ස්පැගති එක්ක මීට්බෝල්ස්

තක්කාලි සෝස්, මීට් බෝල්ස් එක්ක හදා ගන්න මේ ස්පැගති එක ඔයාලාට රෑ කෑමකට වගේ නම් නියමෙට ගැලපෙන වෙනස් විදිහේ කෑමක්.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • ඔලිව් තෙල් - මේස හැඳි 03
  • බී ළුණු - ගෙඩි 01
  • සුදු ළුණු - බික් 04
  • තක්කාලි - 400g
  • වතුර - 200ml
  • කරපිංචා
  • කෑලි මිරිස් - තේ හැඳි 01
  • ලුනු - තේ හැඳි 02
  • ගම්මිරිස් කුඩු - තේ හැඳි 1/4
  • සීනි - තේ හැඳි 1-2
  • ස්පැගති - 500g
  • මීට් බෝල්ස් - 15

සාදන ක්‍රමය:

  • මුලින්ම පෑන් එකකට වතුර ටිකක් දාලා රත් කරන්න. වතුර උතුරාගෙන එනකොට ඒකට ලුනු තේ හැඳි 01කුයි ඔලිව් තෙල් වලින් ටිකකුයි දා ගන්න. මේ වතුර එක ලුනු දාපුවහම ස්පැගති වලට හොඳට ලුනු ගතිය අල්ලනවා. ඒ වගේම තමයි තෙල් දාපුවහම ස්පැගති ටික එකට ඇලෙන්නේ නෑ.
  • දැන් මේ වතුර එකට ස්පැගති ටික දාලා තම්බා ගන්න. ස්පැගති ටික හොඳට තැම්බුනහම මේ ටික පෑන් එකෙන් අයින් කරලා වතුර පෙරලා පැත්තකින් තියා ගන්න.
  • ළුණු, සුදු ළුණු, කරපිංචා සහ තක්කාලි ටික පොඩියට කපා ගන්න.
  • දැන් පෑන් එකට තෙල් ටිකක් දාලා ඒ ටික රත් වෙනකොට කපා ගත්ත ළුණු ටික දාන්න.
  • මේ ළුණු ටික විනාඩි 2ක් විතර තෙල් එකේ තියලා ඊළගට සුදු ළුණු ටික දා ගන්න. සුදු ළුණු ටිකත් විනාඩියක් විතර තියලා තක්කාලි ටික දා ගන්න.
  • ඊළගට ලුනුයි, ගම්මිරිස් කුඩුයි, කරපින්චායි, කෑලි මිරිස් ටිකයි, සීනියි එකතු කර ගන්න. මේ ටික කලවම් කරලා විනාඩි 05ක් විතර උයා ගන්න. ඊට පස්සේ වතුර දා ගන්න.
  • වතුර දා ගත්තාට පස්සේ ගින්දර ටිකක් අඩු කරලා පෑන් එක වහලා මේ ටික හෙමින් සැරේ විනාඩි 30ක් විතර උයා ගන්න.
  • ඊළගට මීට් බෝල්ස් ටික දාලා තවත් විනාඩි 15ක් 20ක් විතර උයා ගන්න.
  • අන්තිමට ස්පැගති ටික දාලා මිශ්‍රනයත් එක්ක හොඳට කලවම් කරන්න. ටිකක් රස්නේ තියෙද්දීම පිලි ගන්වන්න.
Spaghetti with Meatballs
Spaghetti with Meatballs
Spaghetti with Meatballs
Spaghetti with Meatballs
Spaghetti with Meatballs

Contact DailyLife.lk

or drop an E-Mail to