දයියා සැරට කටට රසට සෝයා නුඩ්ල්ස් ඔයාලා මස් මාළු කන්නේ නැති කෙනෙක් නම් එහෙම මෙන්න නියම වෙජිටේරියන් කෑමක්. අවශ්‍ය ද්‍රව්‍ය: සෝයා මීට් - 45g ලුනු - තේ හැඳි 02 මිරිස් කුඩු - තේ හැඳි 02 කහ කුඩු - තේ හැඳි 1/2 පොල් තෙල් - මේස හැඳි 03 ඉඟුරු - අගලක කෑල්ලක් සුදු ළුණු - 05 කරපිංචා අමු මිරිස් - 02 ලොකු ළුණු - 01 ගම්මිරිස් කුඩු - තේ හැඳි 1/2 කෑලි මිරිස් - තේ හැඳි 01 වතුර - කෝප්ප 1/2 ක්ෂණික නුඩ්ල්ස් - 75g සාදන ක්‍රමය: මුලින්ම සෝයා මීට් ටික නටන උණු වතුරට දාලා ටිකක් වෙලා තම්බා ගන්න. සෝයා මීට් ටික තැම්බුනාට පස්සේ වතුර පෙරලා අරගෙන වැඩිපුර වතුර ටික මිරිකලා සෝයා මීට් ටික අර ගන්න. දැන් මේකට ලුනුයි, මිරිස් කුඩුයි, කහ කුඩුයි දාලා හොඳට කලවම් කරලා ගැඹුරු තෙලේ සෝයා මීට් ටික බැද ගන්න. ඊළගට බැදගත්ත සෝයා මීට් ටික තෙල් එකෙන් අයින් කරලා ඒ තෙල් එකටම තලා ගත්ත ඉඟුරු සුදු ළුණු ටික දා ගන්න. ඉඟුරු සුදු ළුණු ටිකක් බැදෙනකොට කරපිංචා ටිකයි අමු මිරිසුයි දා ගන්න. දැන් මේකට කපා ගත්ත ළුණු ටික දා ගන්න. දැන් මේකට කහ කුඩුයි, මිරිස් කුඩුයි, ගම්මිරිස් කුඩුයි, කෑලි මිරිසුයි, රස අනුව ලුනුයි එකතු කර ගන්න. ඊළගට මේකට බදගත්ත සෝයා මීට් ටික දා ගන්න. දැන් මේකට වතුර ටිකක් දාලා විනාඩි 3-4 උයා ගන්න. අන්තිමට නුඩ්ල්ස් පැකට් එක දාලා හොඳට කලවම් කරලා විනාඩි 2-3 විතර උයා ගෙන ලිපෙන් බා ගන්න.