රීම් / යෝගට් - 60ml
  • ලොකු බිත්තර - 02
  • බටර් මිල්ක් - 120ml
  • එළවළු තෙල් / දිය කර ගත්ත බටර් - 90ml
  • වැනිලා - තේ හැඳි 01
  • කෝපි - 175ml
  • පාන් පිටි - 180g
  • සීනි - 270g
  • කොකෝවා පවුඩර් - 25g
  • බේකින් සෝඩා - තේ හැඳි 01
  • බේකින් පවුඩර් - තේ හැඳි 1/2
  • ලුනු - තේ හැඳි ½

අවශ්‍ය ද්‍රව්‍ය : චොක්ලට් මිශ්‍රණය සඳහා

  • චොක්ලට් - 30g
  • විපින් ක්‍රීම් - 15ml
  • ලුනු රහිත බටර් - 170g
  • කොකෝවා පවුඩර් - 25g
  • අයිසින් සීනි - 225g
  • ලුනු - තේ හැඳි ½

අවශ්‍ය ද්‍රව්‍ය : වයිට් චොක්ලට් මිශ්‍රණය සඳහා

  • වයිට් චොක්ලට් - 50g
  • විපින් ක්‍රීම් - 25ml

අවශ්‍ය ද්‍රව්‍ය : මකුළුවා සඳහා

  • ලොකු චොක්ලට් බෝල - 01
  • පොඩි චොක්ලට් බෝල - 01
  • කකුල් සඳහා චොක්ලට් මිශ්‍රණය ටිකක්

සාදන ක්‍රමය:

  • මුලින්ම පිටියි, කොකෝවා පවුඩර් ටිකයි, බේකින් පවුඩර් ටිකයි, බේකින් සෝඩයි, ලුනුයි, සීනියි එකට දාලා කලවම් කරලා පැත්තකින් තියා ගන්න.
  • ඊළගට ටිකක් ලොකු බෝල් එකක් අරගෙන ඒකට බිත්තරයි, දිය කර ගත්ත බටරුයි, යෝගටුයි, වැනිලයි, බටර් මිල්ක් ටිකයි දාලා හොඳට කලවම් කර ගන්න.
  • දැන් මේකට කෝපි ටික දා ගන්න.
  • ඊළගට කලින් කලවම් කර ගත්ත පිටි මිශ්‍රණය මේකට ටිකෙන් ටික දදා කලවම් කර ගන්න.
  • හදා ගත්ත මිශ්‍රණය අගල් 8 x 8 සයිස් එකේ බේකින් ට්‍රේ එකකට දාගෙන විනාඩි 40 - 45 විතර 175C කට ප්‍රී හීට් කර ගත්ත අවන් එකක බේක් කර ගන්න.
  • බේක් කර ගත්ත කේක් එක හොඳටම නිමෙන්න තියන්න.
  • මකුළුවාගේ කකුල් ටික හදා ගන්න, දිය කර ගත්ත චොක්ලට් ටිකකින් බේකින් ශීට් එකක් උඩට පොඩි කකුල් හැඩ ටිකක් දා ගෙන මේ ටික සෙට් වෙනකන් ෆ්‍රිජ් එකේ තියන්න. මේ කකුල් හරිම පොඩි හින්දා කේක් එක සෙට් කරද්දී සමහර වෙලාවට කැඩිලා යනවා. ඒක හින්දා ටිකක් වැඩිපුර කකුල් ටිකක් හදා ගන්න.
  • චොක්ලට් මිශ්‍රණය හදා ගන්න මුලින්ම බටර් ටික හොඳට සොෆ්ට් වෙනකන් බීට් කර ගන්න.
  • දැන් මේකට කොකෝවා පවුඩර් ටිකත් දාගෙන බීට් කරන්න.
  • ඊළගට ලුනු ටිකයි, අයිසින් සීනි ටිකයි දාලා බීට් කරන්න.
  • අන්තිමට විපින් ක්‍රීම් ටික එක්ක දිය කර ගත්ත චොක්ලට් ටික මේකට දාලා හොඳට කලවම් කර ගන්න.
  • මේ හදා ගත්ත චොක්ලට් මිශ්‍රණය කේක් එක උඩින් හැම තැනටම තවරා ගන්න.
  • මකුළු දැල හදා ගන්න මුලින්ම ඔයාලට මකුළු දැල පටන් ගන්න ඕනේ තැන කේක් එකේ මාර්ක් කර ගන්න. වයිට් චොක්ලට් ටික විපින් ක්‍රීම් ටිකත් එක්ක දිය කරලා ඒක පයිපින් බෑග් එකකට දා ගන්න. දැන් කලින් මාර්ක් කර ගත්ත තැනින් පටන් ගෙන කේක් එක උඩ රවුම් හැඩේට ඇද ගන්න.
  • ටුත් පික් එකකින් මකුළු දැලේ මැද ඉදන් එලියට තැනින් තැන ඉරි ඇද ගන්න.
  • ලොකු චොක්ලට් බෝලේ මකුළුවාගේ ඇග විදිහට මකුළු දැල පටන් ගත්ත තැනින් තියා ගන්න. පොඩි චොක්ලට් බෝලේ ඔළුවට තියා ගෙන ඒක උඩින් වයිට් චොක්ලට් වලින් පොඩි ඇස් දෙකක් තියා ගන්න.
  • කලින් හදා ගත්ත කකුල් ටික දෙපැත්තෙන් තියලා මකුළුවා සම්පුර්ණ කර ගන්න.
  • Halloween Spider Web Cake
    Halloween Spider Web Cake
    Halloween Spider Web Cake
    Halloween Spider Web Cake
    Halloween Spider Web Cake

    Contact DailyLife.lk

    or drop an E-Mail to