නත්තලට ස්නෝ බෝල් කුකීස්

ඔයාලා මීට කලින් ස්නෝ බෝල් කුකීස් හදලා නැත්නම් මේ නත්තල් කාලේ තමයි ඒකට හොඳම වෙලාව. බටර් එක්ක කජු රසට හැපෙන මේ ස්නෝ බෝල් කුකීස් ඔයාලගේ නත්තල් කෑම මේසේ හැඩ කරනවා විතරක් නෙමේ ඔයාලගේ ගෙදරට එන අමුත්තන්වත් පුදුම කරාවි.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • බටර් - 113g
  • සීනි - 30g
  • ලුනු - තේ හැඳි 1/4
  • පාන් පිටි - 125g
  • පොඩියට කපා ගත්ත කජු - 100g
  • අයිසින් සීනි - 100g
  • චොක්ලට් කෑලි කීපයක්

සාදන ක්‍රමය:

  • ඉස්සෙල්ලාම බටර් ටිකයි සීනි ටිකයි හොඳට ක්‍රීම් ගතියට එනකන් බීට් කර ගන්න.
  • ඊළගට ලුනු ටික දාලා බීට් කර ගන්න.
  • පිටි ටික ටික දදා ටිකක් හෙමින් බීට් කර ගන්න.
  • කපා ගත්ත කජු ටික දාලා හොඳට අතින් කලවම් කර ගන්න.
  • දැන් මේ බෝල් එක කවර් කරලා විනාඩි 30ක් විතර ෆ්‍රිජ් එකේ තියන්න.
  • ෆ්‍රිජ් එකෙන් එලියට අර ගත්තට පස්සේ, මේස හැන්දකින් ඩෝ එකෙන් ටිකක් අරගෙන ඒක මැද්දෙන් චොක්ලට් කෑල්ලක් තියලා බෝලයක් වගේ වෙන්න හදා ගන්න.
  • ඔක්කොම බෝල ටික හදා ගෙන ඉවර උනාට පස්සේ මේ ටික විනාඩි 15ක් විතර 180°C (350°F) ක් උෂ්ණත්වයක අවන් එකේ බේක් කර ගන්න.
  • කුකීස් ටික අවන් එකෙන් එලියට අරගෙන විනාඩි 5ක් විතර නිමෙන්න තියන්න.
  • ඊළගට මේ කුකීස් ටික අයිසින් සීනි වල තවරලා අරගෙන හොඳටම නිමෙන්න තියන්න.
  • කුකීස් ටික හොඳටම නිමුනාට පස්සේ සුළං වදින්නේ නැති භාජනයක අසුරා ගන්න.
Snowball Cookies on a Plate
Snowball Cookies on a Leaf
Snowball Cookies

Contact DailyLife.lk

or drop an E-Mail to