Shakshuka / Eggs in Tomato Sauce Recipe
අපි මේ කියලා දෙන්න යන කෑම ගැන ඔයාලා වැඩිය අහලා නැතුව ඇති. ඒ තමයි Shakshuka. Shakshuka කියන්නේ middle east වල ගොඩක් ජනප්‍රිය කෑමක්. මේක වැඩිය අහලා පුරුදු නමක් නොවුනට මේ recipe එක අපිටත් හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන්.
අවශ්‍ය ද්‍රව්‍ය:
- බිත්තර – 03
- තක්කාලි – 200g
- තක්කාලි සෝස් – 02 tbsp
- ඔලිව් තෙල් / පොල් තෙල් – 01 tbsp
- රට ළුණු – 01
- සුදු ළුණු බික් – 02
- රතු පාට බෙල් පෙපර් – 01
- මිරිස් කුඩු – 01 tsp
- සීනි – 01 tsp
- කෑලි මිරිස් – 01 tsp
- ලුනු
- ගම්මිරිස් කුඩු
සාදන ක්‍රමය:
- ඉස්සෙල්ලාම තක්කාලි ටිකයි, බෙල් පෙපර් එකයි, ළුණු ගෙඩියයි, සුදු ළුණුයි පොඩියට කපා ගන්න.
- Frying pan එකකට තෙල් ටිකක් දාලා ඒ තෙල් ටික හොඳට රත් වේගෙන එනකොට ඒකට කපා ගත්ත ළුණු ටික දාන්න.
- සුදු ළුණු ටිකත් දාලා කලවම් කරන්න.
- කපා ගත්ත බෙල් පෙපර් ටික දාන්න.
- තක්කාලි සෝස් ටික දාලා හොඳට කලවම් කර ගන්න.
- ඊළගට කපා ගත්ත තක්කාලි ටික එකතු කරන්න.
- මේකට මිරිස් කුඩු, සීනි, ලුනු, කෑලි මිරිස් හා ගම්මිරිස් ටික දාගන්න. ඔයාලාගේ රසේ පදමට මේ දාන දේවල් ටික අඩු වැඩි කර ගන්න පුළුවන්.
- දැන් මේක වහලා විනාඩි 10-15ක් විතර මේ ටික මද ගින්දරේ උයා ගන්න.
- මේක මැද පොඩි ඉඩ ටිකක් හදාගෙන බිත්තර ටික කඩලා මේ තැන් වලට දාගන්න.
- අයෙත් පාරක් මේක වහලා විනාඩි 10-15ක් විතර බිත්තර ටික තැම්බෙනකන් මද ගින්දරේ තියන්න.
- මේ හදාගත්ත shakshuka dish එක ඔයාලට පාන්, ෆ්‍රයිඩ් රයිස්, නූඩ්ල්ස්, පාස්තා වගේ දේවල් එක්ක try කරලා බලන්න පුළුවන්.