දයියා සැරට කටට රසට සෝයා නුඩ්ල්ස්

ඔයාලා මස් මාළු කන්නේ නැති කෙනෙක් නම් එහෙම මෙන්න නියම වෙජිටේරියන් කෑමක්.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • සෝයා මීට් - 45g
  • ලුනු - තේ හැඳි 02
  • මිරිස් කුඩු - තේ හැඳි 02
  • කහ කුඩු - තේ හැඳි 1/2
  • පොල් තෙල් - මේස හැඳි 03
  • ඉඟුරු - අගලක කෑල්ලක්
  • සුදු ළුණු - 05
  • කරපිංචා
  • අමු මිරිස් - 02
  • ලොකු ළුණු - 01
  • ගම්මිරිස් කුඩු - තේ හැඳි 1/2
  • කෑලි මිරිස් - තේ හැඳි 01
  • වතුර - කෝප්ප 1/2
  • ක්ෂණික නුඩ්ල්ස් - 75g
  • සාදන ක්‍රමය:

  • මුලින්ම සෝයා මීට් ටික නටන උණු වතුරට දාලා ටිකක් වෙලා තම්බා ගන්න. සෝයා මීට් ටික තැම්බුනාට පස්සේ වතුර පෙරලා අරගෙන වැඩිපුර වතුර ටික මිරිකලා සෝයා මීට් ටික අර ගන්න.
  • දැන් මේකට ලුනුයි, මිරිස් කුඩුයි, කහ කුඩුයි දාලා හොඳට කලවම් කරලා ගැඹුරු තෙලේ සෝයා මීට් ටික බැද ගන්න.
  • ඊළගට බැදගත්ත සෝයා මීට් ටික තෙල් එකෙන් අයින් කරලා ඒ තෙල් එකටම තලා ගත්ත ඉඟුරු සුදු ළුණු ටික දා ගන්න.
  • ඉඟුරු සුදු ළුණු ටිකක් බැදෙනකොට කරපිංචා ටිකයි අමු මිරිසුයි දා ගන්න.
  • දැන් මේකට කපා ගත්ත ළුණු ටික දා ගන්න.
  • දැන් මේකට කහ කුඩුයි, මිරිස් කුඩුයි, ගම්මිරිස් කුඩුයි, කෑලි මිරිසුයි, රස අනුව ලුනුයි එකතු කර ගන්න.
  • ඊළගට මේකට බදගත්ත සෝයා මීට් ටික දා ගන්න.
  • දැන් මේකට වතුර ටිකක් දාලා විනාඩි 3-4 උයා ගන්න.
  • අන්තිමට නුඩ්ල්ස් පැකට් එක දාලා හොඳට කලවම් කරලා විනාඩි 2-3 විතර උයා ගෙන ලිපෙන් බා ගන්න.
  • Soya Meat Noodles
    Soya Meat Noodles
    Soya Meat Noodles

    Contact DailyLife.lk

    or drop an E-Mail to