Shakshuka / Eggs in Tomato Sauce Recipe

අපි මේ කියලා දෙන්න යන කෑම ගැන ඔයාලා වැඩිය අහලා නැතුව ඇති. ඒ තමයි Shakshuka. Shakshuka කියන්නේ middle east වල ගොඩක් ජනප්‍රිය කෑමක්. මේක වැඩිය අහලා පුරුදු නමක් නොවුනට මේ recipe එක අපිටත් හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • බිත්තර – 03
  • තක්කාලි – 200g
  • තක්කාලි සෝස් – 02 tbsp
  • ඔලිව් තෙල් / පොල් තෙල් – 01 tbsp
  • රට ළුණු – 01
  • සුදු ළුණු බික් – 02
  • රතු පාට බෙල් පෙපර් – 01
  • මිරිස් කුඩු – 01 tsp
  • සීනි – 01 tsp
  • කෑලි මිරිස් – 01 tsp
  • ලුනු
  • ගම්මිරිස් කුඩු

සාදන ක්‍රමය:

  • ඉස්සෙල්ලාම තක්කාලි ටිකයි, බෙල් පෙපර් එකයි, ළුණු ගෙඩියයි, සුදු ළුණුයි පොඩියට කපා ගන්න.
  • Frying pan එකකට තෙල් ටිකක් දාලා ඒ තෙල් ටික හොඳට රත් වේගෙන එනකොට ඒකට කපා ගත්ත ළුණු ටික දාන්න.
  • සුදු ළුණු ටිකත් දාලා කලවම් කරන්න.
  • කපා ගත්ත බෙල් පෙපර් ටික දාන්න.
  • තක්කාලි සෝස් ටික දාලා හොඳට කලවම් කර ගන්න.
  • ඊළගට කපා ගත්ත තක්කාලි ටික එකතු කරන්න.
  • මේකට මිරිස් කුඩු, සීනි, ලුනු, කෑලි මිරිස් හා ගම්මිරිස් ටික දාගන්න. ඔයාලාගේ රසේ පදමට මේ දාන දේවල් ටික අඩු වැඩි කර ගන්න පුළුවන්.
  • දැන් මේක වහලා විනාඩි 10-15ක් විතර මේ ටික මද ගින්දරේ උයා ගන්න.
  • මේක මැද පොඩි ඉඩ ටිකක් හදාගෙන බිත්තර ටික කඩලා මේ තැන් වලට දාගන්න.
  • අයෙත් පාරක් මේක වහලා විනාඩි 10-15ක් විතර බිත්තර ටික තැම්බෙනකන් මද ගින්දරේ තියන්න.
  • මේ හදාගත්ත shakshuka dish එක ඔයාලට පාන්, ෆ්‍රයිඩ් රයිස්, නූඩ්ල්ස්, පාස්තා වගේ දේවල් එක්ක try කරලා බලන්න පුළුවන්.
Shakshuka dish
Shakshuka dish with the spoon
Shakshuka dish on a wood board
Shakshuka egg on a dish

Contact DailyLife.lk

or drop an E-Mail to