ඉක්මනින් හදන් කන්න ශීට් පෑන් කේක්

පෑන් කේක් එකින් එක හදන්න ගියහම ගොඩක් වෙලා යනවනේ. ඔයාලත් මේ විදිහට ශීට් පෑන් හදා ගත්තොත් ඔයාලට ලොකු වෙලාවක් ඉතුරු කර ගන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • පාන් පිටි - 200g
  • නැවුම් කිරි - කෝප්ප 1 1/2
  • බිත්තර - 02
  • රස පදමට ලුනු
  • වැනිලා - තේ හැඳි 01
  • සීනි - 50g
  • ස්ට්‍රෝබෙරි
  • බ්ලූබෙරි
  • චොක්ලට්
  • කෙසෙල්

සාදන ක්‍රමය:

  • මුලින්ම කිරි ටිකයි, බිත්තරයි, ලුනු පොඩ්ඩකුයි එකට දාලා හොඳට කලවම් කර ගන්න.
  • ඊළගට පිටියි සීනියි ටිකෙන් ටික දදා උකු මිශ්‍රණයක් හදා ගන්න. මේ පෑන් කේක් බැටර් එක ඕනෑවට වඩා උකුවටත් නැතුව ගොඩක්ම වතුර ගතියටත් නැතුව හදා ගන්න ඕනේ.
  • අන්තිමට වැනිලා ටිකකුත් දා ගන්න.
  • දැන් මේ බැටර් එකෙන් භාගයක් 8" x 5" සයිස් එකේ ට්‍රේ එකකට දා ගන්න. ඔයාලගේ බැටර් එකේ පිටි කැටි වගේ තියනවනම් එහෙම මේක පෙරලා අර ගන්න. ඉතුරු බැටර් එකත් මේ සයිස් එකේම බැටර් එකකට දා ගන්න.
  • එක ට්‍රේ එකක් උඩින් ස්ට්‍රෝබෙරි ටිකකුයි බ්ලූබෙරි ටිකකුයි දා ගන්න. අනිත් එක උඩින් කෙසෙල් පෙති ටිකකුයි චොක්ලට් කෑලි ටිකකුයි දා ගන්න.
  • දැන් මේක 220C ට ප්‍රී හීට් කර ගත්ත අවන් එකක විනාඩි 10ක් විතර බේක් කර ගන්න.
  • උණු උණුවෙන්ම රස බලන්න.
  • Sheet Pan Cakes
    Sheet Pan Cakes
    Sheet Pan Cakes
    Sheet Pan Cakes
    Sheet Pan Cakes
    Sheet Pan Cakes
    Sheet Pan Cakes

    Contact DailyLife.lk

    or drop an E-Mail to